නගර ශාලව / ඕලන්ද කෞතුකාගාරය - කොලඹ   |   වැප් | 2012-04-17 11:09:55.000001
සුපුරුදු පරිදි තවත් එක් සිංහල අවුරුද්දක් ගෙවී ගියේය.රැකියාව බලා පිටත්ව යා යුතුය. නිරතුරුවම පරිගනයක හා ඔට්ටු වෙමින් ගෙවි ගිය කාලයට මද විරාමයක් තබමින් නිදහසේ කොළඹ නගර තුල ඇවිදීමට මහඟු අවස්තාවක් ලද මොහොතේ, අපේ වානිජ නගරයේ ඓතිහාසික තැන් සොයා යාමේ උනන්දුවක් මට හා මගේ මිත්‍රයාට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස නව අවුරුදු උදාවට පසු ඒ සඳහා දින නියම කරගතිමු. අව්රුදු උදාවට කලියෙන් ඒ තැන් පිහිටි ස්තාන හා යායුතු තැන් ගැන විපරම් කල පෙර සූදානමක් ලබාගත්තේ පහසුවෙන් ඉලක්ක සපුරා ගැනිමටය. ඒ අනුව කොලඹ පැරණි නගර ශාලව හා ඕලන්ද කෞතුකාගාරය අපේ පොරොත්තු ලේඛනයේ මුලටම ගැනින. තද කාෂ්ටක අව්වේ සෙනග අතරින් ඒ පුරාණ ස්ථාන කරා ගියෙමු. බැලූ බැල්මට ජනාකිර්ණ බැවින් මෙවැනි ස්ථානයක් තිබේ දෝයි නිකටමවත් නොසිතෙන තරමට පෙට්ටි කඩ හෙවත් විදි වෙළඳාම සරුවට වන බව පහත රූප සටහන් මොනවට පිළීඹිබු කරනු ඇත.කොළඹ පැරණි නගර ශාලව - Colombo Old Town Hall buildingගෑස්පහ හන්දිය අසල පිහිටා ඇති මෙම පෞරාණික ගොඩනැගිල්ල කලකට ඉහතදී පිළිසකර කර අති බවක් පෙනුනද වර්ථමානයේ ජරා ගොඩකි. හිඟන්නන්ගේ හා කුඩු කාරයින්ගේ රජ දහනකි. ඕනෑම අයෙකුට අනවසරයේ ඇතුල් විය හැකි මෙම ගොඩ නැගිල්ල මහල් දෙකකින් සමන්විතය. ඉහළ මලය තුල රැස්විම් ශාලාවක් ඇත. අද පවා කුඩා රැස්විම් සඳහා වෙන් කර ගත හැක. මිනිස් රූප ප්‍රමානයටම කල අයුරු විදහා දක්වන, වට මේස සාකච්චාවක පසෙකින් නිර්මාණය කර ඇත. පහත මාලයේ එක් කොටසක් දැනට ගිනිනිවන හමුදාවේ ප්‍රයෝජනයට ගෙන ඇති අතර පිවිසුමෙන් දකුණු පස පැරණි රථවාහන හා උපකරණ සඳහා වෙන් කර ඇත. හිඟන්නාගේ වතුර බෝතල් ඇඳුම් කඩමාලු වලට ආරක්ෂාව සපයන්නේ මෙම පැරණි වාහනයි. පාලුවට කාන්සියට නිදා ගැනිමට ගන්නේද මෙම කොටසයි. පහත රූපය හොඳින් බලන්න.නගර ශාලාවේ වැඩිදුර පින්තූර සඳහා මාගේ බුකිය බලන්න :DDD https://www.facebook.com/media/set/?set=a.3700694998933.2167367.1322169573&type=1කොළඹ ඕලන්ද කෞතුකාගාරය - Colombo Dutch Museum කොළඹ පිටකොටුව දෙවන හරස් විදීයේ කුමාර විදීයේ පිහිටා ඇති මෙම ගොඩ නැගිල්ල බැලු බැල්මට සමාන්‍ය ගොඩනැගිල්ලකි.රුපියල් 20 ක අතුල්වීමේ අවසර පතකුත් [ විදේශිකයන් සඳහා ඉහළ මිළ ගනන් සඳහන් වී තිබුණි ] ඡායාරූප ගැනිම සඳහා රු 250 ක මුදුලකුත් ගෙවිය යුතුය. මහල් දෙකකින් සමන්විත ප්‍රධාන ගොඩනැගල්ලේ ඉහල මාලය වම් පස විශාල කාමරය පෞරාණික ඇඳන් පුටු පෙට්ටගම් කාසි ආදියටත් දකුනු පස කාමරය ලියකියවිලි සඳහාත් වෙන් වී තිබුණි. එහි වැදගත්ම දෙය නම් ශ්‍රි ලංකාවේ මුද්‍රණය කළමුල් පොතෙහි ඡායා පිටපතක් තිබිමයි. ඊට අමතරව රාජකීය ලිපි හුවමාරු හා ආන්ඩුකාරවරුන්ගේ ලිපිද දක්නට තිබුණි. පහත මාලය තුල ඉතිහාස කරුණු ගෙන හැර පෑම නැව් වල ආකෘති හා පාලන පෙදෙස් විදහා දැක්වා තැබිමට යොදා ගෙන තිබුණි. මැද මිදුවල් සහිත U හැඩැති මෙම ගොඩ නැගිල්ලේ ඉතිහාසය සඳහන් වී තිබුණේ පහත අයුරුනි"17 වැනි සියවසේ අග භාගයේ (1692 - 1696) ඕලන්ද ආණ්‌ඩුකාර තෝමස්‌ වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (V.O.C සමාගම) වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක්‌ හා දෙව්සත්හලක්‌ ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්‌ම (1796 දක්‌වා) පවත්වා ගෙන ගොස්‌ ඇත. අනතුරුව බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙම ගොඩනැඟිල්ල හමුදා රෝහලක්‌, යුධායුධ ගබඩාවක්‌, පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුලි සන්දේශ මධ්‍යස්‌ථානයේ කොටසක්‌ ලෙස ද මෙම ගොඩනැඟිල්ල පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ "යුග කෞතුකාගාරයක්‌" වශයෙන් හා එළිමහන් කෞතුකාගාරයක්‌ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. "උපුටා ගැනිම - දිවයින http://www.divaina.com/2011/02/13/siya07.htmlU අකුරු හැඩැති ගොඩ නැගිල්ලේ පහත මාලයේ පිවිසුමෙන් දකුනු පස තීරු කොටස් දෙකේ එක් පැත්තක් වර්තාමනයේ රාජකාරි කාමර ලෙස යොදා ගනි. අනෙක් තීරුවෙහි දක්නට ඇත්තේ පැරණි භාන්ඩ හා සොහොන් ස්මාරකයි. වැඩි දුර ෙතාරතුරු ඉහත දිවයින බැඳිය හරහා  ෙගාස් කියවන්න මන්ද යත් එකම තොරතුර ලිවිමට මට කම්මැලිය :DDDවැප්   ...   වැඩිදුර >>

බැංකු , අලුත් අවුරුද්ද සහ වෙනත් කතා   |   වැප් | 2012-04-13 11:58:54.000004
ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.වෙනත් කතාව නම් මගේ මොළ ගෙඩියට කම්පනා වූ අමු පට්ට සිතුවිල්ලකි. බැංකු නඩත්තු කරන්නේ අපිය. සල්ලි දමන්නේ අපිය. ඉතින් අපිට ඒවහි තිරණ වලට බලපෑම් කරන්නට නොහැක්කේ මන්ද. එක එක කාලවල් වලට එක එක වැඩ සඳහා බැංකු අනුග්‍රහකත්වය දක්වයි. දෙයියනේ මේවා කෝටි ගනං සල්ලිය. අපිට තුට්ටු දෙකේ පොළියක් දී නිකරුනේ සල්ලි නාස්ති කරයි. අපේ සල්ලි වලින් උන්ට ඕන තිරණ ගනියි. මං අහන්නේ නිකමටවත් අපිට යෝජනවාක් ඉදිරිපත් කරන්නට බැරිද? අඩු තරමේ අපේ දෙයකට ස්පොන්සර් සිප් එකක් ගන්නට බැරිද. අපේ සල්ලි ටික උන් ලඟ දමා උන්ට ඕනා දේවල් වලට ඒවා වියදම් කරන හැටි අපි දැක බලා (දුක්) සතුටු වෙමු. හැමදාම මේවා බලා සිටය හැකිද. අපේ අයිතිය අපි ලබාගන්නේ කෙසේද? අදම බැංකුවෙන් සල්ලිට ටික උස්සන් එන්න හිතෙන්නේ මේ විටය. කරුමයක මහත වෙන එකෙක් මට උඩින් සල්ලි දමා ඇත. ඉතින් මගේ සල්ලි ගැනීමට උගේ සල්ලි ඉවත් කර ගතයුතුය. ඌව දැනුවත් කර සල්ලි ටික ගන්නා ලෙස බොහෝ දැනුවත් කළ යුතුය. ඒ සඳහා ලීෆ්ලට් ගැසිය යුතුය පොස්ටර් දෙක තුනක් ඇලවිය යුතුය. ඊට අමතරව අතුරුදහන් වීමට එකෙකුද සෙවිය යුතුය. ඇත්තටම බැංකුවට බලපෑම් කල නොහැකිද? නිකමට හරි අපි සල්ලි දැම්මේ නැත්නම් උන්ට හුලං බව උන් දැන ගතයුතුය. ඊටත් වඩා මේ බැංකු බොහොමයක් ණය දෙන්නේ තඩි පොලු කාරයින්ටය, අපිට ණයක් ගැනිමට දහසක් තැන් වල අත්සන් කර තව අඳුනන එවුන්ගේද සාක්ෂි දිය යුතුයි. ඉතින් දෙයියනේ අපි දාන සල්ලි වලට මුන් හොඳ පොළියක්වත් නොදෙන එකේ අපේ තිරණ ඒක ඇතුලට දාලා බලන්නට චෑන්ස් එකක් ඇත්තේම නැද්ද? ලබන්නා වූ අවුරුද්දේවත් මේකට ක්‍රමයක් සොයා ගත යුතුය. අලුත් අවුරුද්දට කලින් මේ ලිපිය දැම්මේ නව අවුරුද්දේවත් හරවත් දෙයික් ලිවීමට ඇස්වහ කටවහ ටික පුච්චා දැමිමටය. හැමෝටම අපේ යටත ගත හැකි බැංකු දිනයක් උදාවේවායි පතමිවැප්   ...   වැඩිදුර >>

ත්‍රිපිටකයේ විශේෂ තැන්   |   වැප් | 2012-03-17 15:18:09.000005
පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්නකියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.htmlපෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තයආත්මය ගැන - සාමඤ්ඤඵල සූත්‍රයකුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය ප්‍රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්‍රයබුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - මහාපදාන සූත්‍රයමහා පුරුෂ ලක්ෂන - ලක්ඛන සූත්‍රය අපවත් වීම - මහා පරිනිර්වණ සූත්‍රය සත්‍ය වුවත් අනර්තයට පවතිනම් බුදුන්වහන්නේ එය බැහැර කරති - පාසාදිකා සූත්‍රයලෝක උත්පත්තිය / එව බලව / ප්‍රාතිහර්යය - පාඨික සූත්‍රය ලෝක උත්පත්තිය - අග්ගඤ්ඤ සුත්‍රයප්‍රශ්න විසඳන ආකාරය - උදුම්බරික සිහනාද සූත්‍රය අනාගත ශ්‍රමණ ගෝත්‍රය / රාත්‍රියට ආහාර ගන්නා භික්ෂුන් - දක්ඛිනවිභංග සූත්‍රයමස් මාංශ පිළිබඳව - ජීවක සූත්‍රයනිගන්ඨ වාදය/ මුල් ශාස්තෘවරුන්ට ගරු කරන්න කීම - උපාලි සූත්‍රයබුදුන්වහන්සේ පිළීතුරු නොදෙන ප්‍රශ්න - කුක්කරවතිය සූත්‍රයවැප්   ...   වැඩිදුර >>

පරලොවක් ඇත්තේද නැත්තේද?   |   වැප් | 2012-02-29 04:18:17.000002
ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ විස්තර වන විදිහ. ප්‍රශ්න අකාරයේ පහත සටහන ඉදිරිපත් කරන්නම්. උත්තර ඔබම තීරණය කරන්න. මීට වඩා ලස්සන ඉහත තියන ලින්කුවේ විස්තරයක් තියනවා. ඒක කියවන්න කියලා තමයි කියන්නේ. :DDD මෙහි පයාසි රජතුමා කරුණු ගෙන හැර දක්වන්නේ පරලොවක් නැතැයි කියන්නයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේත් නිදසුන් මගින්ම පරලොවත් ඇතැයි පහදා දෙනවා. ඔය අතරේ පොඩි පොඩි විද්‍යා සංකල්පයකුත් තියනවා.පයාසි රජතුමා - පස් පව් කරන අය නිරයට යනවානම් නිරයට ගියා කියලා ඇවිත් කියන්නේ නැහැනේ?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මරණ දඩුවම නියම වෙච්ච කෙනෙක් වදකයට කිව්වොත් මගේ නෑයන්ට කියලා එන්නම් කියලා යන්න දෙනවද?පයාසි රජතුමා - මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ යන අය ඇවිත් කියන්නේ නැහැනේ එහේ විස්තර?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අසූචි වලක වැටිලා හිටි මනුස්සයෙක් සුවඳ පැනින් නහවා සුවඳ ගන්වා සුඛෝප බෝගි විදිහට ඉන්න සැලැස්සුවොත් ඔහු හෝ ඇය නැවත අසූචි වලට එනවද?පයාසි රජතුමා - කරන ලද කුසල අකුසල කර්මයන්හි පල ප්‍රතිවිපකා කවුරත් ඇවිත් කියන්නේ නැහැනේ?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මනුෂ්‍ය ලෝකේ වර්ෂ සීයක් තව්තිසාවේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා එක් දවාලක් නම් ඇවිත් කියන්න පුලුවන්ද එහේ විස්තර?පයාසි රජතුමා - කවුද කිව්වේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා දවාලාක් මෙහේ අවුරුදු සීයක් කියලා?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අන්ධ මනුස්සයෙක් කිව්වොත් ඉරයි හඳයි නැහැ කියලා? ඒක ඇත්තද බොරුද?පයසි රජතුමා - සිල් රකින ගුණ ගරුක සිල්වතෙක්ව මරණ්නට හිතෙනවා එතකොට එතුමා දිව්‍ය ලෝකේ ගිහින් සැප විඳියිනේ. එත් ඔවුන් කියනවා ඔවුන්ව මරන්න එපා කියලාකුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එතුමන්ලා ජීවත්ව සිටින තාක් කල් පින් රැස් කරනවා.පයාසි රජතුමා - මිනිහෙක් මරණකොට හොඳට සම්වලින් වෙලලා හැලියක දාලා වහලා ලිපේ තියලා රත් කරලා මරනවා. මැරුණාට පස්සේ හැලිය ඇරලා බලනකොට පිට වෙන ජීවිතයක් දකින්න නැහැනේ?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - හීන දකිනකොට ක්ෂනයෙන් පොකුණු කඳු ආදිය දකින්න මෙන්ම වෙනත් ඕනෑම තැනකට යන්න පුලුවන් . ඒත් ඒ අපි යන එන දේවල් නොනිදා ඉන්න අයට පේනවද? නිදි ඔබත් ඇහැරි ඉන්න අනික් අයත් ජීවත් වෙලා ඉන්ඩැද්දි ඒ ඇතුල්වන පිටවන එක නොදැක, මැරුණ මනුස්සයෙක් ඇතුල්වන පිටවන තැන් කොහොම බලන්නද?පයාසි රජතුමා - මිනිහෙක් මැරුණායින් පස්සේ හා කලින් බර කිරුවොත් මැරුණාට පස්සේ බර වැඩියි.කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි. පයාසි රජතුමා - මිනිහෙක් උඩුකරු කරලා මැරුවත් දකින්නේ නැහැනේ ජීවයක් නිකුත් වෙනවා?කාශ්‍යප මහ රහතන් වහන්සේ - හක් ගෙඩියක් ගැන නොදන්න පිරිසක් මැද්දේ හක් ගෙඩියෙන් සක් නාදය පිටකර පැත්තකට වෙලා බලා හිටපුවාම. ඒ නොදන්න පිරිස ඒ හක්ගෙඩිය ඒ මේ අත කරකවමින් හක් ගොඩියට යාඤ්ඤා කරනවා සද්දේ වරෙන් වරෙන් කියලා. නමුත් අර මුලින් හක්ගෙඩිය පිම්බ මිනිහා ඒක නැවත පිබලා පෙන්නුවාම අර මිනිස්සුන්ට තේරුම් යනවා, හක් ගෙඩිය කවුරු හරි එක්ක සම්බන්ද වෙච්චාම හෙවත්, උත්සහා කරලා හුලං වලින් පිම්බාම තමයි ඒ සද්දේ එන්නේ කියලා. ආන් ඒ වගේ තමයි උෂ්නත්වය විඤ්ඤානය හා ආයූස තියන කල් ජිවිතය තියනවා එකක හෝ අඩුවක් කියන්නේ මරණයට පත්විම.පයාසි රජතුමා -මිනිහෙක් අල්ලං ඇවිත් වද දුන්නට ජීවිතයක් දකින්නේ නැහැනේ?කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එක්තරා පෙදෙසක ජීවත් වෙන ගිනි පුජා තියන ජටිලයෙක් නගරයට යනවා ලමයව ආස්‍රම යේ තියලා. ගිනි ගොඩ නිවා ගන්න එපා කියලා. නමුත් ඒ ළමයාගේ ගිනි ගොඩ නිවෙනවා එක එක සෙල්ලං දාන්න ගිහින්. ලමයා බලන් ඉන්නවා ගිනිගොඩ පත්තු වෙනකල්. නමුත් ආපසු පැමිනෙණ ජටිලයා කියනවා බලං ඉදලා හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දරකෑලි එකට අතුල්ලන්න ඕනේ කියලා. ආන් ඒ වගේ තමයි නුවණින් තර්කයෙන් පරලොව හොයන්න බැහැඊට පස්සේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා පරලොවක් නැතැයි කියන දෘෂ්ටිය අල්ලන් සිටිම නුවණට හුරු නැහැකියලා. ඒක ගැන ලස්සන කතා තුනක් කියනවා. එකක් අපි දන්න අර කාන්තරයේ ගැල් පන්සීය ගානේ යන කතාව. තව එකක් වේලිච්ච අසූචි ගොඩක් කර තියන් යන ව්‍යපාරිකයෙක් ගැන. අනික වැඩකට නැති හණ මිටියක් ගෙදර අරන් යන යාලුවෙක්ගේ කතාව. ඒ කතා තුන බලන්න මේ ලින්කුවට යන්න.වැප්   ...   වැඩිදුර >>

තුන්මස පින්කම   |   වැප් | 2012-02-06 05:55:56
2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමිවැප්   ...   වැඩිදුර >>

අද විශේෂ දවසක්   |   වැප් | 2011-12-24 14:44:56.000005
රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්තහරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක. මුල්ම ලිපියට ප්‍රතිචාර දක්වපු දුකා හා සහෘදයා අද වන විට අවකාශයේ , මට මුලින්ම ශක්තියක් උන දෙන්නා. ඊට අමතරව එදා ඉඳන් අද දක්වාම මේ බොලොග් අවකාශයේන් බොහෝ මිතුරන් හමු උනා. බ්ලොග් නිසා බස්, පස් , බුකි කියන සමාජ ජාල අඩවි වලිනුත් බොහෝ මිතුරන් මුණ ගැහුනා. බ්ලොග් අවකාශයට අහබු ලෙස පැමිණියත් SBU සින්ඩිකේටරය හරහා බ්ලොග් ගනනාවකට දොරටුව විවෘත උනා. එම සින්ඩිකේටරයටත් කෘත වේදි වෙමින්, මගේ ගමනට සහාය වෙච්ච අනිකුත් සියලු සින්ඩිකේටර් වලටත් මේ අවස්තාවේදි මගේ කෘතවේදිත්වය දක්වන්න කැමැතියි. ඊට අමතරව වැප් බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට එකතු කරන් දැකවූ සහායටත් ස්තුතියි. කියවන්න කමෙන්ට් දාන්න ආපූ සියලු දෙනාටත් බොහොම ස්තුතියිඅද ගැන කතා කලොත් අවුරුදු දෙකක දුර ගමනක් ලිපි සීයක් එක්ක ඇවිත් තියනවා. ආපසු හැරි බලද්දි බොහොම සතුටක් තිබ්බත්, මේ කරන වැඩ වලින් මගේ මව් දෙමව්පියන්ටත් අසාධාරණයක් වෙන බව දැනෙන ගතිය නම් දැන් ගොඩක් වැඩි වෙලා.වැප්   ...   වැඩිදුර >>

[ වාර්තා ] කොළඹ පොල්   |   වැප් | 2011-12-20 11:20:30.000001
ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණයඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණයඅපි මිල දී ගන්නේ ?????? කටයමාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකිදෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන්  සූදානම් වන මොහොතේ කොළඹ පොල්  හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා අද උදෑසන පොඩි සංචාරයක යෙදුනි. පහතින් දැක්වෙන්නේ විඩියෝ දර්ශන හා ඡායා රූපයි.කුලියාපිටිය, හලාවත කුරුනෑගල වැනි දුර පාළාත් වලින් මෙන්ම කොළඔ අවටිනුත් පොල් ලොරි පැමිණ තිබුණි.  කතාබහේදි දැනගත් පරිදි බොහෝ ලොරි පැමිණෙන්නේ සතියට දෙතුන් වරක් පමණී. එලෙසම ඔවුන්ට හිමි පොල් වතු නැත. ඒ අතර සෑම දාම පැමිණෙන පොල් වෙළෙන්දන්ද සිටිති. උදෑසන දෙකට පමණ ආරම්භ වන වෙලදාම පාන්දර 7 පමණ වන විට අවසන් වෙයි. බොහෝ දෙනා පැවසුයේ වෙළදාම සරු නොවන බවයි. නමුත්  නිසරු බවක් හෝ පෙනෙන්ට නොතිබුණි. බොහෝ විට ඔවුන් පොල් ගෙඩියකින් රුපියල් පහත් දහයත් අතර ගනනක් තබා ගනියි.තැඹිලි වල තත්වයත් මේ හා සමානය. නමුත් තැඹිලි  ගෙනවිත් තිබුනේ කොළඹ හා තාදාසන්න පෙදෙස් වලින්. මෙම වෙළඳාම හොඳින් දැක බලා ගැනිමට නම් පාන්දර යැ යුතුව තිබුණි :DDDවිඩියෝ දර්ශන සංස්කරණය - අනුරාධ   ...   වැඩිදුර >>

[ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Races   |   වැප් | 2011-12-16 05:59:04.000004
කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ  තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ.   ...   වැඩිදුර >>

[ 2011 12 15 ] - කන්තලේ සූරිය වැව කුඹුරු ව්‍යාපාරිකයන්ට බෙදා දෙයි   |   වැප් | 2011-12-15 05:17:19.000003
කන්තලේ සූරිය වැව ගම් වාසින් ඊයේ දිනයේ සිට කොළඔ කොටුව දුම්රිය පළ ඉදිරි පිට උපවාසයක් ආරම්භ කර ඇත. එම ගම්මානයේ පවුල් 400 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කුඹුරු අක්කර 8000 ක් පමණ ගොවිතැන් කටයුතු වලට යොදාගෙන තිබුණි. නමුත් වර්තමානෙයේ සිදුවෙමින් පවතින්නේ, ඔවුන් මහන්සියෙන් ගොඩ නැගූ එම කුඹුරු මහවැලි අධිකාරියට පවරාගෙන ව්‍යපාරිකයන්ට බෙදා දිමයි. ඔවුන්ට ලබා දීමට යෝජනා වී ඇති ඉඩම් වල ගොවිතැනට සුදුසු පරිසයක් නැති බව ඔවුන් පවසයි.ජනාධිපති හමු වී මෙම ගැටලුව නිරාකරණය කරගත හැකි බව ඔවුන් පවසයි. එසේ නොමැති වුව හොත් මාරණ්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් පවසයි. පහතින් දැක්වෙන්නේ ඔවුන් අද 2011 12 15 දින උදෑසන ඔවුන් පැවසූ අදහස්යබ්ලොග් එකක් තිබුනා නම් ඔවුන්ටත් :DDDබෝඩ් වල තිබූ පද පෙළ කිහිපයක්කොටියෝ ඇවිත් අපහට නිති බැට දුන්නාජනපති තුමන් අප හට සාමය දුන්නාමහවැලියෙන් ඇවිත් අප දැන් එළවන්නාජනපතිඳුන් බැහැ දැක මිස නොම යන්නාසූරියපුර අපේ හද කඳුලින් තෙමුනාගොවිතැන් කරන්නට ඉඩමක් නොම ලැබුණාගොවි ගැටලුවකි එය විසඳා දෙනු සොඳිනාජනපති තුමා හමුවිමට අපි ඉන්නා   ...   වැඩිදුර >>

ප්ලාස්ටික් කූඩ එපා - කොටුව දුම්රිය පල උද්ගෝෂණය - වෙළඳුන්   |   වැප් | 2011-12-13 03:53:31.000001
අද උදෑසන සිට කොළඔ ටෙක්නිකල් හංදියේ සිට කොටුව දෙසට දැඩි වාහන තද බදයක් පැවතිණ. [මේ ලිපිය පල කරන විටත් එම තද බදය තිබිය හැක]. මෙයට හේතුව කොළඔ වෙළඳුන් විසින් කොටුව දුම්රිය පළ අසල උද්ගෝෂණයක් පැවැත්විමයි. එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවර්යය කිරිම මෙම උද්ගෝෂනයට හේතුවයි. දැඩි වාහන තද බදය මෙන්ම, දුම්රියෙන් හා බසයෙන් උදෑසන රැකියා ස්ථාන කරා යන බොහෝ මිනිසුන් අසීරුතාවයට පත් කරමින්, කොටුව ඉදිරිපිට, දුම්රිය නැවතුම් පළ පැත්තේ තිබෙන මන් තීරුව වසා ගනිමින් මෙම උද්ගෝෂණයපැවැත්වුනි.ප්ලාස්ටික් කූඩ භාවිතයේ වාසි මෙන්ම අවාසිද ඇත. බොහෝ වෙළදුන් පවසන්නේ රැගෙන එන කූඩ ගෙදර යන විට ඔසවාගෙන යාමට අමතර පිරිවැයක් දැරිය යුතු බවයි   ...   වැඩිදුර >>

සෝම හිමි අපවත් කර වසර අටයි   |   වැප් | 2011-12-11 08:53:47.000006
සෝම හිමි අපවත් කර 2011 12 12 දිනට වසර අටක් සපිරිම නිමිත්තෙනි.රටත් එහි ජනතාවත් අයාලයේ යමින් සිටි යුගයක් විය. නිවැරදි නායකත්වයක් නැති සිංහලයෝ,බෞද්ධයෝ නින්දේ සිටියහ. බුද්ධාගමේ නාමයෙන් යදිමින් ඉල්ලමින් මිත්‍ය දෘෂ්ටික දෙවියන් කර යමින් සිටියහ. සිංහලයට මහජාතිය නිසා කටවල් වසා ගෙන සිටිය යුතු අවදියකි. බෞද්ධයා අවිහිංසා වාදි කියා සියල්ල ඉවසමින් සිටි කාලයයි. වෙනසක මූලාරම්භය වෙමින් අති පූජ්‍ය ගංගොඩ විල සෝම හිමිගේ දේශනා, ජාතික තලයේ විද්‍යුත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. නායකත්වයක් නිවැරදි මාවතක් නැතිව නිද්‍රාවේ සිටි ජනයා අවදිවෙමින් විමසන්නට විය. සෝම හිමි දේශනා කරන බණ දහම් මෙන්ම, රට ජාතිය ගැන පවසන දෑද අවබෝදයෙන් විමසා බැලූහ. ගන්ට දෙයක් ඇත. රට ජාතිය සමය වෙනුවෙන් කරන්නට දෙයක් ඇතැයි බොහෝ දෙනා කල්පනවාට ගන්නා ලදී.ජාතී හිතේෂි බව නොබියව පවසන්නට තරුණ ළමා වැඩිහිටි කාටත් මග පෙන්වීය. ජාතී වාදය නොව සිංහලයට හිමි තැන ගැන මතක් කර දෙන ලදී. දැනට වසර අටකට පමණ පෙර තවත් වසර පනහකින් පමණ අපට වෙන දේ ගැන මොනවට පැහැදිලි කර දුනි. නිවැරදි බුදු දහම, සම්‍යක් දෘෂ්ටික දෙවි වරු ගැන වදාල සේක. යදිමින් සිඟා කන දේවත්වය පසෙකලා නිවැරදි ක්‍රමය ජනතාව අතර ගෙන ගියහ. විද්‍යුත් මාධ්‍ය හරස් විය, ගමින් ගමට පන්සලෙන් පන්සලට යමින් රටට වෙන දේ ගැන ජාතිය දැනුවත් කලහ. දේශපාලණය ගැනද වැඩි වැඩියෙන් කරුණු ගෙන හැර දක්වන ලදී. මෙය ක්‍රමන්ත්‍රණ කරුවන්ට මෙන්ම සමහර සිංහල බෞද්ධයන්ටද නොරිස්සුම් විය. අවස්ථාව එනතුරු බලා සිටි කුමන්ත්‍රණකරුවන් වහා ක්‍රියාත්මක වී සෝම හිමි අපවත් කරන්නට යෙදුනි.ජිවත් වූ සෝම හිමට වඩා අපවත් වූ සෝම හිමි බලවත් විය, රටත් ජාතියත් බේරාගන්නට පැමිණි පිරිසට බල තල දෙමින් බොහෝ නාගරික සිංහලයෝ සෝම හිමිට කෘතවේදිත්වය හා උපහාර පිදූහ. නමුත් එදිනට අටවසරකට පසුත් සියල්ල තිබූ තැනමය. වෙනසකට ඇත්තේ ත්‍රස්ථවාදය නිමා විම පමණි. එහෙත් සෝම හිමි ඝාතනයට කුමක් වූවාද නොදිනමු. ගොඩ නගන්නට ගිය බෞද්ධ රාජ්‍ය මාවතක් අද දැක ගත නොහැක.[ එසේ බෞද්ධ රාජ්‍ය හුදෙක් හිතුලු බව මම හොඳා කාරවම දනිමි.]දේශපාලනය පසෙකලා තැබුවත්. නොබියව ඔනෑම තැනක මම සිංහලයෙක්මි, මම බෞද්ධයෙක් මි කියා පවසන්නට දිරියක් වූ සෝම හිමි මගේ මතකයේ සැමදා රැඳි සිටින යතිවරයාණන් වහන්සේනමකි. උන්වහන්සේට සසර වසන තුරු මෙවන් විපත් නොවේවායි ප්‍රර්ථනා කරමි. මම සිංහල බෞද්ධයෙක් වෙමි.!!!!!!!!!!!!!!බ්ලොග් අඩවිය පටන් ගත් දා පටන් උන් වහන්සේට උපහාරයක් ලෙස ලියන ලද ලිපි1. http://wapnishantha.blogspot.com/2009/12/blog-post_24.html2. http://wapnishantha.blogspot.com/2010/12/blog-post_11.htmlවැප්   ...   වැඩිදුර >>

මගේ තාත්තා   |   වැප් | 2011-12-06 15:47:51.000001
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා මාව දාල යයි කියන බය. තාත්තා ආයිත් පුටුවේ ඉඳගන්නවා ඒත් මම ඉඳ ගන්නේ තාත්තා ඉඳ ගත්තාට පස්සේ. ටිකකින් තාත්තා පන්තිය වටේ යන්න නැගිටිනවා. පන්තිය වටේ ගිහින් පොත් බලලා එනකල්ම මම නැගිටලා. පස්සේ පස්සේ ඒ අයියලා අක්කාලා හැමෝම කිව්වේ තාත්තා නැගිටින කොට නැගිටිනවා ඉඳ ගන්නකොට ඉඳගන්නවා කියලා. මේ මට මතක විදිහට එක වසර හෝ ඒ ආසන්න කාලය.තාත්තා පන්ති කලා, මේ වෙන කොට මම පහ වසරේ හෝ හතර වසරේ. පන්ති පටන් ගත්තාට පස්සේ මම යනවා එකොළහට විතර. පන්තිය පිටි පස්සෙන් ගිහින් මම තාත්තා දිහා බලන් ඉන්නවා. පොඩිම කාලේ තාත්තා මාව දාලා යයි කියලා තාත්ත කරන දේම කරපු මම දැන් බලන් ඉන්නේ රුපියල් දහයක් දෙනකල් මට. වෙන මොකටවත් නෙමෙයි ඉස්සරහා තියන රිමාකෝ එකෙන් මුද්දරස්පලන් දලා තියන ටි බනිස් ගෙඩි දෙකක් කන්න. සමහර දාට ගල් බනිස් එකයි ටි බනිස් එකයි. අදටත් මම පුදුම ප්‍රෙරේත කමක් තියෙන්නේ ටි බනිස් වලට. මාව දැක්ක ගමන් කමිසේ උඩ සාක්කුවට අත දාලා මට රුපියල් දහයක් දිලා කියනවා ළමයෝ මේක අරන් යන්න කියලා.ඉරිදා දහම් පාසල් මාත් ගියා මේ මට මතක විදිහට හය හෝ හත වසර. අපිට විවේකය වෙන වෙලාවකට ධර්මාචාර්ය කරන අයට වෙන වෙලාවක. අපේ විවේකය වෙලාවෙදි මම තාත්තා උගන්වන පන්තිය ලඟට ගිහින් දැලේ එල්ලිලා බලන් ඉන්නවා. තනියම නෙමෙයි මගේ යාලුවෙකුත් එක්ක. නොදැක්ක ගානට මුලින් ඉන්න තාත්තා පස්සේ දැල අස්සෙන්ම මට රුපියල් දෙක්ක දෙනවා. යාලුවා එක්ක කෙලින්ම දුවලා එන්නේ අච්චාරු ගන්න. රුපියල් දෙකට කාපු අච්චාරු වල රහ මට දැනුත් මතක් වෙනවා.තාත්තාගේ ඉස්කෝලය තිබුනේ වත්තල. මම හය වසරේ ඉඳන් ගියේ ගුරුකුලයට.  තාත්තා මාව ඉස්කෝලයට ඇරලලා පයින්ම යනවා බියගම පාරේ හතරේ කණුවට. ඉගෙනිමෙදි මගේ තාත්තා කවදාවත් බලපෑම් කලේ නැහැ, මට ඕන විදිහට කරන්න දුන්නා. හැබැයි තාත්තා උගන්වපු ගොඩක් ලමයි ශිෂ්‍යත්වයෙන් ඉහළින් පාස් වෙනකොට, මම ෆේල් වෙච්ච එක ගැන තාත්තා දුක් උනා කියලා මම දැන ගත්තේ පස්සේ කාලෙකදි. මගේ තාත්තා වැඩිය කතා බහ කරන්නේ නැහැ. ඕන දේ කිව්වා. එක පාරයි. මම දුර විශ්ව විද්‍යලාට තේරුණාම තාත්තා මගෙන් ඇහැව්වේ පුතේ උබ යනවද කියලා. අම්මා විශ්ව විද්‍යලයට තේරුණ සතුට විඳිනකොට තාත්තා ඒක යටපත් කරන් කල්පාන කළේ, මම කොහොමද දුර ගිහින් තනියෙන් වැඩ කරගන්නේ කියන එක.මෑත කලයේදි තාත්ත මම වැඩ ඇරිලා ගෙදර එනකොටම අහන්නේ පුතේ වෙලාව කීයද කියලා. මුලින් මුලින් මම අහනකල් ඉදලා වෙලාව කිව්වත්. පස්සේ මම ගෙදරට එන්නේම තාත්තේ දැන් වෙලාව මේකයි කියාගෙන. අන්තිම මාසේදි විතර, මම කොම්පියුටරයේ වැඩ කියලා දැන ගත්තාම ලයිට් එක දාලා තියනකොට, පැයෙන් පැයට වෙලාව ඇහැව්වා. ගොඩක් දාට මම ඒ අහන හැම වෙලාවේදිම වෙලාව කියනවා. ඒත් සමහර දාට විහිලුවට තාත්තේ මම ඊලඟ පාර අහනකොට දෙකම එකට කියන්නම් කියලා පැයකට කල් දානවා.ඉරිදා , නොවැම්බර් 13 වෙනිදා, උදේ පිරිසිදු කරලා පුටුවෙන් තියලා, දවල් ආයිත් පිරිසිදු කරලා ඇඳෙන් තිබ්බා. රැ 8 විතර ආයිත් පිරිසිදු කරලා කාමරයට එක්ක යන ගමන්. අම්මා කිව්වා තාත්තව පුතා අල්ලන් යනවා, මං පුතාගේ කලිසම වැටෙන කොට අල්ලන්න පස්සේන් යනවා කියලා . ඔහොම කියලා යන්න හම්බුනේ සාලේට ඇතුල් වෙන තැනට විතරයි. කිහිලි දෙක අස්සෙන් අත් දෙක දාගෙන අල්ලන් ගිය තාත්තා එක පාරට මගේ අත් දෙකේ එල්ලුනා එයාගේ අත් දෙක වකුටු උනා.තාත්තා මාව දාලා යයි කියලා පොඩි කාලේ තාත්තා නැගිටින කොට නැගිට්ටා වාඩි වෙනකොට වාඩි උන මගේ තාත්තා මාව දාලා ගිහින්, අද මට කීය දිලා උනත් අච්චරු ගන්න පුලුවන්, එත් මට රුපියල් දෙකක් දෙන්න මගේ තාත්තා අද මා ලඟ නැහැ. රිමාකෝ එකෙන් ටි බනිස් ගෙඩියක් ගන්න උඩ සාක්කුවට අතදාලා රුපියල් දහයක් දුන්නු මගේ තාත්තා මං ලඟ නැහැ.මේ තියෙන්නේ මම කාලෙකට කලින් මගේ තාත්තා ගැන කියපු දේhttp://wapnishantha.blogspot.com/2010/09/blog-post_26.htmlඑදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේමෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේසැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේමුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේවැප්   ...   වැඩිදුර >>

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ   |   වැප් | 2011-11-30 16:14:16.000002
දුර තියා ඇඳින ගතිමිහූ හඬ පසුබිමේ තබාසිනහා වි මුලු හද පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේනොදුටු රුව දැක ගතිමිහිත් පුරාවට අඳුර තුලතුරුලු වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේරැය පහන් වු බව දිටිමිආදර හසරැල් නගාශුංගාර වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේආදරය හදේ සඟවාලොවම පසෙක ලාඉන්නටම එන්නේ නැහැඔබ මගේ නොවන බව පසක් කල නිසාවිචාරයමෙහි මුල් කවියේ මුල් පදයට අනුව ඔවුන් කලින් හමු වි නැත. ලේඛකයා අන්තර්ජාල යුගයේ වන බැවින්, මෙය එකල පැවති ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා ඇතිවූ හාදකමක් ලෙස සැලකිය හැක. පසුබිමින් හූ හඩක් ගැන පවසයි. එය අනිවර්යයෙන්ම කොළඔ දුම්රිය පල බව විස්වාසයෙන් යුතුව පැවසිය හැක. ඒ අනුව මොවුන් අන්තර්ජලාය හරහා දැන හැඳින මුල් වරට කොටුව දුම්රිය පලේ "ව" යන්න යටදි පෙම් වතුන් ලෙස හමු වුවා විය හැක. මන්ද එකල //ව\\ යන්න බොහෝ හමු විම් වලට සංකේතය විය. මුල් කවියේ හතරවන පේළියේ මෙන්ම ඉතුරු කවි දෙකකත් //ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ\\ යන්න පුන පුනා පවසන බැවින් මෙය අසම්මත අනියම් පෙමක් ලෙස අර්ථ ගැන්විය හැක. හූ හඬ පසුබිමින් කියා පවසන දේත් එයටම ඇඳා ගත හැකදෙවන කවිය අනුව, කොළඔ කොටුව දුම්රිය පලේ හමුවිමෙන් අනතුරුව ඔවුන් දැන හැඳින ගෙන, එනම් හොඳින් එකි නෙකා අවබෝද කරගනිමින් තුරුලු වෙලා සිට ඇත. තුන් වෙනි කවිය හා දෙවනි කවිය එක්ව ගත්විට, ඔවුන් ඒක යහනකට රාත්‍රිය ගත කර ඇති බව මොනවට ප්‍රකාශ වෙයි. එහිදි ඔවුන් අසීමිත ලෙස කම්සැප විඳිබවත් ව්‍යංගයෙන් පවසා ඇත.කෙසේ වෙතත් ඔවුන්ගේ අදාරය අසම්මත නිසා, ලෝකේ මොනවා කිව්වත් ඒ සියල්ල බිඳ දමින් දෙදෙනා එක් වන්නේ නැතුව වෙන් වෙලා තියනවා. එතන හේතුව හරියට පැහැදිලි නැති නිසා මේ කවියේ රසය උපරිම වි ඇත. එනම් කවිය රස විඳින පුද්ගලයාට එය හිතා ගැනිමට ලේඛකයා ඉඩ දි තිබේ.අර්ථ රසයෙන් ව්‍යංග රසයෙන් හා රසවිදින්නාට කෙලින්ම සත්‍ය සිදුවිම පවසා නොසිටිම නිසා මෙම කවිය උත්කෘෂ්ට නිර්මානයක් බව කිව යුතුමයි. අන්තර්ජාල යුගයේ බිහිවූ විශිෂ්ටතම කවි අතර මෙම කවිය ඉහලින්ම තියනවා:DDDවැප්   ...   වැඩිදුර >>

බොහොම පින්   |   වැප් | 2011-11-22 11:08:54.000001
මගේ තාත්තාගේ අභාවය වූ අවස්ථාවේ සිට ඒ ගැන සොයා බැලූ , පැමිණ හා උදව් කල සැමට පින්.බ්ලොග් අවකාශය තුලින් හදුනා ගත් දුටු නොදුටු සියලු හිත මිත්‍රාදින්ට මාගේ ප්‍රණාමය.වැප්   ...   වැඩිදුර >>

නිර්ආගමික විමේ රහස සෙකියූලර්   |   වැප් | 2011-10-31 17:04:47
මෙම ලිපිය ලියවෙන්නේ ලංකාව මූලික කරගෙන බව කරුණාවෙන් සලකන්න.මෙම ලිපිය කියවිමට පෙර "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? ලිපිය හා කමෙන්ට් කියවා එන්නේ නම් යෙහෙකිලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ කොයි කාලේද කියලා ඉතිහාස වේදියෝ හොයාගෙන යයි. ලංකාවට බුදු දහම ආවේ මහින්දාගමනට පෙර බව දැනට පිළිගැනෙන තවත් මතයක්. මේ මත කොයික වෙතත් බුදු දහම ලංකාවට සම්ප්‍රාප්ත වි ඇති බවට විස්වාස කරන්නේ මීට වසර දෙදහස් ගනනකට කලින් බව පොදු පිලිගැනිමයි.දැන් දැන් අලුත් ප්‍රවණතාවයක් නම් නිර්ආගමික විලාසිතවට අතුලුවිමයි. මෙහි අරමුණ අවසානවෙන්නේ සෙකියූලර් කියන තත්වයෙකි. ලිපිය පටන් ගනිද්දිම සෙකියූලර් කියන එක ඔවුන්ට අනුවම අරථ දැක්විම යෝග්‍ය යැයි සිතමිඑනම්,//රජ්‍ය හා ආගම වෙන් කිරිම‍\\//ආගමක් ඇදහීමේ අයිතිය මෙන්ම ආගමක් නොඇහදීමේ අයිතිය හෙවත් නිර්ආගමික විම තහවුරු කිරිම\\වෙන්කිරිමේ ඉතිහාසයමූලික අරමුණ තමයි රජයන් මගින් ආගමට දෙන සහායත්, ආගමික සංස්ථාවෙන් රජයට වන බලපෑමත් ඉවත් කිරිම. ලංකාවේ ඉතිහාසය  හොඳට පිරික්සා බැලුවොත්, ජාතියක් විදිහට යටත් විම් යුද්ධ කිරිම් පරාජය වීම් කොතෙකුත් තියනවා. නමුත් ඒ සෑම ජය ගැනීමක් යුද්ධ කිරිමක් පරාජයක් පිටපුසම තිබුනේ පන්සල. ඒක මොහොතක නැත්තට නැති වි ගොස් පරාජය වන ජාතිය ඊට නොබෝ කලකින් පන්නරය ගන්නේ පන්සල මූලික කරගෙන සංඝයාගේ ආශිර්වාදයෙන්. ඉතිහාසය පුරවාට පමණක් නොව, නාමමාත්‍රික නිදහස ගන්න 48 ට පසුවත් සිදු වන්නේ මේ දේමයි. ඉතිහාසය පුරාවට විවිද අන්‍ය ජාතිය නොයෙකූත් කූට උපක්‍රම යෙදුවා පන්සලත් මිනිස්සුත් වෙන් කරන්න. ඔබ දන්නවා ක්‍රෝටන් කියන ශාකය ලංකාවට හදුන්වා දෙන්නේ ඇයි කියලා. ගෙවල් වල ඉස්සර වැව්වේ සුදු මල්, මල් කඩන් හවස පන්සල් යනවා. මිනිස්සු ආගමයි අයින් කරන්න නම් මල් නැති කරන්න ඕනේ කියන පහත් මානසිකත්වයේ ප්‍රතිඵලයක් විදිහට ගේ දොර වැවිමට ක්‍රෝටන් එනවා. මේ වගේ අපේ ජනසාමජය නොහිතන මානසික අවි වලින් අපිට පහර දෙන්න ගත්තේ අද ඊයේ දවස් වල පමණක් නොවෙයි. මෑත ඉතිහාසය, එහෙත් නැත්නම් ඔබටත් මටත් මතක ඉතිහාසය තුල අපිට විරුද්ධව යොදාගත් මානසික අවිය තමයි සුදු නෙලුම කියන සංකල්පය. මේ ආකරයා අපිට හොරා අපේ මනසත් එක්ක සෙල්ලම් කරන එක එක යෝජනා ක්‍රමිකව ක්‍රියත්මක වෙනවා. ඉතිහාසය පුරා ආගම  මිනිසුන්ගෙන් වෙන් කිරිම බැලුවේ රජ්‍යත්වය හුදකලා කර අඩපණ කර, ඔනෑම මොහොතක දුර්වල කර බලය අල්ලා ගැනිමට පහසු නිසයි. නමුත් මේ පොදු මහජනතාවගේ ඇටමස් ලේ නහර කරා පැලපදියම් වූ බුදු දහම ජනතාවගෙන් ඉවත් කරන්න කොහොත්ම හැකි උනේ නැහැ. මෙහි දියුණු තත්වය හෙවත් වර්ථමාන තත්වය තමයි ආගමික බලෑපැමෙන් තොර ආන්ඩුක්‍රම ව්‍යවස්තාවක් සෑදිම. වර්ථමාන තත්වයවරින් වර ගන්න ලද උත්සහයන් ව්‍යර්ථ වෙලා යනවා ආන්ඩුක්‍රමය තුලින් ආගම ඉවත් විම යන ක්‍රියාදාමය. ඊට පසු මේ ක්‍රමය සමාජ ගත කිරිමේ වැඩපිලිවෙලේ ප්‍රධාන සැපයුම් කරු තමයි නිර්ආගමික වීම. මේක විලාසිතාවක්. බෞද්ධ වන අප ආඩම්බරයෙන් කියනවා අයියෝ වෙසක් එකටවත් පන්සල් ගියේ නැහැ කියලා [ මාත් ඇතුලුව]. මේ විලාසිතාව වැඩිදියුණු වෙලා නව පන්නරයකින් එලියට එන්නේ නිර්ආගමිකයා කියන සංකල්පයත් එක්ක. නිර්ආගමිකයා කියන්නේ හරියට පලිහක් වගේ. ඕන දෙයක් කරලා කටපුරා සිනා සි කියනවා නිර්ආගමිකයි කියලා. ඉතිහාසය පාසල් විශයෙන් අයින් කරනවා. එත් දැන් කියනවා එදා ඉතිහාසය විශය අයින් නොකලා නම් අද මෙහෙම වෙන්නේ නැහැ කියලා. පාසල් විශයෙන් ආගම අතිරේක විශයක් කිරිමමේ සම්බන්දව කාරනා දෙකක් තියනවා මුල් එක තමයි, යම් කිසි දරුවෙක් ඉගෙන ගන්න පාසල තුල ඔහුගේ හෝ ඇයගේ ආගම විශයක් විදිහට තිබුනේ නැත්නම් අපහසු තාවයට පත් වෙනවා. මේක නම් එකම ගැටලුව මේකට විසඳුම් දෙකක්  තියනවා. මුල් එක තමයි එහෙම දැන දැනත් වැරදි පාසලකට ළමයාව දැම්මේ ඇයි කියන එක. දෙවනි එක රජය දැන ගන්න ඕනේ ඒ පහසු කමදෙන්න.අනික් කාරණය තමයි එම දරුවා නිර්ආගමිකයෙක් වීම, හුදෙක් නිර්ආගමිකයන් නිසා ආගම විශය අතිරේක විශයක් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදියි. මොකද නිර්ආගමිකයා කියන්නේ ආගමක් අදහන්නේ නැති පුද්ගලයා. සමහර විට එකට කියන නම තමයි නිර්ආගම. ඔබ දන්නවද මේකටත් දැන් දිනයක් තියනවා. නුදුරේදි ඒ දිනයත් නිවාඩු දවසක් වෙයි. [ අම්මපා එදාට මාත් නිර්ආගමිකයෙක් වෙනවා ]. දැන් ඔබම කල්පනා කරන්න මම නිර්ආගමිකයෙක්. ඒ කියන්නේ ආගමක් නැහැ. හිතන්න එතකොට පාසල තුල බුදුදහම උගන්වනවා එහෙමත් නැත්නම් කතෝලික දහම උගන්වනවා. නිර්ආගමිකයට ආගමක් නැහැ එහෙනම් මේ උගන්වන එක ඔහුට හෝ ඇයට විශයක් පමණයි. එහෙම කල්පනා කරපුවාම මොන එකකට ආගම කියන විශය අතිරේක ගොඩට දානවද?ආගමක් තියන පුද්ගලයා ඒක අදහයි ඉගෙන ගනියි භාවිතයේ යොදවයි. නිර්ආගමිකයා ඒක පාඩම් කරලා D/A එකක් දාලා විභාගය පාස් කරයි. එතනින් ඒ ගනුදෙනුව ඉවරයි.නමුත් නිර්ආගමික කියන සංකල්පයේ යටි අරමුණ තියෙන්නේ රාජ්‍යට විදිම. එහෙම යටිකූට්ටු වැඩ වලට ආගම පාසල් විශයෙන් අයින් කරන්න හදනවා නම් ඒකට එක හෙලා විරුද්ධ විය යුතුයි. ඇත්තටම මේ පටන් ගන්න හදන්නෙත් ඒ වැඩේම තමයි.නිර්ආගමිකත්වය වෙළඳාම් කිරිමආගම කියන සංකල්පය තියෙන්නේ මිනිසෙක්ගේ හිතේ. මම දෙවියෝ අදහන්නේ නැත්නම් නැහැම තමයි. හැබැයි  නිර්ආගමික සංකල්පය තියෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ. එකනේ මේ ඒකට දිනයක් දාගෙන රැස්වම් තියාගෙන වෙබ්සයිට් හාදාගෙන සම්මන්ත්‍රණ තියාගෙන් ගෙයින් ගෙට යන්නේ. තමුන් ආගමක් අදහන්නේ නැත්නනම් ඕක ආයේ ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේද? ඒ ඕනා කෙනා නොකර ඉන්නේ නැතැ. ඊටත් මේ හදන්න හදන්නේ ලෝකය. ගෙදර හෝ ඒ අවට ජනතාව හදාගන්නේ නැතුව ලෝකය හදන්න හදනවා. නිර්ආගමිකත්වය හා බැඳුනු ගැටලු1. නිර් ආගමිකයන් එක් රැස් වන්නේ ඇයි?2. නිර් ආගමිකයන්ට දිනයක් කුමකටද?3. නිර් ආගමිකයන් සම්මන්ත්‍රණ තියන්නේ ඇයි?4. නිර් ආගමිකයෙක් විමේ අරමුණ කුමක්ද?5. නිර් ආගමිකයන් ව්‍යවස්තා සංශෝදන ඉල්ලන්නේ ඇයි?6. නිර් ආගමිකයෙකුගේ ආගමක් නොඇදහිමේ අයිතයක් තහවුරු කරන්නේ කෙසේද? [ වෙන ආගමක නම් ස්ථානයක් තියනවා පූජ්‍ය හෝ පූජකයෙක් ඉන්නවා? මේකෙත් එහෙම ඉන්නවද දන්නේ නැහැ තහවුරු කරන්න කියන්නේ] 7. නිර් ආගමිකයෙකුට තියන එකම ගැටලුව යම් පෝරමයක ආගම කියන කොටස පිරවිම නම්, ඔහු නිර්අගමිකයෙකුත් නම් එතන බොද්ධ / හින්දු / ඉස්ලාම් යන එවායින් කැමති එකක් දැම්මාට වරදක් ඇතිද?[ මන්ද නිර්ආගමිකයි කියා දැම්මොත් එය ආගමක් වනවා නොවේද? ]8. නිර් ආගමිකයන් වෙනත් ආගම් විවේචනය කරන්නේ ඇයි?ඉහත ප්‍රශ්න වලට සෑහිමකට පත්විය හැකි පිළිතුරු අපේක්ෂා කරමි. තව ඕනෑ තරම් ප්‍රශ්න ඇතත් එවා දැනට අවශ්‍ය නැත.හුදෙක් මෙම ලිපිය ලිවිම හේතු පාදක වූයේ රංග විසින් ලියූ "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද?" ලිපියයිවැප්   ...   වැඩිදුර >>

ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ?   |   වැප් | 2011-10-29 15:29:56.000005
ඇහැව්වාම, මතකදඋජාරුවට කිව්වාදැන්  ඕවාට වෙලාවක් නැහැ කියලාඒත් දැන්යසට ඉන්නහැටි බුකියේඒ විතර යෑphoto දාලා like මදිවටshareත් කරනවාඉරිසියා කරන්නේබුකියටදඋබටදකියලා හිතාගන්න බැරිවඉන්නකොටwall එකේ වැටෙන update එකදිගේ තාමත් ඔය පැත්තට එබෙනවාrelationship එක බලන්නඉඳලා හිටලා දාන comment  එකෙන්ඉඟි බිඟි පාලානටවන්නද හදන්නේමාව ආයේවැප්   ...   වැඩිදුර >>

බ්ලොග් අවකාශයෙන් ආණ්ඩු බලය අල්ලන වැඩ පිළිවෙළ   |   වැප් | 2011-10-22 13:38:35.000005
මේක රහස් ලියවිල්ලක්. මේක කියවන්න පුලුවන් වෙන්නේ සිංහල බ්ලොග් ලියන අයට  විතරයි. මේ මුලු ලිපිය පුරාවට තියෙන්නේ කොහොමද රටේ ආණ්ඩු බලය අල්ලන්නේ කියලා. මේ සංදේශය අද මේ බ්ලොග් එකෙන් පටන් අරන් බොහොමයක් බ්ලොග් හරහා අපේ සදා ආදරණිය  නායකයාගේ බ්ලොග් අඩවිය වෙත, කමෙන්ට් හරහා අරන් යාවී.පටන් ගැන්මපළමු කොටම සාදූ හඬින් ගූගල් දෙවි වැඳ ගන්නේජිමෙයිලක් අටවා ගෙන රහස් පදෙන් ලොග් වෙන්නේබුකිය කරා ඇඳි ගොසින් එහි ගිනුමක එල්ලෙන්නේදුටුවා නේද එක මෙයිලෙන් වැඩ දෙක තුන කරගන්නේහැදුව මෙයිල ටුවිට් ඔබා එතන ඔලුව ඔබන්නේඔබපු ඔලුව හරව හරවා හැම එකාම පන්නන්නේපන්නපු උන් පන්නන බව ජිමෙයිලා කියන්නේබුකිය උඩත් මේ අඩව්ව ඒ ලෙසටම අල්ලන්නේඋඩ කියාපු ජිමෙයිලෙන් ගුගලයා වෙත වදින්නේවැදියගමන් හොර නමකින් බ්ලොගයක් එහි අටවන්නේඅටවපු ඒ මළඉලව්ව සින්ඩි වලට බල බල ඔබන්නේඔබපු බ්ලොගේ ලිපියක් දා පස් බස් වල දුවවන්නේඔය අතරේ ලිපි බල බල කමෙන්ට් අකුරු හලන්නේහලපු කමෙන්ට් වෙනවුට රිප්ලයි ඇති දැයි බලන්නේරිප්ලයි නැති බොලොක්කයෝ හතුරු ගොඩට දමන්නේඉතුරු මිතුරු බොලොක්කයෝ ඉඳ හිට සෙට්වෙන්නේසන්දාන හැදිමමිතුරු වෙසින් සිටිනා උන් එක ගැට්ටේ නටන්නේගැට්ට කෑඩි බිම වැටෙනා බව උන්නොම දන්නේආණ්ඩුවට බනින සිද්ධි නැකතට ලිපියට ගන්නේනැකැත් ලිපිය රිශෙයා කර මකුළු දැලක් බඳින්නේකැමති එකා ලයික් එකක් කමෙන්ට් එකක් දමන්නේඅකමැති උන් මුවින් නොබැන ලයික් එකම ඔබන්නේඑහෙව් කලට ලියපු එකා ගෙම්බා වගේ පිම්බෙන්නේරට අල්ලන බව කියමින් ජාලිකයෝ රොක් වෙන්නේඑකා දෙන්නා ගුගල් සරණින් දැන් පදමට යාලූ වෙන්නේයු ටියුබෙන් බුකි ටුවිටෙන් අදහස් මසුරන් මතු වෙන්නේරට පෙරළන ගිවිසුමකට නව කාපට් මාවතකට පිවිසෙන්නේපාර හොඳයි කාපට් හයිවේ ඈත දුරින් රජ පුටවක් පේන්නේසංවිධානය වීමඉස්ත්‍රිරික්ක 25 හයි රට වටේට හොඳ පදමට රත් වන්නේඒ වටේම බ්ලොග් අටවපු පට්ට බ්ලොගියෝ සිටින්නේඋන් බල බල පට්ටම් දි ඒ ප්‍රදේශ බලතණ්හා ඇති කරන්නේතණ්නාසෙන් රට හදන්න සේනාවට ADSL බෙදන්නේබ්ලොග් ලෝකේ එකා දෙන්නා නායකකම් අතට ගන්නේඑහෙන් මෙහෙන්  හැච්චෝ පැච්චෝ ලැපා වටේ ඉඳගන්නේගමින් ගමට පයින් ගිහින් gtalkකෙන් ටෝක් දෙන්නේඇනර්කලි ප්‍රොපයිල් show කර ජන්ද කාඩ් උස්සන්නේනිල තොරතුරු නිලය තුලින් බ්ලොග් ලෝකයේ පතුරවන්නේක්ෂනික පුවත් බුකිය හරහා ස්ටේටස් එක මාරු වෙන්නේඒ මදිවට ටුවිටරයේ හැම තැනකම ටුවිට් වෙන්නේදිනන ලකුණු ජාලය තුල උස මහතට ගෙන දෙන්නේස්කයිපා තමයි රැස් වෙන තැන තීරන හෙම ගන්න ඉන්නේ.........හදිස්සියේම අන්තර්ජාලය බිඳ වැටුනිවැප්   ...   වැඩිදුර >>

කූරගල සියැසින් දැක ගතිමි ‍| Truth behind the Kuragala   |   වැප් | 2011-10-03 15:45:24
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු  දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක් කරමින් ගමනේ අපහසුව නොදැනෙන අපූරු ගමනකට මග පැදූ බව කිව යුතුමය. බලංගොඩින් කල්තොටට යන බසයේ පැයක පමණ ගමනකින් පසු කල්තොටට කලින් හමුවන ගම්මානයක් වන තැන්නට ලඟා වන විට දහවල් දොළහා වී තිබුණි. ඒ අසල ඇති කඩයකින් සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක රස බැලුවේ එකකට රුපියල් 15 ක් ගෙවමිනි.තොරතුරු සොයා යන ගමනේ කඩේ සිටි අය සමග කතා බහ කිරිමට අපි අමතක නොකලේ ලසිත විසින් ගමන පටන් ගනිද්දිම යෝජනා කල උපක්‍රමයකට අනුවය. ඒ අනුව කඩේ සිටි මෙවර සමාන්‍ය පෙළ කරන මල්ලි කෙනකු හා ඔහුගේ අක්කා සමග කන ගමන් කතා කරන්නට පටන් ගත්තෙමු. මේ ඔවුන්ගේ අදහස් ........//කූරගල අපේ තැනක්, නමුත් දැන් කරන්න දෙයක් නැහැ ඔවුන් ඒක අල්ලගෙන. ඒ දවස් වල නම් ලොකු විරෝධයක් තිබුණා. දැන් එහෙමත් නැහැ. පෙබරවාරි මාර්තු වෙන කොට මෙහේ උත්සවය, සෙනඟ එනවා ගොඩක්\\ -ඔය අතර මම පර්චස් එකක මිල ඇසුවෙමි. නමුත් ඔවුන් එක එල්ලේ එයට පිළිතුරක් නොදුන්නේ ඉඩම් විකුනා තව තවත් හිමි තැන අහිම කර ගැනිමට ඇති අකමැත්තද? එම ඉඩම් වල මිල ගණන් ඉතා පහත් වීමදැයි නොදනී. කෑමෙන් බිමෙන් පසුව කූරගල බලා  පිටත් වීමට කිමි 2 ක් පමණ යායුතුව ඇත. එම පාරට හැරෙන තැනම බුදු පිළිමයක් ඇති අතර අලුතින් සවි කල පහත පුවරුවද දැක ගත හැකි විය. දහවල් කාලය නිසා අපි තුන් රියකින් ගමන පටන් ගත්තෙමු. ඒ යන අතරතුර ඔහුගෙන්ද තොරතුරු ගැනිමට අමතක නොකලෙමු.කූරගලට යන විට ත්‍රී වීල් රියැදුරුගේ අදහස් .....//තැන්න පටන් ගන්න හරිය සිංහල, කූරගලට යද්දි මුස්ලිම්, ගෙනත් ගෙනත් පදිංචි කලා. ඉස්සර මේක පුද්ගලික ඉඩමක්, අයිතිය තිබුනේ රත්වත්තේ වලව්වට. පස්සේ කාලක සිරිමාවෝ මැතිණිය මේක ලියලා දිලා තියනවා අබුසාලිට\\කූරගල ගොස් පැණීමේදි මෙම දුර පයින් ඒමට තීරණය කර තිබුණත්. අතරමගදි අපට නැවතත් ඒ ත්‍රීවීල් කරුම හමුවිය. ලිපියේ මෙතනම ඔහු එනකොට පැවසූ අපූරු අදහස සටහන් කරන්නෙමි.කූරගලින් එන විට ත්‍රී වීල් එම රියැදුරුගේ අදහස් .....//මම නම් ඔය කියන තැනට පොඩි කාලෙවත් ගිහින් නැහැ......\\රුපියල් 150 ක් ගෙවා කූරගල ගල්තලාව පටන් ගන්නා තැනට පිවිසියෙමු. ඉන්පසු ගමන ඇරඹුවේ පහත පින්තූරයේ පෙනෙන ගල් පඩි දිගේය. හිතන්න මේ ගල් පඩි ඔබ දැක තිබෙන්නේ කොහෙද?. ගමනේ ඇරඹුමම අපේ සිත් තුල ගොඩ නැගෙන්නේ කුමන හැඟුමක්ද? පිළිවෙලට ගලින් නිමවු ගල් පඩි මතින් ඉදිරියට ඇවිද ගියෙමු. හතර වට හොඳින් පෙනේ, විශාල වපසරියක් දර්ශණට හසුවෙයි. මෙවන් එලිමහන් තැනක්, එකල රජ කල රජ කෙනකුට මග හැරෑ යා හැකද? උස් කඳු මුදුනක් හමූ වූ විට එය මූලික කරගනිමින් විහාර ආරම කල රජදරුවන්ට කූරගල අමතක කලාද? මේ පැණයන්ට පිළිතුර සොයා අපි තව තවත් ඉහළට ගල් පඩි මතින් ඇවිද ගියෙමු.කූරගල යනු සිංහලයන්,බෞද්ධයන් වැඩිපුර එන තැනක් බව අපට සාක්ෂි සහිතව ඔප්පු කරිමට හැකියාවක් ඇත්නම් එයට සාක්ෂිය වූයේ, කර ඇති විනශය හෙවත් තින්තෙන් හා වෙන වෙන ආකර වලින් නම් ලියා ඇති බව දුටු නිසාය. නමුත් ලං වි බැලු කල ඒවා නව්ෂාඩ් මොහොමඩ් රහිම් අදි කොට ඇති බැවින් ජාතිය මොකක් උනත් මුන් ඔක්කොම ශ්‍රී ලාංකීක නොවේදැයි සිතුණී.විදුලි බලය කූරගල කන්ද මුදුනට ඇති බව දැන ගත්තේ කොල පැහැති වයර් වලින් අමුණා ඇති විදුලි බුබුළු දැකිමෙනි. ඈතට මකර තොරණක් දිස් විය. සිතූ පරිද සිංහල රජදරුවන් කූරගල අමතක කර නැත. විහාරයක පිවිසුම වූ මකර තොරණින්ම ඉදිකිරිම පටන් ගෙන ඇත. පිවිසුම් තොරණ වෙත ලං ලං වන විට එය කොළ පැහැ බව දක්නට ලැබුණි. එතනට ලඟා විටම ඇති පඩි පෙලේ ඉන්ග්‍රීස් අක්ෂර වලින් නම් කොටා ඇත.  සිතා ගත නොහැක. කොටා ඇති නම්, තොරණේ ස්භාවය කිසිම බෞද්ධ සලකුණකට අදාල නැත. වෙනසක් දැනුනි. අපට වැරදීමක් සිදුව ඇත්ද? කූරගල මෙතන නොවන්නේද?  යන ප්‍රශ්න හටගත් සැනින් නැති වි ගියේ කලින් දැනගත් පරිදිම අප මේ පිවිසෙන්නේ, පෞරාණික බෞද්ධ උරුමයක් වර්තමානයේ මුස්ලිම් දේවස්ථනායක් බවට බලයෙන් හැරවූ බව දන්නා බැවිනි. අතර මග පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් සවි කල හඳුනා ගැනිමේ කණුද දක්නට ලැබුණු.හොඳින්බලන්න ඉංග්‍රීසියෙන් කොට ඇති දේතවතවත් පඩි නගිමින් ඉදිරියට ගිය තැන. පහළට බැසිමට තවත් පඩි පෙළක් හමු විය. ගල් තලාවෙන් වටවූ මෙම වපසරිය තුල පහත දර්ශණ දැක ගත හැක. පුරාවිද්‍ය දේපර්මේන්තුව සවි කල පුවරු දෙකක් ඒ තුල දක්නට ඇත. වම් පසට ඇත්තේ මුස්ලිම් පල්ලියයි, දකූණු පසට ඇත්තේ තවත් කන්දකි. මුලින්ම වම් පසට යෑමට තීරණය කලෙමු. ඒ අනුව ගල් ලෙන් සම්බන්ද කරගනිමන් ඉදි කර ඇති පල්ලිය අපිට දක්නට ලැබුණි. ඔය අතර සනිඳු හා දිනුක විසින් කටාරම් වලට යටින් ඇති සෙල් ලිපිද සටහන් කර ගන්නා ලදී. එහි පරිවර්තනයද පහතින් දක්වා ඇත.  ඊට මදක් ඔබ්බෙන් තවත් ගල් ගුහාවකි එහිද කටාරමක් මෙන්ම සෙල් ලිපියක් පවතියි. නමුත් හාත් පස කොළ පැහැයෙන් වර්ණවත් වී ඇත. සුන්දර දසුන් මවන, රජ දවස ආරක්ෂවා හා සංවේදි ස්ථානයක විහාර ආරමයක් කිරිමට රජ දරුවන්ට නොහැකි විනිද යන්න යලි යලිත් ඉස්මතු වෙන්නේ, කටාරම් සෙල්ලිපි වලට අමතරව බෞද්ධ නටබුන් වල සංකේතයක් තවමත් හමු නොවූ බැවිනි.සෙල් ලිපිය එක - වැඩිදුරලිපිය - (ද)තහ ශමුදහ ලෙණෙ"හ" - ගේ යන අර්ථය දේදතහ - දත(දත්ත) ගේශමුදහ - සමුද(සමුද්‍ර) ගේතේරුමදත්තගේ සහ සමුද්‍රගේ ලෙණසෙල් ලිපිය දෙක - වැඩිදුරදෙවන සෙල් ලිපිය ඉහත වෙබ් අඩවියේ වැරදියට කියවා ඇත. එය පහත පරිදි දැක්විය හැක"පරුමක ශුමනහ _ _ _  පරුමකලු ශුමන _ _"එනම්,පරුමක - ප්‍රමුඛ , ප්‍රාදේශීය රජපරුමකලු  - පරුමක වරිය , ප්‍රාදේශීය රැජින වගේ අර්ථයක්තව දුරටත් තේරුමප්‍රමුඛ ශුමන/සුමන ගේ _ _ _ ( බිරිද හෝ දියණිය විය යුතුයි ) වන ප්‍රමුඛ ශුමනා/සුමනා ..ඕකෙන් තේරෙන්නෙ , කූරගල පැත්ත පාලනය කරලා තියෙන්නෙ සුමනා , කාන්තා ආධිපත්‍යයක් , එයාගෙ අප්පොච්චි/සැමියා ගෙ නම සුමන.ඉහත පරිවර්තනයන් සහ ඒවායේ වැඩිදුර තොරතුරු දැන්වූ සනිඳු  හා දිනුකට ස්තුතියඔය අතර කතාවට පුද්ගලයෙකු හමු විය ...//සෙනඟ වැඩිපුර එන්නේ කොඩි ගහ උස්සන කාලෙට.... දෙවනි මාසේ හා තුන් වෙනි මාසය තමයි සිසන්... මේකේ විස්තර වෙබ් සයිට් එකේ තියනවා .... බෞද්ධ මුස්ලිම් යන දෙගොල්ලොම එනවා ..... වෙසක් පොසොන්  පෝය දවස් වලටත් කට්ටිය ගොඩක් එනවා .... පාලක මණ්ඩලයෙන් තමයි විස්තර අහන්න ඕනේ .... උඩ ච්‍යෛත්‍යක් තියනවා ... ඒ ගැන තොරතුරු දන්නේ නැහැ ... නැහැ අපි දන්නේ නැහැ ඒවා ගැන ...\\සමන්‍ය කතා බහ අතර තුර, කෙලින්ම මූලික ප්‍රශ්නය වූ මෙය පැරණි බෞද්ධ සිද්දස්ථනයක් දැයි ප්‍රශ්න කලෙමි. චෛත්‍ය ගැනත් ඇසුවෙමි. පිළිතුර වූයේ එවා ගැන නොදන්නා බවයි. ඔවුන් හැම විටම ඒ අතීතයට යෑමට අකමැති වූහ.... නොදන්නා බව පැවසූහ .... පුදුමය නම් කොඩි ගහ උස්සන කාලෙට එන සෙනඟ ප්‍රමාණය 35000 ක් පමණ වන බව දනි. පුරාවිද්‍ය  දේපර්මෙන්තුවෙන් සිංහලෙන් දෙමළෙන් හා ඉන්ග්‍රීසි යන තුන් භාෂවෙන් ගසා ඇති පුවරු ගැන නොදැන සිටිමයි.එන අතරතුර වෙලඳාම් කරමින් සිටි වෙලෙන්දියකගෙන් පේර ගෙඩියක් රුපියල් 10 බැගින් දී ගත්තෙමු. ගෙඩි හතරට රුපියල් පනහක් දි පිට වුයෙමු.නැවත අපි දකුනු පසින් වූ කන්ද නැගිමට ගල් පඩිමතින් ඉදිරියට ගියෙමු. ගල් තලාව ගල් පඩි පසු කරමින් ඉහලට නැගුනෙමු. කොළ පැහැ කොඩි කනුවක් අතරින් ගඩොල් වලින් සෑදූ යමක් දකින්ට ලැබුණත්, ඊට මදක් මෙහායින් ආරුක්කුවක් වැනි යමක් දක්නට ලබුනි. පැහැදිලිය මෙතන රජ දරුවෝ අමතක කර නැත. චෛත්‍යක නටබුන් සංරක්ෂනය කර ඇත. මදක් ඔබ්බෙන් මුස්ලිම් ඌරුවට ගිය  නව ඉදිකිරිමක් පඩි පෙලක් සමග ගුහාවකට මාවත පෙන්වයි. මුලින්ම චෛත්‍ය වෙතට ගිය අප ඒහි සිට අවට බැලුවෙමු. ඊලඟට ගුහාව තුලට යාම පටන් ගත්තෙමු. පහත පිනතූර පෙළ ගුහව මොනවට පිළිබිඹු කරයි. අප සමඟ තවත් මුස්ලිම් වන්දනා කරුවන් පිරිසක්ද ගමන් කළහ. දැඩි හිරු රශ්මියත්, ගමන් විඩාවත් නිසා ඇති වූ, පිපාසය සංසඳුවා ගැනිමට අප රැගෙන ගිය ජලය ඔවුන් ඉල්ලූ නිසා ඉතාම සතුටින් එයද ඉෂ්ට කර දුන්නෙමු.//එක් පසෙක චෛත්‍ය අනික් පස මුස්ලිම් ඌරුවට ගිය ඉදිකිරිම්. කොඩි වැල. කොඩි කනු අතර ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය කවදා දක්නට ලැබෙයිද? \\සිතෙහි එවන් අදහසක් පැමණියත්, බහු ජාතික, බහු ආගමික අන්තවදී නැති සිතුවිලි හරබය සමඟ ඒ අදහස ලත් තැන ලොප් වී ගියේය. මගේ ජාතිය මගේ ආගම  හැඟිම් පොදිය සමඟ කූරගල එම ගල් ගුහව ලඟ කොඩි කනුව යට සිටම පාන් සමඟ ජෑම් කෙසෙල් තල මෙන්ම මුරක්කුද ආහාරයට ගත්තෙමු. නමුත් බීමට වතුර නැත. බුදුරාජාණන් වහන්සේ දේශානා කල දානය නොහොත් දිමෙන් ලද පින හෙවත් පුණ්‍ය කර්මය ගැන සිතමින් හා ඒ ගැන චිත්ත ප්‍රමෝදයෙන් වතුර නොමැතිව පල්ලම් බැසීමට පටන් ගත්තේ කෙහෙල් ලෙලි ටික ඈත අහසේ පා කර යවමිනි. නැවත වරක් චෛත්‍ය දෙසට හැරි පින්තූරයක් ගැනිමට අමතක කලේ නැත.එන අතරමඟ කඩේකට ගොඩ වුයේ වතුර බෝතලයක් මිල දී ගැනිමටය, රුපියල් 75 ක් දි ශීත කලවතුර බෝතලයක් ගන්න ගමන් සුපුරුදු ප්‍රශ්නවලිය ඇයටත් යොමු කලෙමි.සෙනග එන්නේ පෙබරවාරි මාර්තු වල නේද? ගොඩක් සෙනග එනවලු නේද? යන ප්‍රශ්න වලට සමන්‍ය පිළිතුරු දෙන අතර තුර, // පුරාවිද්‍ය දෙපර්මෙන්තුවෙන් අලුතෙන් කඩ හදන්න දෙන්නේ නැහැ\\ යයි ඇය පැවසුවාය. අපගේ මූලික ප්‍රශ්නය ඇසීමට පොටක් පෑදෙන තුරු බලා සිටි අපට ඇය විසින්ම පොටක් පාදා දුනි. වෙලාව එනතුරු බලා සිට ක්ෂනිකයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කලෙමුඋඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.//ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\ඔවුන්ව මේ පිළිතුරට පුරුදු කලාද? ඔවුන්ම එය ඇත්තටම පවසවාව දැයි යන දෙගිඩියාවෙන්.... ශිත කල වතුර බොමින් ආපසු ඒමට පිටත් වුනි. කූරගල ගමන අවසන් කරමින් පඩි පෙළවල් අවසන් කරමින්, පාරට පිවිසියෙමු. ගමේ කෙනෙකු සම්බන්ද කරගනිමින් තොරතුරු ටිකක් සොයාගත යුතු යැයි සිතමින් එන අතර තුර, කූරගලත් තැන්නත් වෙන් කරන මායිමේ තවත් මුස්ලිම් පල්ලියක් අසල ගෙයක් සාදිමන් සිටි මැදි වියේ පුද්ගලයෙකු හා කතා බහට වැටුණි.//ඔතනින් එහා පැත්තේ පන්සලක් කියනවා\\//ගමේ සිංහල පවුල් 300 ක් විතර, මුස්ලිම් පවුල් 150 ක් විතර ඉන්නවා\\// මේක තමයි ගමේ පල්ලිය ..කූරගල කන්දේ තියෙන්නේ පුද්ගලික එකක් .. ගමේ අය එන්නේ මෙතනට ....\\// සිසන් එක කොඩි ගහ උස්සන කාලේට ..ඒදවස් වලට එන හැමෝටම කන්න දෙනවා\\// සල්ලි කාරයෝ තමයි වියදම් කරන්නේ ..සැහෙන්න ආධාරත් හම්බුවෙනවා ....\\ යනාදී සමන්‍ය කතා බහෙන් අතර තුර නැවතත් කඩඉම් ප්‍රශ්ණය යොමු කරන ලදීඒක උඩ චෛත්‍යක් තියනවා නෙද්? නටබුන් එහෙමත් තියනවා? ඉස්සර එතන පන්සලක්ද?පිළීතුර එකම විය // ඒ ගැ නම් දන්නේ නැහැ\\සුහද ශිලිව කතාව අවසන් කර අපි ගිහින් එන්නම් යැයි කියා එන්නට පටන් ගත්තෙමු. ඔය එන අතර තුරේදි මුලින් සටහන් කල පරිදි මුල් ත්‍රීවිල් රියැදුරුම හමු විය. ඔහු නොමිලේම අපව ප්‍රධාන බස් පාරට ගෙනත් ඇරලවූ අතර ...ඒ වේලාවේදිම එතනින් ගිය බලංගොඩ බස් එකද නතර කර දුනි.. බසටය ගොඩ වීමට හදිස්සිය නිසා ... අප මුලින්ම ආහාර ගත් කඩයේ නංගිලාට අතවනමින් දුවගෙන ගොස් බසයට ගොඩි වි..අපි පැමණි කාර්යය සර්ථකව අවසන් කලෙමු. නැවත කොළඔට ලඟා වන විට රාත්‍රී දහයද පසු වි තිබුණිකූරගල පිළිබඳ නීතිමය තත්වය1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින්  පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු වියඉහත කරුණු දෙක උපුටා ගැනිම - http://sinhale.wordpress.comකූරගල ඉතිහාසයඈත අතීතයමෙහි ඉතිහාසය රාවණ රජ සමයට යන බව පිළිගැනිමයි. රාවණ රජු පාලන කල රාජ්‍යන් අතරෙන් ඉන්ද්‍රගිරි රාජ්‍ය ලෙස මෙය සලකනු ලබයි.තවත් කතාවකට අනුව මෙම ස්ථානය වලගම්භා රජු යුද්ධ වලදි සැඟවී සිටිමට හා යුද සැලසුම් හා සේනා සංවිදාන කරාණා සම්බන්දයෙන් යොදගෙන ඇත. මේ අවට පරිසරය පිහිටිම බැලූ කල එය සත්‍යක් බව ඔබටත් වැටහේවිමීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත.එකල රහතන් වහන්සේලා වැඩ විසූ තැනක් බවත් පැවසේයිදහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්‌තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මෑත අතීතයමරික්‌කාර් නම් මුස්‌ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක්‌ රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්‍රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්‌ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය. 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.වැඩි දුර තොරතුරු සඳහා පහත ලිපි දෙක කියවන්න   http://www.ecopalace.lk/artical/kuragala/kuragalass.html  http://www.divaina.com/2011/03/30/badada02.htmlකූරගල සංචාරයට උපදෙස්ඔබට හැකි පරිදි ඔබේම වාහනය හෝ පොදු ප්‍රවහාන සේවා  බස් වල යා හැක.මාර්තු අප්‍රේල් කාලය මග හැර යෑමට උත්සාහ කරන්න හැකි තරම් උදෙන් කොළඹින් පිටත් වෙන්නවතුර රැගෙන යන්නතැන්න හංදියේද කඩවල් ඇතඅනවශ්‍ය බර උස්සන් නොයන්නරැගෙන යන සියල්ල නැවත අරගෙන එන්නපිට ගමකට යන බැවින් ඔබ ඒ ගමේ විදිහට හැසිරේන්නඑතැන ගැන කැක්කුමක් ඇත්තනම් හා ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධයෙක් විදිහට හැසිරෙන්නපසු සටහනඔබට කූරගල පිළිබඳ අවංක කැක්කුමක් තිබේ නම් ඔබම ගොස් බලන්න. ඒ අත්දෑකීම ලබාගන්න. කන්ද මුදුනේ ඇති ගුහාව තුලට යන්න. ඒ තුල එක් ස්ථානයකට හොඳින් හිරු එළිය වැටේ. එය දේවතා එලියක් හාස්කමක් නොව. හිරු එළීය ඇති විට හිරු එලිය ගුහාව තුලට පතිත වීමකි. කන්ද මුදුනේ සිට අවට බලන්න. කන්ද මුදුනේ සිට වෙල්යාවවල් පෙනෙන අයුරු බලන්න. චෛත්‍ය දැක බලාගන්න. කොළ කෙඩි අතරින් කටාරම් සෙල් ලිපි බලන්න. ඒ මිනිසුන් සමඟ කතා කරන්න. සියැසින් දැකබලා ඔබම තීරණය කරන්න කූරගල තත්වය. තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න. කල් දමන්න එපා.නිධාන කතාවනදී විසින් රිශෙයා කරන ලද යෝහාන් කණිෂ්කගේ බස් එකක දුර දිග යෑමක් මේ ගමන ක්ෂනිකව සංවිධනාය වීමට හේතූ බූත විය.එම බසයට මෙතනින් යන්න. අපිම දැක බලාගෙන තීරණයක් ගන්න කල් මේ ගැන අදහස් පැවසිය නොහැකි නිසා මේ ගමන අපිම ගියෙමු. එහිදි අත්දුටු දැක බලාගත් දේ සියල්ල මේ ලිපිය සමඟ මෙසේ බෙදා හදා ගත්තෙමු. කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි.ස්තූතියබස් එක දැමූ යෝහන් කණිෂ්කරිශෙයා කලා නදීඑම බසයේ අදහස් දැක්වූ සියල්ලන්ටමගමන සංවිධානය කල ලසිතගමනට එක්වූ සනිඳු  දිනුකගමන අතර තුර ඉතිහාස/ ජනප්‍රවාද / අදී බොහෝ කරුණු ගෙන හැර දැක්වු මෙන්ම සෙල් ලිපිය පරිවර්තනය කල සනිඳු  දිනුකට අනේක වාරයක් ස්තුතියි.අවසන් වශයෙන් මේ දිගු ලිපිය බැලූ ඔබටත් ස්තුතියි.අපේ ඉතිහාසය වෙනුවෙන් පොඩි සත්කාරයකට එකතුවීම ගැන මා හට ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකිමෙන්න තව පින්තූර කිහිපයක්තවත් බ්ලොග් සටහනක් - http://www.kedapatha.info/2011/09/2011_24.htmlවර්තමාන සකච්ඡාවක් - http://www.bauddhaya.com/index.php/component/content/article/2-home/5-2011-07-19-18-51-12වැප්   ...   වැඩිදුර >>

මැරුණොත් මොකද වෙන්නේ   |   වැප් | 2011-09-25 07:19:56.000006
මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.දැන් බ්ලොග් එකේ ලිපි නොලියවෙන්න මූලික හේතුව තමයි බස්රේඩියෝව ඒකේ බ්‍රහ්ස්පතින්දා රාත්‍රී 8.30 ට කරනා කතාBuzZ වැඩසටහනත් එක්ක සතිය ගෙවෙනවා දැනෙන්නෙවත් නැහැ. ඒ වැඩ සටහන හින්දා ඒ අදලා පුද්ගලයාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න වෙනවා. [ ඊට අමතරව ඕපදූප හොයන්න වෙනවා ඔහු හෝ ඇය ගැන. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්.]. මේ වැඩසටහනත් එක්ක කට්ට කන තව දෙන්නෙක් ඉන්නවා ඒ තමයි බීටල් හා දුලන්. ඔවුන් දෙන්නවත් බස්රේඩියෝව අහන ඔබ සැමත්, රේඩියෝව කරන අනික් පුද්ගලයනුත් මේ කට්ටම කනවා කියලා මතක් කරන්න කැමතියි :DDDD [ බස්රේඩියෝව පිටින් කම්මැලි කම යවන ලදී :DDD ]නැවතත් මරණයට ........ජිමෙයිල් / ෆෙස් බුක් හා අනිකුත් ගිණුම් වලට මොකද වෙන්නේ කියන එක මේ ලින්කුවෙන් ගිහින් බලාගන්න http://www.makeuseof.com/tag/what-happens-to-your-email-and-social-networking-sites-when-you-die/උඩ තියන ලින්කුව ඒ ගිණුම් ගැන කතා කලත්. මගේ වෙබ් සයිට් වලට මොකද වෙන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්ණය. මීට ටික කාලයක කලින් මාත් ආසාවට ගත්තා www.wapnishantha.lk  කියන .lk ගිණුමක්, අදහස උනේ බ්ලොග් එකත් මේ නමට මාරු කරලා මගේ  මූලික විස්තර ටික දාලා වැඩේ කරන්න. ඒත් පස්සේ කල්පනා උනා. මම මැරුණට පස්සේ කවුද .lk එකට අවුරුද්දට රුපියල් 3360 ක් ගෙවන්නේ, ඒ විතරයෑ ඉඩ හෙවත් හොස්ටින් එකට සල්ලි ගෙවන්නේ කවුද? ඔය ප්‍රශ්න වලට මට පිළිතුරු නැහැ. කොහොමත් මගේ ගෙදර උදවියට මේ අන්තර්ජාලය පිළිබඳව හෝ ‍මේ වැඩකටයුතු පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ තියා අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මම බ්ලොග් ලියනවා කියලවත්. ඉතින් ගෙදර අයට මේවායේ ලොගින් දිලා තිබ්බට වැඩක් නැහැ. අනික මම නැති දවසක එයාලට මොකටද මේවා.ඉතින් ඔය විදිහට කල්පනා කරලා මගේ නමින් ගත්ත .lk ගිනූමේ වැඩේ එතනම නතර කලා. ඒක එහෙම්ම නැති වෙලා යයි. හැබැයි ගුගල් වල හෙවත් බ්ලොග්ස්පොට් වල දාලා තියන මගේ බ්ලොග් එක නම් ගුගල් තියන කම් පවතියි. ඒ හන්දා ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ හන්දා ඔය ඩොමෙයින් නේම් අරන් බ්ලොග් කරන කට්ටිය දැන් තියා කාව හරි ලෙහෙස්ති කරගන්න සල්ලි ගෙවන්න කවුරු හරි :DDD. ඒ මගේ පුද්ගලික බ්ලොග් අඩවියනේ.  එතනින් එහාට ගියාම, මම වැඩ කරන පොදු වේබ් අඩවිල වල ලොගින් සහ සියලුම ගිනූම් තොරතුරු ඒකේ ඉන්න අයත් එක්ක බෙදාගෙන තියෙන්නේ. ඒ හන්දා මං නැතුව උනොත් ඉන්න කෙනෙක්ට ඒ වැඩ ටික කරන් යන්න පුලුවන්.ඔන්න ඉතින් මේ මාසේට එක ලිපියක් දැම්මා. නැත්නම් ඉතින් මේ මාසේ ලිපියක් නැතුව යනවා.වැප්   ...   වැඩිදුර >>

තහනම් ආයෝජනය හා පොළියට පෙම් බැඳිම   |   වැප් | 2011-08-21 15:33:25.000006
ගිය සතියේ ලංකාදීප පත්තරේ මේ සතියේ තමයි බලන්න පුලුවන් උනේ. ඒ බලන් යද්දි පහත පින්තූරය දැක්කම  , ලිපියක් ලියන්නම ඕනේ කියලා හිතුනා. මට හිතෙන්නේ ආයෙත් මේ තහනම් හා නිතිවිරෝධී ආයෝජන ක්‍රම හිස ඔසවලා වගේ. එහෙමත් නැත්නම් සක්විතිලා දඬුවම් මුදලාලිලා හැම තැනම ගැවසෙනවා වගේ. නැත්නම් මහ බැංකුව මෙහම දැනුම් දිමක් කාලෙකට පස්සේ ආයිත් කරන්නේ නැහැ. ඔන්න දැන් බ්ලොග් අවකාෂයේ මේ වගේ අය ඉන්නවා නම් ප්‍රවේසමෙන්. :DDDD ඇත්තම කිව්වොත් මාත් අහු උනා. ඔව් ඒ දවස් වල තිබ්බ පිරමීඩ් ක්‍රමයකට මම අහුවෙලා තියනවා. ඊට අමතරව ඉස්කෝලේ කාලේ පොඩියට තියන සීට්ටුවකටත් අහුවෙලා  තියනවා. ඒක උනේ මෙහෙමයි දැන් ඔය සිට්ටුව දාන එකාටනේ මුල් සීට්ටුව අයිති. මට මතක විදිහට බුවා පොඩි කාලේ ඉදන් අපිත් එක්ක එකටම හිටපු බොක්කක්. ඒ හන්දා අපි අනික් සෙට් එකත් පුරුදු පරිද දැම්මා සීට්ටුව. හරි හය වසර ඔව් හය වසර තමයි. සිට්ටුවේ මුලු අගය රුපියල් සියයි. ඔන්න දැන් තුන්ඩු උඩදාලා මටත් අංකයක් අවා පහද කොහෙද. අවුලක් නැහැ පහ කියන්නේ හොඳ ස්තානයක්නේ. මේ වැඩේ කලේ සිකුරාදා දවසක. අනික අපේ විදිය තමයි එක දවසේ සීට්ටු බේරන ක්‍රමය. ඒ හන්දා අංක එක ගත්ත එකා උඩ පැන පැන ගියා උගේ දවස ලබන සඳුදා කියලා. ඒ එක්කම එක දවසේ සීට්ටු හින්දා සීට්ටුව දාපු එකා රු 100 එදාම ගත්තා. මාත් පස් පාරක් උඩ පැන්නා මං පහනේ. ඔන්න දැන් සඳුදා ආවා. අනික් සැට් එක ඉන්නවා. සීට්ටුව දාපු එකා නැහැ. හික් දෙවනි දවස අවා අරු එදත් නැහැ හික් තුන් වෙනි දවස අරූ ඒත් නැහැ හික්අරූ එන්නේම නැහැ කියලා ටිච කිව්වා හික්ඌ වෙන ඉස්කොලයකට ගිහින් හික් හික් හික්ඔන්න ඔය කේස් එක හින්දා සීට්ටු තහනම් වචනයක් උනා. හැබැයි ඉතින් මෝඩ කමට බේත් නැහැ කියන්නා වගේ ලොකු ලොකු දර්ශන දාගෙන එන එව්වාට අහුවෙනවා. ඒකනේ අර පිරමිඩ් ක්‍රමයකට අහුවෙලා දහස් ගානක් මම නැති කරගත්තේ. ආකර්ෂනිය පොලී අනුපාත කියයි. සල්ලි ඕන වෙලාවක ආපහු ගන්න පුලුවන් කියයි. දහසකුත් එකක් කියන හොර ආයතන කොච්චර නම් තියනවාද. ඒවට කීදෙනෙක් අහුවෙනවද? කිදෙනෙක් අහුවෙලා සද්ද නොකර ඉන්නවද? [ හික් මෙච්චර කලක් මාත් කටවහන් හිටියේ ]. මතකනේ ප්‍රමඛ බැංකුවේ කතාව. අහුවෙලා කියලා දන්නේ බැංකුව වහලා මහ බැංකුවෙන් නිල නිවේදන කලාට පස්සේ. ඒ හන්දා ඔය සක්විති දඩුවම් මුදලාලි වගේ අය විතරක් නෙමෙයි. බිල්ඩිමක් තියන ඔෆිෂියල් විදිහට බොරුව කරන ආයතනත් තියනවා කියලා දැනගෙන ඉන්න එක වටිනවා. ඊට අමතරව ඔය ලංකා දිපේ එහෙම මම දැකලා තියනවා ඔබට ආයෝජනයට අවස්තා කියලා. වැඩි පොලි දාලා දැන්විම් තියනවා. සමහරු ඕවාට අහුවෙනවා. හැබැයි ගොඩක් අය දැනුවත් පත්තර වල තියන එව්වාට අහුවෙනවා අඩුයි. හැබැයි දැන ඇදුන්කම් වලින් ඔය වගේ දේවල් වලට අහුවෙන ප්‍රමාණය වැඩියි. ඒ හන්දා අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි වංචාකාරයන්ට, වංචාකාර ආයතන වලට අහුනොවෙන්න වගබලා ගන්න එක අපේ යුතුකම.හික්හික් පොඩි කාලේ ඒ වගේ දෙවල් වලට අහු උනාට දැන් මම ලොකු ළමයෙක්. ඒ හන්දා ආයේ අන්දනවා බොරු මාව :DDDවැප්   ...   වැඩිදුර >>

මී මුරේ තවදුරටත් දුෂ්කර ගමක් නොවෙයි / Meemure   |   වැප් | 2011-08-03 05:14:46.000002
මී මුරේ, සමහරුන්ට මැවෙන්නේ අමුතුම රූප සටහනක්. ඔව් ඔබ ඒ ගමට මීට අවුරුදු පහකට හයකට උඩදි ගියා නම් එය නිවැරදි‍ වෙන්න පුලුවන්. නමුත් ඔබ මෑතක එහෙමත් නැත්නම් මේ අවුරුද්දේ ගියා නම් දුශ්කරයි කියන වචන එච්චරම උචිත නැහැ. දුශ්කරයි කියන කාරනයත් සාපේක්ෂ දෙයක්. එම නිසා මට නම් තව දුරටත් මීමුරේ කියන ගම දුශ්කර ගමක් නෙමෙයි. හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, නකල්ස් කඳුවැටියෙන් වටවූ මේ සුන්දර ගම්මානය කෙළවරට යනතුරුම දැන් කොන්ක්‍රීට් කරනලද පාරක් ඇත. දැනට පවුල් 118 ක් එම ගමෙහි ජිවිත් වෙයි.මීමුරේ ගිය ගමනෙදි අපි නාවාතැන් ගත් ස්ථානයේ හිමිකරු වන නවරත්න මහතා සමඟ කරන ලද කතාබහක සංෂීප්තයක් පහත පරිදි පෙලගැස්විය හැකමී මුරේ ඉතිහාසය - History of Meemureඅනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගලමුදුන ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.පහසුකම් - Facility of Meemureදැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්‍ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික ‍දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය. අධ්‍යාපණය - Education ළමයිගේ අධ්‍යපණ උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යපණයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යපණයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.ආර්ථිකය - Economyපාරම්පරික කිතුලි පැණි  ගම්බිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.සංචාරකයෝ - Tourism ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.තර්ජන - Influence  පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැතසංචාරක ස්ථාන - Attraction ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව  වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.සංචාරයට උපදෙස්1. නගරයෙන් බොහෝ ඈත නිසා අවශ්‍ය කැම බිම රැගෙන යන්න2. වාහන හොඳ තත්වයක තිබේ දැයි පරික්ෂා කර බලාගන්න3. ගමේ කවුරුන් හෝ සම්බන්ද කරගෙන ගම තුල ඇවිදින්න4. කූඩැල්ලන් සිටින නිසා එයට පෙර සුදානමකින් යන්න5. දුෂ්කර ගමක් ලෙස නොසිතන්න6. ගෙන යන සියලු දැ රැගෙන එන්න7. පරිසර හිතකාමි වන්නවැඩි දුරhttp://en.wikipedia.org/wiki/Meemurehttp://www.dailynews.lk/2003/04/05/fea08.htmlවැප්   ...   වැඩිදුර >>

පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව   |   වැප් | 2011-07-29 03:19:12.000004
හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්නසැම දෙනාම එකාවන්ව ගොඩවන්නඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්නපහනේ තෙල් සුවදින් සිත් සැනසේවාපහනේ ආලෝකය දසතම පැතිරේවාපහනේ උණුසුම සැමටව සුවදේවාපහනේ දැල්ල නිම වන තුරු නොනිවේවාමුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදීකවිමඩුවට මෙතනින් යන්න http://kavimaduwa.lankeeya.lk/index.phpඋපුටා ගැනිම ලාංකීය සිතුවිලිඔබ   ...   වැඩිදුර >>

අවසර දෙනවද අම්මේ‍   |   වැප් | 2011-07-17 03:30:03.000006
කලකට පසුවයි අම්මේඔබ සමගින් එක මග යන්නේසැමදා දුටුවත්, ඔබේ රුව අම්මේකරුණා සේ‍නෙහස බුදු ගුණ වින්ද නිසා,නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේවියපත් වි ඇති බව දුටුව නිසාමව් ස්නෙහස වැඩි වූවා අම්මේඔබේ විඩාට සවියක් වන්නටදානය අරගෙන ගමේ පන්සලටඑන පෝයට එන්නද මා අම්මේසිල් සුවඳයි ඔබේ සුවඳයිවිඳින්න මට අවසර දෙනවද අම්මේ‍මා ඔබ පුතුම නිසා අම්මේඅවසර ඇත මා හැර යන්නටනිවන් පුරට වඩිනා දා සිට, අම්මේයන මග එලි කර හරි මග කී උබමගේ සවියගෙන මටම මවම වි එතකල් ඉඳපන් අම්මේ   ...   වැඩිදුර >>

Open Space ලංකාවට නවමු අත්දැකිමක්   |   වැප් | 2011-06-14 16:32:05.000001
බටහිර රටවල දැනටමත් ක්‍රියාත්මක වන ලංකාවට,අපිට අලුත් වූ සංකල්පයක් OPEN SPACE ආයතනය හඳුන්වා දී ඇත. සමහර විට ඔබට මෙය නවමු ඇත්දැකිමක්ද නොවනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම සංකල්පය කුමක් දැයි මුලින්ම හඳුනා ගනිමු. හිතන්න ඔබ නිර්මණයට දක්ෂයෙක්. නැතිනම් සංකල්ප වශයෙන් අලුත් දේ ඉදිරිපත් කරන්නෙක් තවදුරටත් කියන්නේ නම් විවිධ අංශයන්ගේ හැකියාව හා දැනුමක් ඇති අයෙක්. එසේ නම් Open Space යනු ඔබට ගැලපෙන ස්ථානයයි. විවධ අංශයන් හි විවිධ හැකියාවන් තියන පිරිසක් එක් තැනකට එකතු වි සාකච්චා කරමින් දැනුම බෙදා ගැනිම තමයි මෙම සංකල්පය. එයට පහසුකම් සැලසිමක් තමයි ඕපන් ස්පේස් සිදු කරන්නේ. මෙහදි එක් අයකුගේ වැඩකට තවත් අයෙකු බාදාවකින් තොරව එකතු කරගැනිම තමයි සිදුවෙන්නේ.1. කොහෙද මේ ආයතනය තියෙන්නේ?186, තුන් වෙනි මහල, ගාලු පාර, කොළඹ 4[ගාලු පාරේ මැජෙස්ටික් සිටි සුපිරි වෙලඳ සල පසුකොට දෙහිවල දෙසට යන විට මුහුද පැත්තේම]2. කවුද මෙතනට එන්නේ?පාසල් සිසුන්, විශ්ව විද්‍යල සිසුන්, විවධ වෘතිකයන්.3. පහසු කම්?පාසලක පුස්ථකාලයක එහෙමත් නැත්නම් කාර්‍යලයක ඉගෙන ගන්නා හෝ වැඩකරන ඔබට එයින් මිදී ගෙදරක වටපිටාවක් මෙහිදි දැක ගත හැක. ඒ වගේම විවධ වූ දක්ෂතා හැකියවන් ඇති පිරිසක් නිතරම ගැවසෙන බැවින් ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ සහාය, ඔබට ලබා ගත හැක. මීට අමතරව අන්තර්ජාල පහසුකම් හා වායූසමනයද යුතු මිත්‍රශීලි වටපිටාවක් ලැබේ.දැනුම හා හැකියාවන් බෙදා ගැනිම හා එකතු කර ගැනිම තමයි මේ සංකල්පයේ මූලික අරමූණ වෙන්නේ. මෙතනදි ආයතනය පවත්වාගෙන යාමට යම්කිසි පිරිවැයක් දරන බැවින් සාධාරණ මුදලක් අය කරයි. එන පිරිස අතර සුහදත්වය ගොඩ නැගිමට හා හඳුනා ගැනිමට විවිධ වූ ක්‍රියාකාරකම්ද නිරන්තරයෙන් සිදු කරයි. පිටරට දෙයක් දේශයකරණයට ලක් කර විවිධ වූ සමාජ මට්ටම් නියෝජනය කරමින් ලාංකීකයන් එක් කරගැනිම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. වයසේ ප්‍රශන්යක් හෝ සමාජ පන්ති මෙම ආයතනය හා සම්බන්ද වීමට ගැටලුවක් වෙන්නේ නැහැ. එන ඔනෑම අයෙකු ඉතා සුහද ලෙස පිළීගෙන එහි සිදුවන දේ ගැන කෙටි හැඳින්විමක් ලබාදීම මුලින්ම සිදුකරයි. ඊට අමතරව ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාර්‍යාල පහසුකම්ද සලසා දෙයි. 4. ඇයි කවුරුන් හෝ මෙතනට පැමිණිය යුත්තේ?හිතන්න ඔබ තවමත් ඉගෙන ගන්න කෙනෙක්, පුස්ථකාලයක තියන වාතාවරණය හා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානයකත් අතරමැදි අවස්ථාවක් ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ ස්ථානයක් තමයි Open Space කියන්නේ‍. එහෙම නැත්නම් ඔබට ව්‍යපාරයක් තියනවා නමුත් කොළඔ හෝ ඒ අවටින් ඉඩක් නැහැ. එහෙමත් නැත්නම් කිහිප දෙනෙක්ට එකතු වෙලා යම් කිසි ව්‍යපෘතියක් කරගන්න තියනවා ඒත් තැනක් නැහැ. ඒ වගේ අවස්ථාවල Open Space ඔබට පහසුකම් සලසයි.6. සිංහල බ්ලොග්කරුවන්ට දෙන්න තියන පණිවුඩය මොකක්ද?"ඇවිත් බලන්න වෙනස අත්විඳින්න" -   විශ්මි පෙරේරා"මේක අලුත් සංකල්පයක්, තවමත් ලංකාව තුල ගොඩනැගෙමින් පවතින්නේ ඒ වගේම මෙතනට කවුරු හරි මුලින්ම එන්නෙ මේ  මොකක්ද කියලා  බලන්න හැබැයි ආපූ මුල් දවසෙන්ම ‍ඔවුන් මේ ගැන වැටහීමක් අරගෙන නැවත වතාවක් එනවා. ඒ එක්කම කියන්න ඕනේ මුල් දවස නොමිලේ. ඒ හන්දා ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්" - විශ්මි පෙරේරා7. ආරක්ෂාවකිසිම ගැටලුවක් නැහැ ඕනෑම අයෙකුට බය නැතුව ඇවිත් යන්න පුලුවන්. මොකද දැනටමත් ‍පාසල් සිසුවියන් හා කන්තා පාර්ෂවයය මෙතනට එනවා. විශේෂ ස්තුතියමේ ගැන මාව දැනුවත් කලThink Media Consultants හි සංජය හා හර්ෂ, මාත් එක්ක මේ ගැන තොරතුරු සොයා ගැනිමට පැමිණි අනුරාධ කැමරාව සැපයූ ඇන්ජලෝOpen Space සංකල්පය දැන ගැනිම හා ඒ ගැන තොරතුරු ලබා දෙන්නට අවස්ථාව සලසා දුන් විශ්මි පෙරේරානිධාන කතාවමේ අයතනය ගැන සංජය මට කිව්වට පස්සේ, පුදුම උනන්දුක් ඇති උනා මේක ගැන හොයන්න. වෙබ්සයිට් එකට ගියා එකෙනුත් විස්තර ගත්තා. ඊට පස්සේ විශ්මිට මෙයිල් එකක් දාලා ඇහැව්වා //මම මෙහෙම සිංහල බ්ලොග් ලියන කෙනෙක්\\, මම කැමැතියි මේ සංකල්පය දැන ගන්න මට පුලුවන්ද වෙලාවක් වෙන් කරගන්න කියලා. ඇය එයට යහපත් ප්‍රතිචාර දක්වලා මට කැමති ‍දිනයක එන්න කිව්වා. ඒ වෙනකොට මට කැමරාවක් තිබුනේ නැහැ. ඔෆිසියේ හිත හොඳ එකා ඇන්ජලෝගෙන් ඒකත් ඉල්ලගෙන පණුවා වත් ඇද ගෙන ඔන්න මම ගිය සතියේ දවසක ඔය කියන තැනට ගිහින් තැනත් බලාගෙන පින්තූරත් අරන් විශ්මිගෙන් තොරතුරු අහගෙන අවා. ආ දැන් මට කැමරාවක් තියනවා රට ඉඳන් ලංකාවට ආව සිංහල බොලොක්ක කරුවෙක් මට ගෙනත් දුන්නා නොවැ කැමරාවක් :DDD    ...   වැඩිදුර >>

සින්ඩියක් හදන්නේ කොහොමද - Python syndi   |   වැප් | 2011-06-05 12:29:00.000006
සින්ඩියක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්ණය ගොඩක් අයට ඇති. සරළව කිව්වොත් මෙතන වෙන්නේ RSS හෙවත් ඔබගේ බ්ලොග් අඩවියේ තියෙන පෝෂක කියවන එක. සින්ඩිකට ඉල්ලුම් කරද්දි අපි RSS ලබා දෙන්නේ ඒ හින්දා. මතකද පහු ගිය ලිපිය ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම, Java පාදක කරගෙන ලිව්ව ලිපිය. අතුරු කතාවත් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ, ගිය සතියේ සයිබර් යාලුවෝ ටික නුවර ගිය වෙලාවේ පහන් කිව්වා Java වලට වඩා Python ලේසියි හා ඉක්මන් කියලා. ඒ වෙන කොටත් පයිතොන් ගැන මෙලේ හසරක් දැනං උන්නේ නැහැ. පස්සේ ගෙදර ඇවිත් තමයි මේ පයිතොන් වලින් සින්ඩියක් හදන වැඩේට අතගහලා බැලුවේ. ගුගල් දෙයියෝ හින්දා බය නැතුව වැඩේට බැස්සා.සින්ඩියක් හදන්න කොච්චර ලේසිද කිව්වොත් මුලු සින්ඩියටම තියෙන්නේ ෆයිල් අටයි.මුලින්ම දෙයියෝ ගාව තියන Getting Started: Python ලිපියට ගිහිල්ලා රවුමක් දාලා එන්න‍. එකේ තියනවා වින්ඩෝවල කොහොමද පයිතොන් ස්තාපිත කරගන්නේ කියලා.මේකට ඔනේ Python 2.5 - http://www.python.org/download/releases/2.5/‍‍‍ App Engine SDK - http://code.google.com/appengine/downloads.htmlවින්ඩෝස් 7 සඳහා තමයි සියලුම දේවල් මම යොදාගත්තේ. ඔය දෙකම භාගත කරගත්තට පස්සේ ඔබේ පරිගණකයේ සමාන්‍ය ආකාරයට ස්තාපනය කරගන්න පුලුවන්.‍ගුගල් හොස්ටිං වල වෙනම ඩෙටා බේස් කතාවක් නැහැ. කෝඩ් එකෙන්ම තමයි ඩේටා බෙස් ටේබල් ඔක්කොම පාලනය කරන්න පුලුවන්.සින්ඩියට අවශ්‍ය අපි හදන ෆයිල්1. RSS ඇතුලු කිරිමට‍ ෆොම් එකක් - bloglist.py2. සින්ඩි කේට් කිරිමට හෙවත් cron රන් කිරිමට - cronblogpost.py3. ලිපි පෙන්විමට - synditest.pyඔන්න ඔය ෆයිල් තුනෙන් තමයි මූලිකව ඕක වෙන්නේ, ඊට අමතරව තුන් වන පාර්ෂවයෙන් ඕනා වෙනවා feedparser කියන RSS කියවන කෝඩ් එක.හරි දැන් එකින් එක ෆයිල් බලමු1.app.yaml මෙයා තමයි සියල්ල පාලන කරන්නේapplication: lankeeyasyndi මේ තියෙන්නේ ගුගල් එකේ අපේ ඇප්ලිකේෂන් අයිඩ් එක හෙවත් යූනික් නමversion: 1 මේක තියෙන්නේ කෝඩ් එක අප්ඩේට් කරද්දි වර්ෂන් වශයෙන් තියාගන්නruntime: pythonapi_version: 1handlers:- url: / script: synditest.py - [ මේ ෆයිල් එක තමයි මුල් පිටුවට එන්නේ ]- url: /bloglist script: bloglist.py - [ RSS ඇඩ් කරන්නේ මේ ෆොම් එකෙන්] - url: /saveblog script: bloglist.py - [ ඇක්ෂන් එකක් වන saveblog ආපුවම මේ ෆයිල් එක ‍ලෝඩ් කරන්න ] - url: /cronblogpost script: cronblogpost.py - [ ලිපි සොයා මෙහෙයුම කරන cron ෆයිල් එක ] - url: /.* script: not_found.py - [ අනවහශ්‍ය URL ගැහැව්වොත් මේ පිටුවට යන්න ]2. bloglist.py මෙයා ඉන්නේ RSS ෆෝම් එකටimport cgi import datetime import urllib import wsgiref.handlersfrom google.appengine.ext import db from google.appengine.api import users from google.appengine.ext import webapp from google.appengine.ext.webapp.util import run_wsgi_appඔය ඉහතින් තියන එව්වා ඔනේ හරිද"""Name - wapnisyndi """ """Developer - WAP NISHANTHA SRI LANKA """ """DATE - 2011-06-05 """ මං ගැනත් සඳහනක්class Blogroll(db.Model): මේ තියෙන්නේ බ්ලොග් ලිස්ට් එකට අදලා ටේබල් එක """Models an individual Guestbook entry with an author, content, and date.""" burl = db.StringProperty(multiline=True) brss = db.StringProperty(multiline=True) bowner = db.StringProperty(multiline=True) bstatus = db.StringProperty(multiline=True) date = db.DateTimeProperty(auto_now_add=True)def blogslist_key(blogslist_name=None): """Constructs a datastore key for a Guestbook entity with guestbook_name.""" return db.Key.from_path('Blogslist', blogslist_name or 'default_blogslist')class MainPage(webapp.RequestHandler): def get(self): self.response.out.write('<html><body>') blogslist_name=self.request.get('blogslist_name')පහලින් තියෙන්නේ RSS ඉල්ලන FROM එක# Write the submission form and the footer of the page self.response.out.write(""" <form action="/saveblog" method="post"> <table border="0" cellpadding="0" cellspacing="0"> <tr> <td>Your Email</td> <td><input type="text" name="bowners" /></td> </tr> <tr> <td>Blog URL</td> <td><input type="text" name="burl" /></td> </tr> <tr> <td>Blog Rss</td> <td><input type="text" name="brss" /></td> </tr> <tr> <td></td> <td><input type="submit" value="send"></td> </tr> </table> <div></div> </form> </body> </html>""")class Blogslist(webapp.RequestHandler): def post(self): blogslist_name = self.request.get('blogslist_name') blogroll = Blogroll(parent=blogslist_key(blogslist_name))blogroll.burl = self.request.get('burl') blogroll.brss = self.request.get('brss') blogroll.bowners = self.request.get('bowners')blogroll.put() self.redirect('/') - ‍සයිට් එකට රිඩිරෙක්ට් කරලා දාන්නapplication = webapp.WSGIApplication([ ('/bloglist', MainPage), මෙතන ඉතා වැදගත් තැනක් - http://your.appspot.com/bloglist කියන url එකට මේ පිටුව ලෝඩ් කරන්න ('/saveblog', Blogslist) saveblog ඇක්ෂන් එකටත් මේ පිටුවම ලෝඩ් කරන්න ], debug=True)def main(): run_wsgi_app(application)if __name__ == '__main__': main()ඔය තියන අනික් එව්වාත් තියන්න එහෙම්ම ... මාත් තාම අලුත් නොවැ පයිතොන් වලට3.cron.yaml මේයා ඉන්නේ අලුත් ලිපි හොයාගෙන යන වැඩේ ගුගුල් කාරයට දැනුම් දෙන්නcron:- description: hours summary job url: /cronblogpost schedule: every 1 hours - මේ කියන්නේ පැයකට සැරයක් කියලා4.cronblogpost.py මෙන්න වැදගත් කෙනා ලිපි හොයන් එන්න කිව්වාම මෙයා තමයි වැඩේ ගොඩ දාලා දෙන්නේimport cgiimport datetimeimport urllibimport wsgiref.handlersimport feedparserimport sysimport refrom google.appengine.ext import dbfrom google.appengine.api import usersfrom google.appengine.ext import webappfrom google.appengine.ext.webapp.util import run_wsgi_app"""Name - wapnisyndi """"""Developer - WAP NISHANTHA SRI LANKA """"""DATE - 2011-06-05 """පහලින් තියෙන්නේ RSS ලිස්ට් එකclass Blogroll(db.Model): """Models an individual Guestbook entry with an author, content, and date.""" burl = db.StringProperty(multiline=True) brss = db.StringProperty(multiline=True) bowner = db.StringProperty(multiline=True) bstatus = db.IntegerProperty() date = db.DateTimeProperty(auto_now_add=True)def blogslist_key(blogslist_name=None): """Constructs a datastore key for a Guestbook entity with guestbook_name.""" return db.Key.from_path('Blogslist', blogslist_name or 'default_blogslist')මේ තියෙන්නේ RSS වලට ගිහින් ලිපියකින් අපි ලබා ගන්න තොරතුරු තැන්පත් කරන ටේබල් එකclass Blogpost(db.Model): """Models an individual Guestbook entry with an author, content, and date.""" burl = db.StringProperty(multiline=True) ptitle = db.TextProperty() btitle = db.TextProperty() purl = db.StringProperty() bcontent = db.TextProperty() bpatas = db.StringProperty(multiline=True) brss = db.StringProperty(multiline=True) bstatus = db.StringProperty(multiline=True) pdate = db.DateTimeProperty()def guestbook_key(guestbook_name=None): """Constructs a datastore key for a Guestbook entity with guestbook_name.""" return db.Key.from_path('Guestbook', guestbook_name or 'default_guestbook')class MainPage(webapp.RequestHandler): def get(self): blogslist_name=self.request.get('blogslist_name') blogrolls = db.GqlQuery("SELECT * " "FROM Blogroll " "WHERE ANCESTOR IS :1 " "ORDER BY date DESC ", blogslist_key(blogslist_name))ඉහත sql එකෙන් කරන්නේ Blogroll කියන ටේබල් එකේ තියන සියලු RSS ලින්ක් ගන්න එක for blogroll in blogrolls: if 1 < 2 : try: fileCount = 0 d = feedparser.parse(blogroll.brss) #print blogroll.brss n = d.feed.title.encode('utf-8') for entry in d['entries']: #print entry.title.encode('utf-8') guestbook_name = self.request.get('guestbook_name') greeting = Blogpost(parent=guestbook_key(guestbook_name)) greeting.ptitle = unicode(entry.title.encode('utf-8'), 'utf-8') greeting.burl = unicode(d.feed.link.encode('utf-8'), 'utf-8') e = d.entries[fileCount] pu = unicode(e.link.encode('utf-8'), 'utf-8') #printme( pu ) print "test" #print pu greeting.purl = unicode(e.link.encode('utf-8'), 'utf-8') #greeting.pdate = unicode(e.updated_parsed.encode('utf-8'), 'utf-8') p = re.compile(r'<.*?>') bcon = unicode(entry.description.encode('utf-8'), 'utf-8') greeting.bcontent = p.sub('', bcon) #greeting.bcontent = unicode(entry.description.encode('utf-8'), 'utf-8') greeting.btitle = unicode(n, 'utf-8') postdatetime = e.updated_parsed #print postdatetime; posted_datetime = datetime.datetime( entry['updated_parsed'][0], entry['updated_parsed'][1], entry['updated_parsed'][2], entry['updated_parsed'][3], entry['updated_parsed'][4], entry['updated_parsed'][5], entry['updated_parsed'][6],) greeting.pdate = posted_datetime print "1" guestbook_name=self.request.get('guestbook_name') q = db.GqlQuery("SELECT * FROM Blogpost WHERE purl = :1", pu) #q = Blogpost.all() #q.filter("purl =", pu) #q.order("-pdate") results = q.fetch(1) if results: for p in results: print "%s inches tall" % (p.purl) else: print "empty" greeting.put(); print pu fileCount += 1 print "2" except Exception: pass ඊට පස්සේ තියෙන්නේ ඔය උඩින් බ්ලොග් අඩවියක RSS කියවලා, අලුත් ලිපි තියනවා නම් එවා Blogpost කියන ටේබල් එකට දාගන්න විදිහ. මේ මමකරපු විදිහ. තව ලේසි ක්‍රම පහසු ක්‍රම තියෙන්න පුලුවන්. එහෙම තියනවා නම් මාවත් දැනුවත් කරන්න ඇ application = webapp.WSGIApplication([ ('/cronblogpost', MainPage) ], debug=True)def main(): run_wsgi_app(application)if __name__ == '__main__': main() 5.synditest.py මෙයා තමයි හොයන් ආපු ලිපි වෙන්වන කෙනාfrom google.appengine.ext import dbfrom google.appengine.ext import webappfrom google.appengine.ext.webapp.util import run_wsgi_app"""Name - wapnisyndi """"""Developer - WAP NISHANTHA SRI LANKA """"""DATE - 2011-06-05 """import osfrom google.appengine.ext.webapp import templateලිපි තියන ටේබල් එකclass Blogpost(db.Model): """Models an individual Guestbook entry with an author, content, and date.""" burl = db.StringProperty(multiline=True) ptitle = db.TextProperty() btitle = db.TextProperty() purl = db.TextProperty() bcontent = db.TextProperty() bpatas = db.StringProperty(multiline=True) brss = db.StringProperty(multiline=True) bstatus = db.StringProperty(multiline=True) pdate = db.DateTimeProperty()def guestbook_key(guestbook_name=None): """Constructs a datastore key for a Guestbook entity with guestbook_name.""" return db.Key.from_path('Guestbook', guestbook_name or 'default_guestbook')class MainPage(webapp.RequestHandler): def get(self): guestbook_name=self.request.get('guestbook_name') q = db.GqlQuery("SELECT * FROM Blogpost ORDER BY pdate DESC LIMIT 100") දිනෙන් පිළිවෙල කරලා ලිපි සීයක් ගැනිම template_values = { 'greetings': q } path = os.path.join(os.path.dirname(__file__), 'index.html') self.response.out.write(template.render(path, template_values)) මෙතන කරලා තියෙන්නේ වෙනම තියන HTML ෆයිල් එකකට ඩේටා යවන්න එක. application = webapp.WSGIApplication([ ('/', MainPage) ], debug=True)def main(): run_wsgi_app(application)if __name__ == '__main__': main() 6. index.html මේක තියෙන්නේ ඉහත පහේ තියන එකට සපෝට් විදිහට තියන ටෙම්ප්ලෙට් එකක් විදිහට<html> <head> <title>wapnisyndi</title> <style></style> </head> <body> {% for greeting in greetings %} {% if greeting.burl %} <a href="{{ greeting.purl }}" class="">{{ greeting.ptitle }}</a> &nbsp;&nbsp;|&nbsp;&nbsp; <a href="{{ greeting.burl }}" class="">{{ greeting.btitle }}</a> | {{ greeting.pdate }} {% else %} An anonymous person wrote: {% endif %} <div class="">{{ greeting.bcontent }} &nbsp; ... &nbsp;&nbsp;<a href="{{ greeting.purl }}" class="">වැඩිදුර &gt;&gt;</a></div> <hr /> <div> {% endfor %} </div> </body> </html>7. not_found.py - මේ අනවශ්‍ය url එකක් ගැහැව්වොත් එන ෆයිල් එක"""Name - wapnisyndi """"""Developer - WAP NISHANTHA SRI LANKA """"""DATE - 2011-06-05 """print "not found"8.feedparser.py මේක තුන් වන පාර්ෂවිය ලයිබ්ර්රි එකක් මෙතනින් ගන්න ඒකහරි ඔච්චර තමයි. මේක තව ටිකක් වැඩි දියුණු කරගන්න. සම්පූර්ණ කෝඩ් එක මෙතනින් භාගන්න. ‍මේ කෝඩ් එක භාවිතයෙන් හදපු සින්ඩියක් මෙන්නඉහත කෝඩ් වලම සිංහලෙන් ලිව්වේ පැහැදිලි වෙන්න. නමුත් සම්පූර්ණ කෝඩ් එක භාගත්තාම  එහෙම පැහැදිලි කිරිම් නැහැ. ඔබත් ඔබටම කියා සින්ඩියක් හදාගන්න.ටෙක්නිකල් දේවල් එපා නම් මේ පහත ලිපි බලන්න1. ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක්2. තරු මෙච්චර ආතල් ද????3. නුඹ රහසින් ඇවිත්......4. සිංහල බ්ලොග් වලට පුංචි තල්ලුවක්...මං කියවන බ්ලොග්...5. ඔබ දන්නවද ලංකාවේ තියන කෝච්චි මොනවද කියලා   ...   වැඩිදුර >>

කාටුන් සින්දු   |   වැප් | 2011-05-23 09:55:59
1. අද අපේ ඔෆිසියේ, දිවා ආහාර වේලෙදි මාතෘකාව උනේ කාටුන් සින්දු.2. සජිට ආරංචිය දුන්නු නිසා කාටුන් සින්දු ටික ඇහැව්වා3. ඔයාලටත් ඔනේ නම් මෙතනින් ගන්නබාගත - Zipමුහුද මගේ ගොඩ බිමයිවලිගේ වනනා ඔලුව කහලාපිස්සු පුසාකැපිලි කෙටිලිඅනවින කොඩිවිනමාමා වලස් මාමා ඉඟුරු පාන් මල්ලි ඇතුලු ගීත 21 ක්වැප්   ...   වැඩිදුර >>

පිරිත සිංහලට හැරවීම මට හිතෙන හැටියට   |   වැප් | 2011-05-18 07:06:21.000002
මම උපතින් බෞද්ධයෙක් වෙමි. මා උත්සාහ දරන්නේ බුදු දහමට අනුව ජීවත් වීමටයි. එහෙයින් බුදු දහමට නිගරු කොට තෘප්තියක් ලැබිමට මට ‍කිසිම උවමනාවක් නැත. වසර 2600 ක් ගෙවී යන සම්බුද්ධ ජයන්තියේදි මේ සටහන තැබීමට මා සිතා සිටියේ මෙයට බොහෝ කලකට පෙරය. ඒ දවස අද උදා විය. ‍වැඩි දුර කතා කිරිමට පෙර මූලික හැඳින්විමක් මෙසේ ඉදිරිපත් කරමි.නෙත් FM පටන් ගත් මුල් සමයයි. සියලු ජනමධ්‍ය වලින් බුදුදහම හා සම්බන්දිත වැඩසටහන් හා බොදු ගීත ඈත් වෙමින් තිබු යුගයයි. වෙනසක ඇරඹුම සටහන් කරමින් රේඩියෝ කලාව තුල නැවතත් පිරිත් ගාථා හා බුදු දහම හා සම්බන්දිත වැඩසටහන් වලට ඉඩක් නෙත් FM තුලින් ලැබුණි. මට මතක විදිහට වසර 2007 හෝ 2008 දි පමණ සෑම උදෑසනකම එම ගුවන් විදුලි නාලිකව හරහා පිරිත් විකාශණය කරයි. එය සිංහලයට හරවාද ප්‍රචාරය කලේය. [තවමත් එය විකාශනය වනවා දැයි මා නොදනි].  එකල බෝඩිං ජිවිතයක් ගත කල මාගේ එක් පුරුද්දක් වූයේ අනිවර්යයෙන්ම මෙම සිංහලෙන් යන පිරිත් දේශනාවට කන් දිමයි. එහි ඇති කනට මිහිරි බව නිසාම එය ඇසුවෙමි. නමුත් කල් යත්ම මට එය එපා විය. ඉන්පසු ‍එම ‍සිංහල පිරිත් මා ඇසුවේ නැත.පිරිත් සිංහලට හැරවීම පිළිබඳ මට ප්‍රශ්න කිහිපයක් ඇත1. ඇයි මේක සිංහලට හරවන්නේ?2. ඇයි මේ පරිවර්තනය වර්තමානය කාලය තුල කරන්නේ?3. ඇයි පූරාණයේ පාලි භාෂාවෙන් ඇති බැරෑරුම් දේශන සඳහා හෙළ අටුවා පමණක් සකසා, පූර්ණ පරිවර්තනයක් නොකලේ?4. එකල ප්‍රධාන භාෂා මධ්‍ය සිංහල ලෙසත්, ප්‍රසිද්ධීයේ රහතුන් වහන්සේ සිටියත් එකල මෙම පරිවර්ථනය සිදු නොවුනේ ඇයි?5. බෞද්ධයෙක් විදිහට ත්‍රිපිටකයේ සටහන් වි ඇත්තේ බුදුරදුන්ගේ දේශන ලෙස විස්වාශ කරන මා, දැන් සිදු කරන සිංහලට පරිවර්තන පිරිත් දේශණා වල නිරවද්‍ය තාවය තහවුරු කරගන්නේ කෙසේද?6. කිසියම් දිනක සිංහල පරිවර්තනය සම්මතයක් වූ කල, එහි යම් හෙයකින් බුදු රජාණන් වහන්සේගේ දේශනයක් වැරදියට අර්ථ කථනය වි ඇත්නම් එහි වගකීම ගන්නේ කවුද?7. සිංහලයෙන් පහදා දීම හා පරිවර්තනය කීරිම කාරනා දෙකක් නොවන්නේද?පාලියෙන් අසනා පිරිත් දේශනා  වල තේරුම මම නොදනිමි. එහෙත් එය අසා සිටිම කැමැත්තෙමි. නමුත් සිංහල පරිවර්තනය ගැන මට දැන් නම් කිසිඳු පැහැදිමක් නැත. සමහර විට මෙය මට අවේණික වූ ගැටලුවක් වන්නට ඇත. එ‍ය එසේ නම් කිසිම ගැටලුවක් නැත. එහෙත් අනාගතයේදී සිංහලෙන් ලියූ පිරිත් දේශනා සම්මතයක් වුව හොත් එහි අනතුරක් ඇති බව 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සමරන අද මෙසේ සටහන් කර තබමි.මේ ලිපිත් කියවා බලන්න1. මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted2. කණ්ඩින ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි3. ශ‍්‍රී සම්බුද්ධත්වය දැක තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි !!!4. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදු රජානන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnessesවැප්   ...   වැඩිදුර >>

අන්තිම ලියුම ලිව්වා   |   වැප් | 2011-04-28 17:02:02.000003
මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය.  පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්‍යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ලියමනක් ලියාගෙන එන්න කියලා. කාටද ලියුම ලියන්න කියෙන්නේ...... ඔව් ඔව් හොඳම යාලුවාට තමයි. ඒ පුංචි දරුවා මෙන්න මෙහෙම ලියමන ලියනවා.හිතවත් අමිල,නිවන් සැප ලැබේවා!ඔබගේ සැපදුක් කෙසේද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ගොඩ කාලයකින් ලියුමක් එවීමට නොහැකි වූ නිසා මෙම ලිපිය ලියමි. අද ඉස්කෝලේ ගියා. පාසල් ගෙදර වැඩ බොහෝ ඇති බැවින් මම නවතිමි.මීටවිශ්වාසබුද්ධීමත් ළමයාඉතින් මේ අති බිහිසුනු ලියුම බුද්ධිමත් ළමයාගේ දෙමව්පියෝ දකිනවා. දැකලා මේ ගැන විස්තර කරලා දෙනවා. ඒත් මං මේ තාමත් කල්පනා කරන්නේ නිවන් සැප මේ අත්මේ ගන්න බැරිද කියලා. ඊට පස්සේ නම් ඒ  ළමයා එකම ලියුමක් වත් ලිව්වේ නැහැලු‍මරයියා විසින් බ්ලොග් කලාව නැංගීවිමට ආරම්භකල බ්ලොග් ලිපි 50 හේ තවත් එක් අවස්ථාවකී.මේ තියෙන්නේ ලිපි ටික1.මාරයා-http://ctkumara.blogspot.com/2011/04/blog-post_28.html2. රංග-http://r4ng4.blogspot.com/2011/04/blog-post_28.html3.සුදු හංසි-http://kaveej.blogspot.com/2011/04/blog-post_1513.html4. නලියා-http://dayariya.dcreation.info/?p=11335.සඳරු-http://hisahasa.blogspot.com/2011/04/blog-post_28.html6.ඉෂාර-http://blog-ishara.blogspot.com/2011/04/facebook-blog-reader.html7.සඳුනි-http://sdsithuvili.blogspot.com/2011/04/06.html8.ශානිකා- http://sulagawageawidin.blogspot.com/2011/04/blog-post_27.html9.අනුරාධ- http://ananthayata.blogspot.com/2011/04/ii.html10.තනෝජා අක්කා-http://thanojar.blogspot.com/2011/04/blog-post_28.html11.ඉෂාරගේ 2වෙනි ලිපිය-http://blog-ishara.blogspot.com/2011/04/find-owner-of-facebook-photo.html12.ලසිත- http://panaakuru.blogspot.com/2011/04/blog-post.html13.නිශ්- http://dilhannish.blogspot.com/2011/04/blog-post_28.html14.ලහිරු- http://lahirucc.wordpress.com/2011/04/28/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/15.ලහිරුගේ දෙවැන්න-http://lahirucc.wordpress.com/2011/04/28/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80/16.සඳුනිගේ දෙවැන්න-http://sdsithuvili.blogspot.com/2011/04/blog-post_28.html16.ප්‍රියන්ත- http://priyantha-ab.blogspot.com/2011/04/blog-post_28.html17.ඩිලාන්-http://sonodilan.blogspot.com/2011/04/blog-post_28.html18.නිශාචරයා- http://stepsonfreeway.blogspot.com/2011/04/turning-point.html19.කුශාන්-http://sithangi.blogspot.com/2011/04/blog-post.html20.මාලන්-http://wenasak.blogspot.com/2011/04/blog-post_28.html21.වත්සලා-.http://sodurusitha.blogspot.com/2011/04/feel-love.html22.වැප්-http://wapnishantha.blogspot.com/2011/04/blog-post_28.html23.රොබින්- http://robinin.blogspot.com/2011/04/blog-post_28.htmlවැප්   ...   වැඩිදුර >>

ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම   |   වැප් | 2011-04-24 00:58:46.000006
මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ ටෙක්නිකල් දේවල් ලියන්නේ නැහැ. ඒත් මේක නොලියත් බැහැ. ඒ හින්දා ඔන්න පියවරෙන් පියවර ලියන්න හදන්නේ නොමිලේ ගුගල් වල හොස්ටිං කරන හැටි. ගුගල් වල නොමිලේ හොස්ටිං කරන්න පුලුවන් කියලා දැන ගත්තේ දින 2009-11-13  ටත් කලින් ඒ කියන්නේ දැනට අවුරුද්දකටත් වැඩියි. මේ ක්‍රමය අහම්බෙන් දැන ගත්තේ ගූගල් වේව් හරහා. සමහර අයට මතක ඇති http://lankanrella.appspot.com/ ලින්ක් එක. [ කිහිප දෙනෙක්ම කමෙන්ට්  දැම්ම  බින්කු මලිත් සදීප]. ඊට පස්සේ මට ඕක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ මතක් උනේ පහන් ලා හත්මාලුව ගුගල් එකට අරන් යනවා කිව්වට පස්සේ. මුලින්ම අර මුල්ම ඇප්ලිකේසන් එකට කමෙන්ට් කරපු අයටයි, ඊලඟට නැවත මතක් කරලා දුන්නු පහන්ටයි ස්තුති වන්ත වෙලාම මේ වැඩේ පැහැදිලි කරගෙන යන්නම්.මේකේදි අපිට පුලුවන්1. අපේ ඩොමෙයින් නාමයක් අරගෙන වැඩේ කරන්න හරි  උදා - http://inetlanka.com  http://wapnishantha.lk2. appspot එකේ සබ් ඩොමෙයින් එකක් විදිහට කරන්න හරි. උදා - http://lankanrella.appspot.com/මෙතනදි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි .lk හා .com/net යනාදිය කරන්නේ දෙවිදිහකට. මොකද .lk වලින් අපිට DNS මාරු කරනවා වගේ වැඩ වලට වෙනම ඇඩ්මින් පැනල් එකක් දෙන්නේ නැහැ. ඒ හින්දා ඔබට තියෙන්නේ .lk නමක් නම් ඔවුන්ට කියන්න ghs.google.com කියන නෙම් සර්වර් එකට මැප් කරන්න කියලා. ඔබට තියෙන්නේ .com /.net යනාදි එකක් නම් ඔබටම පුලුවන් මේ Name Servers මාරු කරගන්න. ඔනේ නම් පුලුවන් සබ්ඩොමෙයින් එකක් උනත් ගුගල් වල හොස්ට් කරන්න [ උදා http://test.wapa.inetlanka.com/ ]සබ් ඩොමෙයින් එකක් ගුගුල් වලට මැප් කිරිම‍1.cPanel එකට ලොග් වෙන්න2. Simple DNS Zone Editor වලට යන්න3. ඔබගේ ඩොමෙයින් නාමය තෝරා,Add a CNAME Record වලට පිවිස රූපයේ ආකරයට Name [test] ලෙසත් CNAME [ghs.google.com] ලෙසත් යොදන්න4.ඉන් පසු සේව් කරන්නපැය කිහිපයකට පසු එය ගුගල් වලට මැප් වනු ඇත.ගුගල් ඇප් එකක් සෑදිම‍මේ සඳහා ජාවා හා පයිතන් යන භාෂා දෙක යොදගැනේ. මා අත්දැකිම් ලැබුවේ ජාවා සමග බැවින් ඒ පැත්තෙන් පමණක් කතා කරමි.1.ඔබගේ ජිමෙයිල් ගිණුමට අතුලු වන්න2. https://appengine.google.com වෙත පිවිසෙන්න3. එහි ඇති create application වෙත ගොස් කැමති නමක් දි [wapnishantha.] සබ් ඩොමෙයිනයක් වෙන් කරගන්න [ http://wapnishantha.appspot.com/ ] පළමු ඇප්ලිකේෂනය සෑදිමඉහත කී පරිද මේ සඳහා යොදා ගැනෙන්නේ ජාවා භාෂාවයි. මෙහිදි වෙබ් සයිට් එක ගොඩ නැගීම හා එය ගුගුල් වලට උඩුගත කීරිම යන දෙකම සිදුවන‍්නේ eclipse.හරහාය. එම නිසා එය මුලිනම් භාගත කරගත යුතුව ඇත. ඉන්පසු ගුගල් හා eclipse අතර සම්බන්දය ඇති කරන ප්ලගින් එක දමා ගත යුතුව ඇත. ඒ සඳහා http://code.google.com/appengine/docs/java/tools/eclipse.html හී Installing the Google Plugin for Eclipse කොටස උදව්වට ගන්න.http://code.google.com/appengine/docs/java/gettingstarted/creating.html දක්වා ඇති පරිද ඔබ ලෙහෙසියෙනම් මුල්ම උදාහරණ කොටස කරගත හැක. මෙතන මා එය සිංහලයට නගනවාට වඩා එතනිනම් ගොස් බැලිම වඩා වටිනු ඇතැයි සිතමි. [කිසියම් ගැටලුවක් තිබුනොත් අහන්න]ඇප් එක ගුගල්ට උඩුගත කීරිමeclipse හරහාම මෙය සිදුව නිසා මෙම http://code.google.com/appengine/docs/java/gettingstarted/uploading.html පිටුව සහායට ගෙන එය උඩුගත කරගන්න. මේ අවස්තාවට පැමිණි පසු http://lankanrella.appspot.com/ අකාරයේ සබ්ඩොමෙයිනයකට ඔබගේ කෝඩිං අතුලත්ව ඇත.අපේ ඩොමෙයින් නාමයක් හා ගුගල් ඇප් එක එකතු කිරිමමේ සඳහා සහායක පිටුව http://code.google.com/appengine/docs/domain.html වෙයි. අපේ ඩොමෙයින් නාමයක් යොදාගන්නේ නම් ඒ නමින් වෙනම ගිනුමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා https://www.google.com/a/cpanel/domain/new ට පිවිසෙන්න. දැනට අපි සතුව අපගේ සාමන්‍ය ජිමෙයිල් ගිනුම හා ගුගල් ඇප් සඳහා වෙනම ගිනුවක් වශයෙන් ගිනුම් දෙකක් ඇත.සියලුම ගුගල් ගිණුම් වලින් ඉවත් වි පහත පියවර අනුගමනය කරන්න1. සමාන්‍ය ගුගල් ගිනුමට ලොග් වන්න2.https://appengine.google.com/ පිවිස ඔබගේ අදලා ගුගල් ඇප්ලිකේෂනය තෝරාගන්න3. එහි ලින්ක් එක https://appengine.google.com/dashboard?&app_id=ඔබගේ අප්ලේකේෂන් අයිඩි වනු ඇත4.Administration ලෙස දක්වා ඇති වම් පස තිරූවේ Application Settings වලට පිවිස http://code.google.com/appengine/docs/domain.html පිරිද ඔබගේ ඩොමෙයින් නාම ඇතුලත් කරන්න. ඒ සමගම ඔබට ගුගල් ඇප්ගිනුමට මාරු‍වීමට සිදුවනු ඇත.[ එම පියවර 4 වන පියවර කරන විට ඉබේම සිදුවෙයි ]දැන් ඔබේ ඩොමෙයින් නාමයට, සෑදූ ගුගල් ඇප් එක එකතූ වී ඇති නිසා හා කලින් විස්තර කල පරිදි එය ගුගල් හොස්ටිං වලට මැප් කර ඇති බැවින්. අපේම කියා වෙබ්සයිට් එකක් ගුගල් වල හොස්ට් වි ඇත.ඉහත උදාහරණය විවිද ඩොමෙයින් නාම සඳහා අත්හදා බැලුවෙමි.  පහත උදාහරණ බලන්නhttp://wapnishantha.appspot.com/ ->http://www.wapnishantha.lk/ හෝ http://wapnishantha.lk/http://lankanrella.appspot.com/ ->http://test.wapa.inetlanka.com/මට හැකි පරිදි ඉහතින් විස්තර කලෙමි. සමහර විට මෙය පැහැදිලි නැති විමටත් පුලුවන. ප්‍රශ්න ඇතොත් අහන්න.කරලාම බලලා අත්දැකිමක් ගන්න. ගොඩාක් විස්තර තියනවා ඇඩිමින් පැනල් එකේවැප්   ...   වැඩිදුර >>

සයිබර් සැණකෙලියේ සංවිධානය   |   වැප් | 2011-04-21 07:02:56.000003
අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ‍ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනා‍ගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා1.උවමනාවසිහින උළෙල ගැන ලියවුනු පළමු ලිපියේ සිට මෙය අවසන් වන තෙක්ම සහභාගි වන්නන්, අනුග්‍රහකයින්, මෙන්ම සංවිධයක කණ්ඩායම් මේ පිලිබදව ඉතා උනන්දුවෙන් සිටිම මෙය සාර්තකත්වයේ අඩිතාලමයි. එදිනට නියමිත වැඩසටහන් කෙසේ විය යුතුද යන්න කියන කාරණවා, සංවිදායක මන්ඩලය දැඩි ලෙස අවධාරණයට ගත්තා. බොහෝ දුරට අවුරුදු  උස්වය ගැන කතා බහ උනේ ගුගුල් බස් එකේ. මුල් දවස් වල විවෘත්ත බස් ලෙස මෙම කතා බහ ගියත්, පසුව ඒගැන අදහස් දැක්වූ සියලු දෙනා එකතුවෙන් ගුගල් ගෘප් එකක් හදලා ඒක ඇතුලේ විතරක් කතා කලා. කොච්චර උනන්දුද කිව්වොත් කවුරුත් එකතු වෙලා වැඩකරන රටාවක් තිබුනේ . හොඳම උදාහරණය ගුගුල් ගෘප් එක හැදුවේ එක්කෙනෙක්, ඒකට කට්ටිය අතුලත් කරගත්තේ තවත් කෙනෙක්. කතා කල යුතු මාතෘකා දාන්නේ වෙන වෙන අය. මේවා එකක්වත් කවුරුත් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ගියේ නැහැ. තමුන්ට මතක් වෙන දෙයක් තිබුණා නම් මේක සාර්තක කරගන්න, ඒ වැඩේ ඒ අදලා කෙනා පටන් අරන් කරන් ගියා.2. සාක්ච්චාවඉතාම වැදගත් කරුණක්, මූලිකම සාකච්චා මාධ්‍ය උනේ ගුගල් ගෘප් එක, දවසට මෙයිල් සීය දෙසිය එහා මෙහා ගියා, ඒ වගේම මේ ගැන කතා කරන්න හමු විම් තුනක් විතර තිබුණා. විහාරමහා දේවි උද්‍යානයේ තිබුණු එක රැස්විමක් ආරම්භ උනේ උදේ 8 ට. ඊට අමතරව ගුගල් ඩොක් කියන මාධ්‍යත් යොදාගත්තා. මේ සාකච්චා පැවැත්වුනේ බොහෝම සුහදව, මට නම් මතක නැහැ කෙහෝවත් මත ගැටිමක් තිබුණු බවක්.3.ධනාත්මක චින්තනයමා දුටු අපූරුව කරණය තමයි මේක, කවුරුත් නැහැ බැහැ කියන වචන යොදාගත්තේ නැහැ. අභිත අයියාගෙන් ගෙන් මොකක් හරි ඇහැව්වොත් කවදාවත් කිව්වේ නැහැ ඒක ගැන දන්නේ නැහැ කියලා. කිව්වේ "හරි හරි ඔක්කොම හරි" කියලා. දෙයක් තමුන් දන්නේ නැත්නම් කරපු එකම දේ ඒ ගැන ගෘප් එකට මෙයිල් එකක් දාලා දන්න අයගෙන් අදහස් ගැනිම තමයි.4.විවධ කණ්ඩායම් එකතු විමසංවිධායක මණ්ඩලය තුල විවිධත්වයක් තිබුණා. අපි කවුරුත් දන්නවා බ්ලොග් අවකාශ තුල විවිද අදහස් තියන කණ්ඩායම් ඉන්නවා කියලා. මේ හැම කණ්ඩායමක්ම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කලා. විවධත්වය තුලින් සාර්තක ගමනක් යා හැකි උනු බව කිව යුතුමයි.5. කණ්ඩායම් බෙදිමඑදිනට පැවැත්වෙන තරඟ හා අනිකුත් වැඩ කණ්ඩායම් වලට බෙදලා තිබුණේ. ඒ ඒ අය ඒ ගැන හොයලා බලලා කටයුතු කලා. ඒ ගැන අයේ අමුතුවෙන් තවත් අයෙකුට හොයන්න උනේ නැහැ. ඒ වගේම කියන්න ඔනේ  එදිනත් මේ වැඩ වලට සංවිධයකයන්ට අමතරව තවත් පිරිසක් සහාය දැක්වුවා. නම් වශයෙන් සඳහන් කිරිම නොකලත් පින්තූර බලපුවාම කාටත් ඒ ගැන දැන ගන්න පුලුවන්.තවත් බොහෝ කරුණු තියෙන්න පුලුවන් මේ සාර්තකත්වය පිටුපස. නමුත් මේ මට දැනිච්ච දේවල්. පහලින් තියනවා මෙතෙක් මට හමු වෙච්ච ලිපි හා පින්තුර, යම් කිසි මග හැරිමකින් ඔබේ ලිපිය හෝ පින්තූර ගොන්න එකතු වි නැත්නම් සමාවන්නපින්තූරඉන්දරේ - http://www.facebook.com/album.php?aid=281824&id=740955417බුද්ධි - http://www.facebook.com/album.php?fbid=206475906037635&id=100000256806646&aid=52687හසිත් - http://www.facebook.com/album.php?fbid=162901480435427&id=100001467292675&aid=36690නෙරන්ජි - http://www.facebook.com/album.php?fbid=214116681937332&id=100000170040967&aid=64872ගෙහාන් - http://www.facebook.com/album.php?fbid=144908185576720&id=100001726177649&aid=30172සුදු පුසා - http://www.facebook.com/album.php?fbid=212142338812791&id=100000510783440&aid=66347සුදු පුසා -http://www.facebook.com/album.php?id=100000510783440&aid=66347වල් හාවා - http://www.facebook.com/album.php?fbid=1482844969705&id=1791270075&aid=55543වල් හාවා - http://www.facebook.com/album.php?id=1791270075&aid=55545වල් හාවා -http://www.facebook.com/album.php?id=1791270075&aid=55546චමිල - http://www.facebook.com/album.php?aid=58117&id=100000568016356රන්දික - http://www.facebook.com/album.php?id=1442041342&aid=119380ඉනෝෂා - http://www.facebook.com/album.php?fbid=10150215475122845&id=778127844&aid=351557හසියා -http://www.facebook.com/album.php?id=1269435580&aid=2114918දනුල - http://www.facebook.com/album.php?aid=32226&id=100001700315858මල් ෂාන් -http://www.facebook.com/media/set/fbx/?set=a.1939554084436.2112571.1109910872ලීෂාන් - http://www.facebook.com/media/set/fbx/?set=a.1495615490154.55772.1827109480&l=46075dc8b6බ්ලොග් ලිපිමාරයා - http://ctkumara.blogspot.com/2011/04/blog-post_03.htmlරංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_04.htmlඉෂාර - http://blog-ishara.blogspot.com/2011/04/blog-post.htmlගෝල්ඩ් ෆිෂ් - http://goo.gl/NfrZ4හාවා http://freeanushka.blogspot.com/2011/04/buzz-fb-bloger-gtg.htmlගෝල් සෝන් http://goldzone-tc.blogspot.com/2011/04/blog-post.htmlමාලිගාව - http://kumaraya-maligawa.blogspot.com/2011/04/blog-post.htmlරත්ගමයා -http://sun-ge-lookaya.blogspot.com/2011/04/blog-post_03.htmlටින් ටින් - http://goo.gl/SWlnIවිවේචන - http://wiwechana.blogspot.com/2011/04/2011.htmlපිසාචයා - http://goo.gl/7zkCtහසී - http://hashikahettige.blogspot.com/2011/04/blog-post.htmlසිහින තවලම - http://kaveej.blogspot.com/2011/04/blog-post.htmlකොටි - http://kotajeewithe.blogspot.com/2011/04/2011.htmlරංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_08.htmlතාරක -http://kpgtharaka.blogspot.com/2011/04/cyper-1.htmlදුකා -http://dukaa.blogspot.com/2011/04/2011.html‍සුදු පුසා -http://sudupoosa.blogspot.com/2011/04/blog-post.html‍සංකල්පනා - http://dileepas.blogspot.com/2011/04/blog-post_04.htmlමිත්‍යාදෘෂ්ඨිකයාගේ - http://ananmanansrilanka.blogspot.com/2011/04/blog-post.htmlසයිබර් යාය - http://cyberyaya.blogspot.com/2011/04/blog-post.htmlනිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.com/2011/04/72.html තනෝජා - http://thanojar.blogspot.com/2011/04/blog-post.htmlඑලකිරියේ විස්තරයක්http://www.elakiri.com/forum/showthread.php?t=1099634 http://www.elakiri.com/forum/showthread.php?t=1100634 - බුද්ධිගේ ලිපියේ පිටපතක්වැප්   ...   වැඩිදුර >>

නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක්   |   වැප් | 2011-04-15 02:30:01.000004
වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර  ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ සිදුකරමින් පවතියි. තමාට අවැසි බල ශක්තිය තමා නිපදවා ගැනිම නොහොත් "ස්වශක්තිකරණය" නමින් හැඳින් වෙන මෙම නව සංකල්පය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසයක් තබා ඇත.වර්තමානයේ බොහෝ මිනිසෙකුම පාහේ ජංගම දුරකතනයක්, අත් ඔරලෝසුවක් හෝ පරිගනකයක් භාවිත කරයි. දැනට   මේ සඳහා බලශක්තිය ලබා ගන්නේ රටක ප්‍රධාන විද්‍යුත් ධහරාවෙනි. නමුත් නහ බලය භාවිතයට ගෙන ස්වශක්තිකරණයට ලක්වූ ජනයාට එසේ විදුලි බිලක් ගෙවා මුදලට විදුලිය ලබා ගැනිමට උවමනා නොවනු ඇත. ඉතා සාර්තක ක්‍රමයක් ලෙස දැනටමත් පරික්ෂන මට්ටමේ ඇති මෙම ක්‍රමයේ ප්‍රධාන බල ශක්ති ප්‍රබය වනුයේ අපේ නාසයයි. මිනිසා උපන්දා සිට ‍නාසය හරහා හුස්ම ගැනිමේදි වායු ධහරාවක් එහා මෙහා යයි. මෙම ක්‍රියාවලිය උපයෝගිත්වයෙන් විදුලිය නිපදාවා ගැනිම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.මේ ගැන අදහස් දක්වමින්, මෙම ව්‍යපෘතිය භාරව සිටින මහාචාර්යය විපුල සිරිසේන මහතා පවසා සිටියේ, නුදුරු අනාගතයේ ඇති වන බල ශක්ති අර්බුදයට නියම විසඳුම මෙය බවත්, පැති කිහිපයකින් මෙම ක්‍රමය අති සාර්ථක බවත්ය. පරිසර හිතකාමි, කවුරුන් හෝ මත යෑපිමකින් තොරව නිකරුනේ අපතේ යන බල ශක්ති ප්‍රබයක් මෙලෙස ප්‍රයෝජනයට ගෙන ස්වශක්තිකරණය මෙහි ඇති විශේෂතා ලෙස ඔහු තව දුරටත් පැවසුවේය. දැනටමත් බොහෝ තරුණ‍යින් නාසයට පලඳනාවන් හෙවත් කරාබු භාවිත කරයි. එයට වටිනා කමක් එකතු කරමින් නහ බල උපකරණයක් සවිකර ගැනිම තමාගේ මුහුණට අලංකාරය මෙන්ම බලශක්ති වාසියක්ද එක් කරයි.බොහෝ විට මෙම නහ බල උපකරණයක් ග්‍රෑම් පහක් හෝ හයක් වන අතර එය නහයට අනවශ්‍ය බරක් නොවනු ඇත. ශරිරයට හිතකර සමාන්‍යය සුලං මෝලක ක්‍රියාකරිත්වය පදනම් කර ගෙන නිපදවා ඇති නිසා මෙහි තාක්ෂණික බැරෑරුම් බවක් ද නැත.  ලබන වසර අග වන විට වානිජ මට්ටමින් මෙම උපකරණ නිපදවිමට දැනටමත් මූලික අඩිතාලම දාම ඇති බවත් රජයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලැබි ඇති බවත් මහාචාර්ය වරයා වැඩි දුරටත් අප සමග පැවසීය.වැප්   ...   වැඩිදුර >>

අප්‍රේල් තුන නිවුස් ඇලට්   |   වැප් | 2011-03-28 16:35:00
05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි08:15 - අතුලත් වීමේ අවසර පත් ලබාගැනිම සඳහා කවුලු තුනක් විවෘතව පවතීයි08:30 - මේ වන විට 150 කට අධික පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුලත්ව ඇත08:32 - තහවුරු කිරිමේ අංකය අමතක අය සඳහා වෙනම දිගු පෝලිමක් ඇත.08:33 - පාර සොයාගත නොහැකිව කොළඔ කොටුවේ පිරිසක් අතරමං වෙයි08:40 - කණ්ඩායම් වශයෙන් පැමිණීම සුලබව දැක ගත හැක.09:00 - උත්සවය පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම්09:15 - දැනට 258 දෙනෙක් භූමිය තුලට ඇතුලත් වී ඇති බව පැවසේ09:28 - තව සුලු මොහොතකින් සයිබර් සිහින උළෙල ආරම්භ වෙයි‍09:29 - අද දින පෙරවරු 09:30 සිට සියලු අන්තර්ජාල සේවා හා ජංගම දුරකතන අක්‍රීයව පවතින බව වි-සං-කොමිසම පවයිවැප්   ...   වැඩිදුර >>

වැඩකට නැති විප්ලවවාදය   |   වැප් | 2011-03-20 01:09:43.000006
මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම  උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා  උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ එක්කෙනක්වත් මට හොයාගන්නත් බැහැ. විප්ලව වලට මං අනික් අයට කතා කලාට කවුරුත් එන්නෙත් නැහැ. මට එහෙම කතා කරන්න උවමනාවකුත් නැහැ. මට විප්ලවවාදී අදහස් එන්නෙත් නැහැ. මං කියන ලියන එව්වා කාටවත් වටින්නෙත් නැහැ. ඒ වගේම එවෑ කිසිම වටිනාකමකුත් නැහැ කියලා මට තේරෙන්නෙත් නැහැ. එහෙම  කියාලා මං අදහස් දැක්විම නවත්වන්නේත් නැහැ.සමහරු අමුතු කතා කියද්දි මට කටවහන් ඉන්නත් බැහැ. තවත් අය සමාජයේ කාලයක් තිබුණු සම්මතයන් අභියෝගයට ලක්කරනවා බලං ඉන්නත් බැහැ. එවා එහෙමයි කියලා මං කටපියන් ඉන්නෙත් නැහැ. කොහෙත්ම මං විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. අදහස් හා මත වලින් විතරක් විප්ලවාදියෙක් වෙන්නත් බැහැ. එහෙමයි කියලා මට විප්ලවාදියෙක් නොවී ඉන්ඩත් බැහැ. මේකට කියන වචනය මට හිතාගන්නත් බැහැ. සමහර විට මේකට වචනයක් තියෙන්න විදිහකුත් නැහැ. විප්ලවවාදීයෙක් කියලා කොහෙත්ම කිය ගන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට නමක් හෝ වචනයක් ඕනෙත් නැහැ.මං ලියලා තියෙන්නේ විප්ලවවාදී අදහස් කියලා මං කියන්නේ නැහැ. ඒ හින්දා මේ ලියමන කිසි වැඩකුත් නැහැ. එහෙමයි කියලා මේක ලියන එක නවත්වන්නෙත් නැහැ. මං මේක ලිව්වා නොලිව්වා කියලා වෙනසකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න මට අවශ්‍යත් නැහැ. කවුද මේක කියෙව්වේ කියලා මං හොයන්නෙත් නැහැ. මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ. දාන කමෙන්ට් මට වැඩකුත් නැහැ. කොටින්ම මට මේ ලියමන වැඩක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් නැහැ. එහෙම එවා හොයන්නත් බැහැ. හොයන්න අවාට මං කියන්නෙත් නැහැ.වැප්   ...   වැඩිදුර >>

සරසවි පෙම - සත්‍ය සිදුවිමක්   |   වැප් | 2011-03-08 15:53:15.000001
ඇයත් ඔහුත් හමුවූයේ සරසවිය තුලදීය. ඔහු ඇයට බෙහෙවින් අදරය කරන ලදී. ඇයද පණට පණ මෙන් සිටියාය. සරසවියෙන් සමුගත් ඔහු බදුල්ල ප්‍රදේශයේ රැකියාවකට ගියේය. ඇයට හෙද රැකියාව හමු වි හම්බන්තොටටට යන ලදී. ඉන් මාස හතරකට පසු විවාහය සඳහා සියල්ල සුදානම් කෙරිණි. කලින් සැලසුම් කරගත් පරිදි ඒ සුබ මොහොත උදා විය. ඇයත් ඔහුත් අතිනත ගෙන, පෝරුවේ චාරිත්‍ර අවසන් කර මධුසමය ගත කිරිමට නුවරඑලිය බලා පිටත් විය. ඊට දින දෙකකට පසු නිවස බලා ඒම හෙවත් හෝම්කමින් එකට සියල්ල සූදානම් වී තිබුණි. නැදෑ හිතවතුන් මග බලමින් සිටියෝය. නිවසට පැමිණිමේ නැකත දැන් ඉක්ම ගොස් ඇත. තවමත් නැත. හැම තැන කසු කුසු පැතිරයයි. ඥාතින් නව යුවල එනතුරු දෑස් දල්වා සිටිති. නමුත් ඇය රෝහල් ගත කර ඇත. කෙසේ හෝ සුබ හෝරවා පසුවි පැය ගනණකට පසු නව යුවල නිවසට පැමිණීයහ.දින සති මාස ගනන් ගෙවුනේ ඇය හම්බන්තොටද, ඔහු නුවර එලියේද රස්සාවල් කරමින්ය. සති අන්තයේදි පමණක් දෙදෙනා හමුවෙයි. එක් දිනක් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ ඇයගෙනි."මට ඔයාගෙන් දික්කාසද වෙන්න ඔනේ"එදිනම ඔහු හම්බන්තොට බලා නික්ම ගියේය. ඇය වෙනත් අයකු සමග ඔහු හමුවට පැමිණෙයි.ඇය"මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි." වසර ගනනාවක ප්‍රේමයේ අවසන් ප්‍රථිපලය මෙයදැයි ඔහුට සිතුනා දැයි නොදනිමු. ඔහු ඒදිනම කොළඔ බලා විත් මාස කිහිපයකට පසුව දික්කාසද විය.වසර ගනණාවක සරසවි පෙම, හාරමාසයක රැකියාව වෙනස් කලේය. මධුසමයට යන විටත් ඇයට දරු ගැබක් තිබූ බවට සැකය ඔහු තුල නිසිකයෙන්ම හටගත්තේ ඇය ඒ සුබ දිනයේදි රෝහල් ගතකරන්නට සිදුවුනු හෙයිනි.රංග විසින් ලියූ "අසම්පූර්ණ ආදර කතාවක්" කියවිමෙන් මේ කතාව මතක් විය. වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවිමකි.වැප්   ...   වැඩිදුර >>

ඉලන්දාරියා වෙනුවෙන්   |   වැප් | 2011-03-06 02:48:44.000006
සිංහල බ්ලොග් අවකාශයේ මෙන්ම, අනෙකුත් අන්තර්ජාල භාවිතයන් හරහාත්, ඔබ දැනටමත් ඉලන්දාරියා හෙවත් දිලුම්ගේ ශෛල්‍යකර්මය ගැන දන්නවා ඇති. ඔහු අවසානයට පල කල ලිපිය අනුව දැනට ලක්ෂ 7 කට ආසන්න මුදලක් එකතූවී හමාරයි. නමුත් ඉලක්කය වෙන්නේ ලක්ෂ 30 කට ආසන්න මුදලක්. බින්කූ ප්‍රමුඛ කන්ඩායම පේපැල් හරහා කරන්න පුලුවන් උපකාරය කර අවසානයයි සිතිය හැක. එලෙසම දූමීගේ සහයෝගයෙන් මැදපෙරදිග සිදුවන පැදුරු සාජ්ජයන් තාමත් කෙරිගෙන යනවා. ඊට අමතරව ඉතුරු වෙලා තියෙන්නේ අභීත‍‍ගේ නායකත්වයෙන් සිදුවන අවුරුදු උත්සවය. ඔය ප්‍රධාන වැඩ පිලිවෙලවල් වලට අමතරව, දිලුම් වෙනුවෙන් සැකසූ ආධාර ටිකට් පතක් අලෙවි වෙනවා මේ දිනවල. ඒ සඳහා ඔබ තවමත් සහභාගි උනේ නැත්නම් මෙතනට යන්න. ඔයිට අමතරව සිදුවන සුවීශේෂිම දේ තමයි ඔහුගේ බැංකු ගිනුමට හැකි පමණිනි මුදලක් බැර කිරිම.අසීරු නොවන ඉලක්කයක් වෙත සීරුවෙන් යන ගමනට පුංචි තල්ලුවක් ලෙස මේ ලිපිය එක් කරන ලදී.වැප්   ...   වැඩිදුර >>

සසර   |   වැප් | 2011-02-19 14:31:53.000005
‍ඡායා රෑප අනුග්‍රය - දිමුතුමුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,වෙරළීන් මාලු අල්ලන්නඅයියා උස්සාහ කරනකොට,අම්මා මාලු ටික විකුණනවාදවසක දිවි ගෙට ගහගන්න.නංගි අම්මා‍ගේ අඩිපාරේ ගියත්,අක්කා මුහුද පැත්තට යන්නේ,සසරින් එතර වෙන්නද?වැප්   ...   වැඩිදුර >>

ස්තුති කතාව - මහා බස් බ්ලොග් සතිය   |   වැප් | 2011-01-31 00:58:00
මූලාසනයේ සිටින ආරාධිත මහතාගෙන්ද, අනෙක් අසුන වල සිටින ආරධිතයන්ගෙන්ද, අනාරාධිතයන්ගෙන්ද අවසරයි. ඒ වගේම සියලූම බ්ලොග් කරුවන්ගෙන්ද, නේක විද බස් කරුවන්ගෙන්ද, බුකි කරුවන්ගෙන්ද අවසරයි. අද මං මෙතනට පැමිණියේ ඔබ සැම ඇමතීමටයි. ඒ සඳහා දෙන්න මටත් මදකට අවසර. [ ඔය කෙලවරේ මල්ලි පොඩිඩක් කට වහගන්නවද? ඔව් ඔව් ඔයා තමයි ඔය රතු බ්ලව්ස් එකක් ඇඳලා ඉන්න නංගිට මෙහා පැත්තේ ඉන්නේ ඔය කැමරවාක් අතේ තියන්න ඉන්න මල්ලි]. සමාවෙන්න. ඔව් මං මෙතනට පැමිණියේ ඔබ සැමට ස්තූතිය හා මා ඇතුලු කණ්ඩායමේ කෘත වේදිත්වය පළ කිරිමටයි.මුලින්ම මං කියන්න කැමතියි. [ කවුද යකෝ ගඩොල් ගෙඩියක් තිබ්බේ මං ඉස්සෙන කොට.] මේ මහා බස් බ්ලොග් සතිය කොහොමද පටන් ගත්තේ කියලා කරුණු දක්වන්න. මේකට මූලික හේතුව තමයි බස් කරුවෝ එන්න එන්න වැඩි වි ගොසින් බ්ලොග් කරුවෝ නැත්තට නැතවී යාමේ චෝදනවා. මේක ඉතා බරපල චෝදනාවක් මෙන්ම සත්‍යයක්. ඉතින් ඔන්න මං ගිය ඉරිදා බස් එකක් පැද පැද ඉන්නකොට මට මේ වටිනා [ අම්බෝ කියලා වැඩක් නැහැ කූජිත අදහස] අදහස මගේ චිත්ත සන්තානයට පහල උනා. පහළ වෙච්ච ගමන්ම මේක කියන්න කියලා කතා කලේ මගේ මරණය උත්තමයාට [ කතා ක‍ලා කිව්වේ චැට් එකේ ].  මූට චැට් එකේ මේ අදහස ලියලා යැව්වට කිසිම රිප්ලයි එකක් අවේ නැහැ. දෙවෙනියාට මේක කිව්වේ, ඔබ කවුරුත් හොඳින් අඳුරන, පත්තර වලට ඉන්ටවිව් දෙන කණීයා මලයට. කිව්වා ගමන් මේකා කියාපී, "ඌ බිසි කියලා". ඒ පාර අනේ තොට එපා නම් මට මොකෑ කියලා. මේ අදහස ඉදිරිපත් කලා අපේ ෆොටෝ මල්ලි හෙවත් අනුරාධධධ අයියට, ඒකා නම් කිව්වා කරමු කියලා. ඒකත් කිව්වේ නිකන් ඕනාවට එපාවට. මට ඉතින් දිට්ඨ දම්මවේදනීය ඥාණය තියන හින්දා [ හරිද මන්දා පරචිත්ත විඥ්ඤාණය නේද? ]  මං බස් එක පාරට දානකොට ටිකක් සැකෙන් වගේ දැම්මේ. සැකේට හරි බස් එක දැම්මේ ............. මං තනියෙන් හරි ලියනවා කියලා. කොහොමින් හරි ඔන්න ඒ බස් එකත් දාලා. ඉරිදා රත්‍රියේ සඳුදා උදැහනක්කේ පලවෙන්නට කියලා ලිපියකුත් ලියලා තිබ්බා. අර මං මහා බස් බ්ලොග් සතිය කියලා දාපු බස් එකට සහායට ප්‍රතිචාර වැටෙන්න පටන් ගත්තා.කොහොම හරි පහුවදා මං උදේ නැගිටලා බලද්දි අපේ මරණයා මල්ලි බස් එකක් පාරට දාලා සියලු විස්තරත් එක්ක. මේන් ඒ බස් එක ගිය පාර. ඔය විදිහට සෑහෙන ප්‍රතිචාරත් එක්ක දිනකට බ්ලොග් ලිපි 20 ත් 30 අතර ගානක් ලියවුනා. සමහරු නම් කිව්වා මං කලින් ලිපි ටික ලැහැස්ති කරන් හිටියා කියලා. හැබැයි ඉතින් කාට උනත් තේරෙනවා මං ලියපු ලිපි වල තිබ්බ සාරභාර ගතිය. [ මොකද ඒක කිව්වාම හිනාවෙන්නේ ඈ :D ]. ඔන්න ඔය විදිහට දැන් දවස් හතක් කට්ටිය බ්ලොග් ලිපි ලිව්වා. එයට සහභාගි වූ සියලු දෙනාටම මුලින්ම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මුල්ම ප්‍රචාරක බස් රථය දාපු මරණයා ඇතුලු අනික් සෑම සියලු දේනාටමත් මා අතුලු අප බස් කණ්ඩායමේම ස්තුතිය පුදකරනවා [ කණ්ඩායම කිව්වට එකෙක් වත් කිව්වේ නැහැ ස්තුති කරන්න කියලා :D]. ඒ වගේම, ලිපි ටික ප්‍රදර්ශණය වන බස් රථය සෑම විටම ඉස්සරහින් පැද යාමට ශක්තියක් වූ බස් මගී ඔබ සැමටත් අපේ කෘත වේදිත්වය මේ මොහොතේ පිරිනමමු.අද දිනයේ අපි සැවෝම එක්ව ඉලංදාරියා වෙනුවෙන් ලිපි ලිවිමට සිතුවත්, පිස්සා විසින් බස් රථයක දමන ලද කමෙන්ටුවක් නිසා මං ඒ අදහස මදකට ප්‍රමාද කලා. එනම් සියලු දෙනා එකම දවසේ ලිපි නොලියා, කණ්ඩායම් වශයෙන් දිනකට එකක් බැගින් වනසේ.අවසාන වශයෙන් නැවතත් කියනවා මහා බස් ‍බ්ලොග් සතිය සාර්ථකර කරගැනිම සඳහා ඔබ දැක්වූ සහායට අතිමහත්ය. එයට මා අතුලු කණ්ඩායමේ ස්තුතිය මේ සමග පල කරමු. එලෙසම ඔබද යම් කිසි හෝ ප්‍රතිලාභයක් ලැබුවේ යයි අනුමාන කරමු.වැප්   ...   වැඩිදුර >>

දුර බස් වල යනවා නම්   |   වැප් | 2011-01-30 00:58:00.000006
මට මතක විදිහට බස් වල යන්න පටන් ගත්ත දවස් වල, මං වැඩි පුරම ගිය දුර වෙන්ට ඇත්තේ හෝලට් හතරක් හෝ පහක් භගේ ටිකට් එක ශත 50 ට, ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ කිලෝ මීටර් 10 ක් විතර වගේ තමයි වැඩි පුරම යැවුනේ. හැබැයි උසස් අධ්‍යපණය ලබනකොට නම් කිලෝ මිටර් 100 විතර දුරක් යන්න උනා අවුරුදු පහක් විතර හැම සතියකම. ඊටත් පස්සේ වැඩිම දුරක් යන්න ඇත්තේ ඉඳලා හිටලා නුවරඑළී බදුල්ල වගේ පැතිවල. ඉතින් මේ දුර ගමන් යනකොට අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ මගී ප්‍රවාහන බස්  රථ. මේ ලඟදි දවසක මට නුවරඑළී යන්න උනා. ගියේ නම් කෝචිචියේ නැරබුන් මැදිරියක. අවේ බස් එකේ. අනේ එනකොට නම් එපා උනා. නුවරඑළී ඉඳන් බස් එකේ එන්න ගියාම පැය 5 ක් එපා වෙනවා. මේ එන අතරතුර කල්පනාවට අවා අපි දුර ගමන් බස් රථයකට මුලිනම් නගිනකොට සැලකිය යුතු කරුණු කිහිපයක්. ඔන් ඒ ටික මේ විදිහට ලැයිස්තු ගත කරනවාබස් එකේ රැක් එකක් තියනවද?සීට් අතර පරතරය කොහොමද?අර නවන සීටි හෙවත් ජම්පින් සීට් වල අසුන්ගෙන සෑහෙන දුරක් යන්න පුලුවන්ද?රියැදුරු ලඟ තියන ඇන්ද නැවිය  හැකි අසුනේ යන්න පුලුවන්ද?අන්තිම ‍අසුන් පේලිය හෙවත් පෙම්මුල්ල ගැලපෙනවද?අව්ව කොයි පැත්තේද?වායුසමනය කරන ලද එකක් නම් අසුන අසල එවා නියමිත පරිදි ක්‍රීයා කරනවාදතමා වාඩි වන අසුන ලඟ වීදුර ජනේල විවෘත කල හැකිද?තමා වාඩි ගන්නා අසුන යට ටයර් එක හෝ ශබ්ද විකාශණ හෝ වෙනත් කුමක් හෝ තිබේද?වාඩි ගන්නා ආසනය වෙන් කරන ලද්දක්ද? උදා - පූජ්‍ය,ආබාධිත හෝ ගැබිණීඉදිරි අසුනේ කවුරුන් හෝ වාඩි වූ විට එහි ඇන්ද පසුපසට විත් තමාගේ කකුලේ වදින්නේද? අසුනේ ඉඳ ගත් විට, කොන්දේ යම් යම් යකඩ කූරු ඇනේද නැද්ද?ඉතින් ඔය ඉහත තියෙන්නේ මට දැනිච්ච කරුණු කිහිපයක්, තව ඕන තරම්  තියෙන්න පුලුවන්. දුර ගමනක් යනකොට අපි සුව පහසුව යන්න ඔනේ. නැතනම් ගමන අවසානය අපිට මහත් වදයක් වෙනවා. අන්තිමට ගමන් මහන්සිය කියන එක දෙගුණ තෙගුණ වෙලා යනවා. තව වැදගත් දෙයක් තමයි,මං දැකලා තියනවා කුලියාපිටිය කතරගම / මීගමුව කතරගම/ තංගල්ල යාපනය මගී ප්‍රවාහන බස්රථ. මේවෑ යන විට නම් අසුන් හොඳටම තියෙන්න ඔනේ. නැත්නම් ඉතින් වෙද ගෙදර තමයි නවතින්න වෙන්නේ.වැප්   ...   වැඩිදුර >>

බස් ගාය   |   වැප් | 2011-01-29 00:58:00.000005
මේක හැදෙන්නේ ගුගුල් බස් පදින අයට නෙමෙයි. හැබැහින් පාරේ යන බස් ඩයිවර්ලට තමයි මේ ලෙඩේ තියෙන්නේ. මේකට බේත් නැහැ. හේත් විතරයි තියෙන්නේ. ඒ කිව්වේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේ බොහෝම සංයමයක් තිබුණොත් ලෙඩේ ටික දවසකට ගොඩ දාගන්න පුලුවන්. මේක වැඩිපුර හැදෙන්නේ පුද්ගලික අංශයේ රියැදුරු මහත්වරුන්ට තමයි. හෙමින් ගිහින් හයියෙන් යන එක තමයි මූලික රෝග ලක්ෂණය. මේක වැඩි උනාම පිට දාන්නේ පොඩි සද්ධයක් ඇවිත්. පොඩි කිව්වට සද්දේ පොඩිමත් නැහැ. මේ ලෙඩේ ඉස්සර අපේ පැත්තේ ගොඩක් රියැදුරු මහත්වරුන්ට තිබුණා. ඒත දැන් නම් මගින් මගට දොස්තර මහත්තරු වගේ බස් චැකර්ලා දාලා හින්දා ලෙඩේ හැදුනත් පිටට පෙන්වන්නේ නැහැ.මේ ගාය හැදෙන්නේ පිටපස්සේ ආපු බස් එකක් හරි තව ඒ පාරෙම යන වෙන බස් එකක් හරි සයිඩ් කණ්නාඩියකින් දැක්කම විතරයි. එතකල්ම බස් එක යන්නේ කරත්තයක් යන වේගෙටත් සුට්ටක් විතර අඩු වේගයකින්. සමහර දාට මේ ‍යන වේගය ඇලජික් වෙලා ඇතුලේ ඉන්න මගීන් පොඩි පොඩි ලොකු සද්දත් දානවා. ඒ වෙලාවටත් දශමයක් විතර බස් එක වේගයෙන් යනවා. මේ සෙල්ලම හුඟාක් වෙලාවට මං අත් දැකලා තියෙන්නේ 154 කියන බස් මාර්ගයේ. මං හිතන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් මේ බස් මාර්ගෙයේ අනිවාර්යයෙන් ගිහින් ඇති. මේක යන‍්නේ කිරිබත්ගොඩ ඉඳලා ගල්කිස්ස හෝ අඟුලාන දක්වා. හැම නැවතුමකම මගීන් හිටියා හෝ නොහිටියා මේ බස් රථය නවත්වන එක නවත්වනවාමයි. එම නිසා‍ මේ 154 බස් වලට බෙල් උනත් අනවශ්‍යයි කියලා හිතෙනවා. හැබැයි ඉතින් මුන්ට ගාය හැදෙනවා ඊලඟ ටර්න් එක මතක් උනාම හරි තවත් 154 ක් දැක්කමා හරි. ඔන්න ඉතින එතකොට කරන්නේ හැම හෝලට් එකකම බාගෙට නවත්වනවා. ඒ කිව්වේ යන ගමන්ම මගීන් ගොඩ කරගෑනිම හා බැස්ස වීම.මේ බස් ගායට නිට්ටාවට සුව වෙන බෙහෙත් නැහැ. ෆාමසියෙන් ගන්නවා වගේ ඊලඟ ටර්න් එක කැන්ස්ල් උනාම ටිකක් විතර අඩුවෙලා නැවත අයේ සුපුරුදු විදිහට උඩු දුවනවාවැප්   ...   වැඩිදුර >>

බස් ඔංචිල්ලා   |   වැප් | 2011-01-28 00:58:00.000004
අවුරුද්දට තව මාස තුනක් විතර තියනවා. අවුරුදු ක‍ටේත් නැතුව මං මොකද මේ ඔංචිලි කතාවක් මතෘකාවට ගත්තේ කියලා පොඩි කුකුසක් ඇති.සමහරුන්ට නම් බස් ඔංචිල්ලා කිව්ව ගමන් මොකක්ද අද කියන්න යන්නේ කියලා තේරෙනවා ඇති. කාලේ වෙනසක් පළා‍තේ වෙනසක් නැහැ අපි හැමෝම බස් ඔංචිල්ලා අනිවාර්යයෙන්ම පැදලා තියනවා. මේ ඔන්චිල්ලා වැඩිපුර දකින්ට ලැබෙන්නේ ප්‍රධාන බස් නැවතුම්පලවල් වල. තාමත් ටියුබ් ලයිට් වගේ නම් මේන් උදාහරණයක්මේ කියන දවස අඟහරුවාදා දවසක්, පාසල් යන කලේ  හවස අතිරේක පන්ති තියන දවසක්, පාසල අවසන් වෙන්නේ දෙකට, අමතර පන්ති පටන් ගන්නේ හවස හතර. එතකොට මට ගෙදර ඇවිත් හවස පන්ති යනකල් තියන කාලය පැය දෙකයි. ඔය පැය දෙක අතුලේ මං ගෙදර ඇවිත් නාලා කාලා පන්ති යන්නත් ඔනේ. සමාන්‍ය ක්‍රියා පිලිවෙල නම් ඔය මොනවා හරි බනිස් ගෙඩියක් කඩෙන් කාලා පන්ති යන එක. නමුත් මං ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා. මෙහෙම වෙන ගොඩක් දවස් වල මං බස් ඔංචිල්ලා පදිනවා. අතුරු කතා කිව්වා මිසක් තාම කියන්න බැරි උනානේ කියන්න ආපු කතාව. එහෙනම් මේන් ඔංචිලි කතාවඔන්න දැන් බස් නවත්වලා තියන බස් නැවතුම් පලෙන් අදලා බස් රථය පණගන්වලා ටිකක් ඉස්සරහට ගන්නවා. ඉතින් ඕන් මං ඒකට ගොඩ වෙනවා. ටිකකින් මේක පොඩ්ඩක් ආපස්සට ගන්නවා .... අයේ ටිකකින් ඉස්සරහට ගන්නවා ... ආපස්සට ගන්නවා ........ ඔන්න ඔහොම මං ඔංචිලි පැද්දි පැද්දි ඉන්න කොට, අපේ ගෙවල් පැත්තට යන තව බස් එකක්, නැවතුම් පලෙන් ඉස්සරහට ගන්නවා. පන්ති යන්න ප්‍රමාද වෙන හින්දා මං ටාං ගාලා ගිහින් ඒ බස් එකට ගොඩ වෙනවා. ඔන්න ඉතින් මේකත් යන්න හදලා අයේත් පටන් ගන්නවා ඔංචිලි සෙල්ලම. හපොයි දෙයියනේ මේන් අර මං කලින් නැගලා හිටපු බස් එක යන්න පිටත් වෙනවා. දැන් ඉතින් අයේ බහින්න යෑ, පදිනවා ඔංචිලි හිතින් ඩයිවරටයි කොන්දොස්තරටයි ඔංචිලි වාරම් කිය කිය. ඔන්න ටිකකින් මේකත් යන්නේ නැතුවාම ‍තව එකකට නගිනවා. ඔහොම ඔහොම ගොඩක් දවස් වල මං බස් දෙක තුනක නැගලා අන්තිමට ලංගමය ගිහින් වාඩි වෙනාව ඕන වෙලාවක තෝ පලයං කියලා.දැනුත් ඉඳලා හිටලා බස් ඔංචිල්ලා පදිනවා.වැප්   ...   වැඩිදුර >>

ඊට පස්සේ ඇත්තටම මොකද උනේ?   |   වැප් | 2011-01-27 00:58:00.000003
සුපුරුදු පරිදි නිමාෂා කන්දහේන බස් නැවතුමට වී බලා සිටියේ කොළඔ බලා පිටත් වීමටයි. උදෑසන මද අඳුර නිසා බස් රථයේ පැමිණිම ඈත සිටම දුටු නිසා, පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතට ගත්තාය. වෙනදාට වඩා වේගයෙන් පැමිණ ක්ෂණිකයෙන් තිරිංගතද කිරීම නිසා ඇතීවූ ශබ්දය සමගම බසයට ගොඩ වූ ඇය හිස් අසුනක් බලා අසුන් ගත්තාය. උදෑසන කොළඔ බලා පිටත් වන පළමු බසය නිසා මගීන් ගණන අසුන් ගණනටත් වඩා අඩුබවක් තිබිම ඇයට අමුත්තක් නොවිණි. දහසකුත් එකක් සිතුවිලි මැද අතරමංව, පාර දෙපස ඇති නාම පුවරු කියවමින් සිහින ලොවකට මැදිව, කොළඹ බලා පිටත් වන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුය. පැය එකාහාමාරක පමණ ගමනකින් පසුව ගැස්සි බැලුවේ ඔහු දෙසය, තමා අසල වූ අසුන මෙතුවක් වෙලා හිස්ව තිබුණු බව සිහි ගන්වමිනි. මදක් ඔලුව උස්සා මද සිනහවකින් ඔහුට සංග්‍රහ කර නැවත පාර දෙසට මුහුණ හැරුනේ නිරායාසයෙනි. නාම පුවරු කියවීම මදකට නවතා දැමුනේ, ඔහුගේ සිනහව නැවත නැවතත් ඇයගේ මනස තුල ක්‍රියාත්මක වීම නිසාය.බසය යන වේගයට වැඩියෙන් ඇයගේ සිත ඔහු දෙසට ඇදී ගියේ සසර පුරුද්දකටදෝ යැයි ඇයටම සිතෙන්නට ඇත. මෙලෙස ටික දුරක් යන විට ඔහු, ඇය හා දොඩමලු වන්නට පටන් ගත්තේ බොහෝ කාලයක පටන් දන්නා  හඳුනන ආදරවන්තයින් විලසිනි. පාසල් කාලය,රැකියා තොරතුරු මෙන්ම පවුල් වල විස්තර ආදියක් මේ කුඩා කාලය තුල ඔවුනොවුන් අතර හුවාමරුවූයේ විශ්වාසය යලි යලිත් තහවුරු කරමිනි. වේලාව උදෑසන දහයයි තිහ පමණ වන විට බස් රථය කුරුණැගල දෙසට ලංවනවාත් සමගම ඔහු, ඊලඟට හමුවන කුරුණැගල නගරයෙන් බසිමු යයි යෝජනවාක් කලේය. එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ ඇය, ඇඳුම් සහිත ගමන් මල්ලද අතට ගෙන ඊලඟ බස් නැවතුමෙන් බැසිම සඳහා ලැහැස්ති විය.බසයෙන් බැස ගත් ඔවුන් හෙමින් සීරුවේ පිය මැන ගියේ, ගමන් වෙහසත් පිපාසයත් සංසිදවා ගැනිමට බීම බෝතලයක් බීමේ අරමුනණී. කඩය තුල වූ පුටුවක් මත වාඩි වී ‍දොඩමලු වී සිටි ඔවුන් දෙදෙනා ඔවුන්ගේම ලෝකයක අතරමංව ඇත. හදිස්සියේම ඔහු නවැතත් අලුත් යෝජනවාක් කලේය. නමුත් එම යෝජනවා ඇය විස්මයට හා දැඩි තැතිගැන්මකට ලක් කරන ලදි.ඉන් අවුරුදු දෙකකට පසු කන්දහේන බස් නැවතුමේ බසයක් එන තුරු තුන් දෙනෙක් බලා සිටියේයවැප්   ...   වැඩිදුර >>

හිඟා කෑම නැවතිලාද   |   වැප් | 2011-01-26 03:17:32.000002
මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන තුන්වන ලිපියගමනා ගමනය පහසුවෙන් සපුරා ගත හැකි ක්‍රමය මගී ප්‍රවාහන බස් රථයි. එලෙසම හිඟා කන්න හොඳම තැනත් බස් රථයයි. ලඟදි සිට නම් බස් රථ වල සිඟා කෑම සපුරා තහනම් කාරනාවකි. ඒත් මොවුන් හිඟන්නෝ නොවෙයිද?බෝදිපූජා පොත් විකිණිම - මෙහිදි යටි අරමූණ හිඟා කෑමයි. නමුත් රියැදුරු හා කොන්දොස්තර මහතාගෙන් හිඟාකෑමට අවසර නොලැබෙන නිසා ඔවුන් මේ කපටි වැඩේ නිරත‍ වෙයි. බොහෝ විට හැම අසුන් ගත් මගියෙකුටම මෙසේ පොතක් ලබා දෙන්නේ, දුකක් සටහන් කර ඇති තවත් කොල කැබැල්ලක් සමගය. එලෙසම මොවුන් ඇඳ පැලඳ සිටින්නේද හිඟන ක්‍රමයට නොවෙයි.උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් - බොහෝ විට තරුණ වියේ පසුවන තරුණයින් මේ ක්‍රමය යොදාගනියි. මොවුන් අත ඇත්තේ ධර්ම චක්‍ර/සිංහ කොඩි හෝ වෙනත් කුඩා ස්ට්කරයකි. ඉලක්කයද සියලු බස් මගීන් නොවෙයි. තරුණ තරුණියන් හා පාසල් ළමුන් මොවුන්ගේ  ඉලක්ක ගත ‍කොටස වෙයි. ලඟට විත් මල්ලි අපි මෙහෙම මෙහෙම මෙහෙම කියා වැල් වටාරමක් දොඩවා ........... බලපන් මචන් උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් ඒ හන්දා ස්ට්කරයක් ගිනිං කියා පවසයි. අත්කම් භාණ්ඩ විකිණීම - දූර ඈත සිටින බවත්, ජීවත් වන්නේ එයින් බවත්, හා  මෙය අවසන් එක බවත් පවසමින් මගින් ගෙන් මුදල් ලබා ගැනිම මොවුන් හිඟා කන විදිහයිසින්දුවක් කීම - එක  සින්දුවක් කියා හැම දාම එකම තැටියක් ‍වාදනය කරයි. එනම් අද හරි මහන්සියි. ගොඩාක් බස් වල සින්දු කිව්වා. ඔයාලගේන් තමයි ජීවත් වෙන්නේ. එක අතකට එක් සින්දුවක් වත් නොකියා සිටින්නේ නම් වඩා හොඳ යයි සිතෙන වාර අනන්තය. කැම්පස්/පාසල් / NDT/ TTI /HNDE - ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න, කලා උළෙවල් කරන්න, උද්ගෝෂන තියන්න උපවාස කරන්න කැටයක් අරන් නගින තරුණ හිඟන ජවය? ඔන්න ඔය කට්ටියත් හිඟන ගොඩට නේද වැටෙන්නේ?.............වැප්   ...   වැඩිදුර >>

බස් එකේ අපේ යුතුකම්   |   වැප් | 2011-01-25 07:01:51.000001
මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන දෙවන ලිපියලාංකීය ජන සමාජය යන මග බොහෝ විට තීරණය වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරකම් මතය. එලෙසම බහුතරයද ඔවුන්ම වෙයි. පන්ති මට්ටම් බේදයකින් තොරව සියලුම ලංකීකයන් බස් රථ වල එක් වතාවක් හෝ ගමන් කර ඇති බව නිශ්චිත කරුණකි. එහෙත් ජන සමාජය තුල බස් සේවව හා ඒ හා සම්බන්ද අතුරු දේ ගැන ඇති ආකල්පයන් ඉතාමත් දුරුවල මට්ටමක පවතියි. මීට මාසයකට පමණ පෙර මා ගිය එක් බස රථයක දැන්වීමක සටහන්ව තිබුණේමෙම බස් රථය සංගීත භාණ්ඩයක් නොවෙයිමෙම බස් රථය තුල දුම් බීම තහනම්මෙම බස් රථය කසල බාල්දියක් නොවෙයිමෙම බස් රථය තුල සිඟමන් යැදීම තහනම්මෙම බස් රථය තුල අසභ්‍ය ලෙස හැසිරිම තහනම් ලෙසයිඑලෙසම එම බස්  රථය ඉතා පිරිසිදුවට තිබුණු බවද මතක් කල යුතුමය. කොන්දොස්තර හා රියදුරු මහතාට අමතරව, යන මගීන් නිසාම තවත් මගීන් අපහසුතාවයට ලක් වන බව ඔබ කොතෙකුත් දැක ඇත. ඉතාම බහුල උදාහරණ නම්ඉඳගන්නා විට පාර්සලයක් හෝ මල්ලක්ද කොනකින් අසුන් ගැන්වීම - බස් රථ වල දැනට තියන අසුන් වල පවා දෙදෙනෙකු ඉඳගන්නේ බොහොම අපහසුවෙනි. එවන් අවසත්ථාවක ගමන් මල්ලත් වාඩි කරවු විට අනික් පුද්ගලයා කොතරම් අපහසු තාවයට ලක්වන්නේද?අසුනේ අසුන් ගෙන අත් දෙක ඉදිරිපස අසුනේ ඇන්ද මත තැබීම - අසුනක ‍දෙදෙනෙක් වාඩි වූ විට, ඔවුන් ඉන්නේ බොහෝ විට අපහසුවෙන්ය. එය මගහරවා ගැනිමේ උපායක් ලෙස ඉදිරි පස අසුනේ ඇන්ද මත අත් දෙක තබාගෙන යමින් ඒ අසුනේ මගියාගේ ඔලුව අත වැද්දවිම කොතරම් කරදර කාරී වැඩක්ද?අසුනේ අසුන් ගෙන කොණ්ඩය ඇන්ද මත විහදවා හැරීම - බස් රථය පිරෙන්නටම සෙනග පටවාගෙන යන විට හිටගෙන යන මගීන් බොහෝ විට අල්ලා ගන්නේ අසුන් වල ඇන්දවල්ය. එය මත කාන්තාවන්ගේ කොණ්ඩය විසිරි තිබිම හිටගෙන යන්නා මෙන්ම කොණ්ඩය අයිති පුද්ගලයටද හිරි හැරයකි.වැසි දින ‍වල තෙත් වූ කුඩ රැක් වල දැමිමවිශාල මලු රැක් වල දමා අයිති කරු එතනින් ඉවත්ව යාම - පසු ගිය ත්‍රස්ථවාදී සමයේ මෙය බොහෝ විට සිදු නොවුනද, දැන් දැන් සිදුවේ. මෙහි ඇති අනතුරු ස්භාවය නම් මෙම මලු සමහර විට රැක් එක තුල ඉඩ මදි නිසා පෙරළි ගොස් අසුන් ගෙන සිටින මගීන අනතුරට ලක්කිරීමයි.හිස් අසුනක් දුටු විට පෙරලගෙන පැමිණීම - බොහෝ විට මෙය සිදුවන්නේ තලතුනා වයසේ කාන්තාවන් අතිනිබස් රථයට ගොඩ වන තැන රොක් වී සිටිම - බොහෝ විට තරුණයන් මෙලෙස හැසිරෙයිමුදල් පසුම්බිය හෝ වෙනත් මලු අස්කිරිම - බොහෝ මගී ජනයා කූනු අස්කන්නේ බස් රථය තුලටයඉහතින් ලැයිස්තු ගත ‍කරනූ ලැ‍බුවේ ඉතා ජනප්‍රිය කරුණුය. මීට අමතරව තව බොහෝ කරදර කාරී ක්‍රියා ඇත. මගීන් ලෙස ඉහත කරුණු දැන සිට ඒ අනුව කටයුතු නොකිරිම තව අයෙකුට කරදයක් නැතුව බස් රියේ ගමනා ගමනයට පහසුකම් සැලසීමකි.  වැප්   ...   වැඩිදුර >>

ලංගමේ සීසන් එක   |   වැප් | 2011-01-24 01:03:00
කම්මැලි කම පැත්තකින් තියලා. බස් බ්ලොග් සතිය  මංම ප්‍රකාෂයට පත් කරගෙන මේ හදන්නේ එක දිගට දවස ගානේ ලිපි ලියන්න. හැබැයි 2010/01/24 - 2010/01/31 විතරයි. අද මුල්ම ලිපිය. හැබැයි ඔක්කොම ලියන්නේ බස් කතා.ඉස්සර ඉතින් මාත් ඉස්කෝලේ ගියා. ගියා කිව්වට එලෙව්වා. එලෙව්වේ පොඩි පන්තිවල ඉන්න කොට. ඒ දවස් වල ඉතින් අපිටත් ස්කූල් බස් එකක් තිබුනා. ඒ හන්දා මාත් සීසන් ගත්තා. සීසන් දෙන්න කැලණිය ඩිපෝවෙන් ඉස්කෝලට එනවා. කැලණිය කිව්වාම බය උනා නේද. බය වෙන්න එපා. මේ පරණ කතාවක්. ඒ දවස් වල කැලණිය හොඳා. මට මතක විදිහට සිසන් එකට රුපියල් 13.50 ක මුලු මාසික වියදමක් ගියා. මං ගිය ඉස්කෝලේ තිබුණේ කැලනි පාලමෙන් මෙහා. ඒ කියන්නේ මං ගියේ කොළඔ ඉස්කෝලයකට නෙමෙයි :D හැබැයි ගඟ උතුරපු කාලයට අපිත් කොළඔ තමයි කියලා අපේ පාසලේ අයියලා කෑ ගහනවා. අදටත් එය මට ගැටලු සහගතයි :D. [ හැබැයි කවදාවත් ගඟ ඉතුරුවේත් නැහැ. අයියාලා එහෙම කෑගැහැව්වේත් නැහැ. ]සීසන් ගත්තේ ස්කූල් බස් තියන හින්දා. ඒත් ස්කූල් බස් එක එන්නේ මං ඉරිදා දහම් පාසල් යනවා වාගේය. අද අවොත් හෙට නැහැ. හෙට අවෝ ‍පළමුදා ඇවිත් නැහැ. සීසන් එකේ බස් රථ වල අංකයන් දාන්න ඔනේ. ඩිපෝ මාමලාට වැඩ වැඩි නිසා එවා හිස් තමා. පුරවන්නේ මම තමා. සිසන් එක ගන්නකොට පාසල් ඒමට හා යාමට යොදාගන්නේ තනි  බස් රථයක් බව කියනවා. මොකද බස් රූට් කැඩේන්නේ නැහැ. එතකොට ගාන අඩුයි. හැබැයි බස් රූට් කැඩුනෝත් ගාන වැඩියි කියා මට වැටහුනා. දැන් සිසන් එක අතට අරං කල්පොනා කරනවා. දැමිය යුතු බස් අංක. හරි නම් දාන්න පුලුවන්  234 කියන බස් නොම්බරය විතරයි. ඒත් මට තේරෙනවා බස් යන්නේ එකම පාරේ නම් ඇයි මට බැරි 154 / 138 / 193 / 235-1 /200 /180 කියන බස් රථ අතුලත් කරන්න කියා. පෑනක් හොය ගෙන දැන් මං මේ බස් අංක ටික අර සුට්ටං ඉඩේ පුරවා ගත යුතුය. ඔව් මං ඒක කරනවා. දැන් මට ඕන බස් එකක යන්න පුලවන්. මට හරි සතුටුයි.අවාසනාවට ඇත්ත කතාවක් ස්කූල් බස් නැහැ. දැන් යනවා මහ පාරට. ඈත තියා දකිනවා රතුපාට ලංගම බස් එනවා. අනේ එහෙමත් ඩයිවර් මාමලා අපිව දකිද්දි පරේ වැරදි පැත්තෙන් බස් එක අරන්  යනවා. අපිත් බස් එකට ගොඩ වෙන එක අත අරින්නේ නැහැ. ඒ ලඟම කහ ඉරක් තියනවා. ඒතන බස් එක නතර කරනවා පාසල් යන අයට පාර මාරු වෙන්න. අන්න එතකොට අපි අර බස් රථයට ගොඩ වෙනවා. ඩයිවර් අංකල් නම් කෑගනවා. අවුලක් නෑ අපිට ඔව්වා ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙතනදි සීට්බී එකකට ගොඩ වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් 2 ක් පහු වෙලා. තවත් බලා සිටිය නොහැක. ලංගම කට්ටක් කෙසේ හෝ අල්ලා ගැනිමේ අරමුණින්, අප සිටිනා තැනට මීටර් 700 විතර දුරින් තිබෙන දුම්රිය හරස් මාර්ගය ලඟට යනවා. අනිවා ඩෙෆා එතන නම් සීට්බි කාරයා නවත්වනවාම තමයි. මොකද ඔය අපේ කෝච්චි වලට සිග්නල් නැතුව මහ පාර හරහා ගොඩක් වෙලාවට කොච්චි නවත්වලා තියනවා. සමහර දවස් වල ගිනි අව්වේ එච්චර දුරක් පයින් යා නොහැකි නිසා හෝලට් එකට වී සිටන් සිටින විට, කොළඔ ඉස්කෝල වල ස්ත්‍රි පාරණ යන බස් අපගේ හෝලට් එකත් පසු කරන් යනවා. එලෙසම පිරිම පාරණ බසුත් පසු කරන් යන්නේ  සද්දයක් දමාගෙනමයි. සීසන් බස් වල යන්නට එච්චර දුකක් වින්දා. හැබැයි එදා ඒක දුක්ක විදිහට පෙනුනේ නැහැ. ගොඩ දෙනෙක් සීසන් හින්දා. අද නම්, එදා සිසන් බස් එකේ යාම මතක් වන විටත් සතුටුයි.ඉස්කෝලේ ගියේ සීසන් එකට, ලංගම කාරයෝ බස් නවත්වන්නේ නැහැ. අපි කහ ඉර ලඟදි හරි දුම්රිය හරස් මාර්ගයේදි හරි සීට්බි එකට ගොඩ වෙනවා කියන එක තමයි අද කතාවේ සාරංශය :Dවැප්   ...   වැඩිදුර >>

එදා මහ අමුතු දවසක් :D   |   වැප් | 2011-01-23 12:19:00.000006
මේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලේ මතකද මං ලිව්වා බස් කතා වගයක්. එකක් තමයි කොන්දොස්තර හා මහත්තයා, ඕකට කලින් ලිව්වා බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක. ඔය කතා දෙකට අමතරව තවත් බොහෝ බස් සංවාද තිබුණත් දැඩ් කම්මැලි කම හින්දාම ලියන්න බැරි උනා. ඒත් මේ පහුගිය දොහක අපේ මාරයා  මහත්තයා ඇහැව්වා කෝ බන් බස් කතා කියලා. ඕන් ඒපාර තමයි මට මතක් උනේ, බිබිසි එකේ වැඩ කරපු බව. ඒ එක්කම මගේම වහනයක  රැකියා ස්තථානයට යන හින්දා මේ බස් කතා මගේ කන තුලට සේව් කර ගන්නා බවත් ඔබ සැම දන්නා කරුණක්. ඉතින් නෝනා වරුණි මහත් වරුණි මේ පාරත් මං බස් කතාවක් ලියන්න කියලා යන්නේ. හැබැයි මේක ගුගල් බස් කතාවක් ‍නෙමෙයි. ගුගල් බස් ගැන කතා කලොත් අපේ එවුන් දැන් ගුගුල් කාරයත් එක්ක ‍මුහුණට මුහුණ ගේම ඉල්ලනවා නොවැ.  ඒ ගැන වැඩි දුර තොරතුරු මගේ ලෝකය, ලියන රංග පුතා කියලා තිබුණා. මාත් ඒ ලිපියෙන් තමා දැන ගත්තේ ගුගල් කාරයත් එක්ක සිංහලෙන් කතා කරපු සිංහලයෝ ඉන්නවා නේද කියලා :Dනගරය - කිරිබත්ගොඩ ( නගරය කියලා කිව්වේ එහෙම බෝඩ් වල ගහලා තියන හින්දා හරිද :D )ස්ථානය - නව බස් නැවතුම් පලෙන් නුවර පාරට ඇතුලත් වන තැනවේලාව - උදෑසන 7.40 ට පමණසිද්ධිය - ක්ෂණිකව බසය නතර වියනැගෙනහරින් ඉර පාය එන මේ සොඳුරු, සීතල බර, අඳුරු - ගුප්ත, හැඟම්බර , සුන්දර හිමිදිරියේ බසය පුරවාට කසු කුසුවක් පැතිර යන්නේ හාත් පස මහා මූසල ගතියක් ඇති කරමිනි. මාගේ මාධ්‍ය දිවියට මේවා කෙසේවත් සැඟවිය නොහැකි නිසා, ක්ෂනයෙන් සියලූම සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක කෙරුණි. එක් කණක් ඩයිවර් දෙසටද අනික් කන මහජනයාගේ කටවල්‍ දෙසටද සුසර කරමින් ඇස් දෙක හතර වට කරකවන්නට පටන් ගැනීම අහඹුවක් නොවිනි. තව කණක අඩුව දැනුනේ පොලිස් කාරයාගේ කට හෙල්ලෙන බව වම් ඇසේ දකූණු කොනින් ගත් චායා රූපය මා මවිතයට පත් කල නිසාවෙනි. කණේ අඩුව පිරවීමට කට අයාගෙන ඒ දෙස බලා සිටියෙමි. දුප්පත් මා වැනි මාධ්‍ය කරුවන් වහා එක් විය යුතු බව මා හට මොනවට පැහැදිලි විය.තලතුනා වයසේ, මැදි වියේ මහත් වරු තම තමුන්ගේ කටවල් ක්‍රීයත්මක කරන්නට පටන් ගත්තේ ඩයිවරයා දෙසට ඇඟිල්ල දික් කරමිනි. ගිලෙන නැවටත් පෝසත් වන්නට ගොඩවන්නා සේ සමහර මිනිසුන් පිටුපස දොරින් බසයට ගොඩ වූයේ හිස් ආසන දෙස කෑඳර බැල්ම දමමිනි. එලෙස බසටය ගොඩ වූ තරණියන් දෙදෙනෙකු ක්ෂණයෙන් අසුනක් වෙත ගොස් අසුන් ගත්තද, බසය කොළඔ බලා නොයන බව තේරුම් ගත් බැවින්දෝ, කිසි දෙයක් නොවූ ලෙසට සේප් එකේ ඉස්සරහා දොරින් බැහැලි ගියා ඕයි. උන් හිතනන් ඇති මං දැක්කේ නැහැ කියලා. කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් සොයාගැනිමේ අරමුණින් ගුගල් සර්ච් පාරක් දැම්මා බන්. ඒත් මූ ගිය දිහාවක් නැහැ. ඒ මහතා හොයාගන්න එපෑ සල්ලි ඉල්ල ගන්න:Dසිනහා උපදවන කරුණ නම් බසය නැවතී ඇත්තේ තෙල් ඉවර වී ඇති බැවිනි. මේ බව කවුරුන් හෝ මගියෙක් ශබ්ද නගා කීවේ අවට සිටි සියලුම හූදි ජනතාව සිනහා සාගරයක ගිල්වමිනි. මේය කන වැකුණු අපේ බසයේ ගිය මහත් වරුන්ට  යක්ෂයා අවේෂ වි බැනිය හැකි සෑම සභ්‍ය වචනයකිනම් සංග්‍රහ කළහ. සිදූ වූ සියල්ල පටිගත කරගත් මා බසයෙන් බැස කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් නැවත පිරක්සා බැලූ කල, ඔහු මුහුණු බිමට හරවං සල්ලි බෙදනවා හලෝ. මාත් ගියා ඔතනට ගිහින් කිව්වා කොළඔ ටිකට් කියලා. කොතරම් අවංක නිහතමානී මිනිසෙකුද කියතොත් බිම් බලාගෙනම ,කොළඔ යාමට සරිලන මුදල් ප්‍රමාණයක් මා අත තැබුවේ මහත්මා ගති පෙන්වමිනි.ඔන්න ඕකයි බස් කතාව. වැල්වටාරම් ගොඩයි වෙලා තියෙන්නේ බස් එකේ ඩීසල් නැතුව හිටපු එක තමයිවැප්   ...   වැඩිදුර >>

ගණන් පන්ති ගියේ මේන් මෙහෙමයි   |   වැප් | 2011-01-10 15:39:12
බොරු මොකටද මං ගණන් වලට අතිරේක පන්ති යන්න පටන් ගත්තේ අට ව‍සරේ ඉඳන්,  සල්ලි ගන්නෙත් නැහැ නොගිහිනුත් බැහැ. පන්තිය තිබුනේ  සෙනසුරාදා උදේ 7.30 ඉඳන් 10.30 ද කොහෙද මට මතක විදිහට. ගෙදරින් එලවනවා, මොකද ඒ ටිචර්ව ගෙදර කට්ටිය හොඳට අඳුනනවා. කොච්චර ගෙදර අදුන ගත්තත් පන්තියක් හින්දා සල්ලි දෙන්න ඔනේ කියලා, මුලින්ම පන්තියට ගියදවසේ, අම්මා මගේ අතට රුපියල් 50 ක් දුන්නා , පන්තියේ මසක අයකීරීම් ගාන. දැන් නම් ගණන් පන්තියකට කීයක් ගන්නවද කියලා දන්නේ ටියුෂන් කාරයෝ තමයි. කෝ බ්ලොග් අවකාශයේ නැද්ද ටියුෂන් කාක්කෝ. දන්න එවුන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි උන් නම් කියන්නේ උන් ගේ ඒකාය අරමුණ දැනුම බෙදා ගැනිමයි කෙසේ වෙතත් මුදල් බදාගැනීමයි කියලා :Dමුල්ම දවසේ, අර රුපියල් පනහත් අරන් මං පන්තියට ගිහින් ඉගෙන ගෙන ඔක්කොම කරලා රුපියල් පනහා ටීචර්ට දුන්නා. අනේ ඒ ටීචර් කිව්වා පුතේ සල්ලි එපා කියලා. කියන පරක්කුවට මගේ කලිසම් සාක්කුවට අර රුපියල් 50 ගියා නොවැ. ඕකට කියන්නේ මගේ ලෝබ කමද, ගරුවරියන්ගේ සිත් නොරිදවිමට තියන අකමැත්තද කියලා මට අදටත් තේරුම් ගන්න බැරි උනානේ. ඔය 10.30 පන්තිට ඇරිච්ච ගමන් මං ගෙදර දුවන් එනවා නාට්‍යක් බලන්න. මතකද දන්නේ නැහැ ගංගා සහ නිශ්ෂංක කියලා නාට්‍යක් ගියා, ජාතික රූපවාහණියේ 10.30 ට විකාශන‍ය උනා. මේ නාට්‍ය බලන්න තමයි ගෙදර දුවන් එන්නේ. හැබැයි ගෙදර අවාට ගෙදර ටීවි තිබුණේ නැහැ, ගෙදරින් පොත් ටික දාලා අල්ලපු ගෙදරට ගහින් නාට්‍ය බලනවා.ඔය කියන පන්තිය හා සම්බනද්ව ඊලඟ විශේෂ කතාව එන්නේ එකොළහ වසරෙදි. ඒ වසරෙදි පන්ති වෙලාව මාරුඋනා 10.30 ඉඳන් එක විතර වෙනකල්. ඔය  අතරෙදි මට තව පන්තියක් වැටුනා ඉන්ගිරිසී. කොහොම හරි ඉන්ගිරිසි පන්තියේ වෙලාව මාරු කරගන්න බැරි හින්දා හා මේ ටිචර්ව දන්න අදුනන හින්දා මං කිව්වා ටිචර්ට. මට මේ පන්තිය තියන වෙලාවට එන්න බැහැ, මට ඉන්ගිරිසි පන්තියක් වැටිලා තියනවා කියලා. ඒ පාර ටීචර් කිව්වා දැන් එකොළහ වසර හින්දා වැඩි පුර කරන්න ඔනේ, ඒ හන්දා 10.30 කියන වෙලාවත් වෙනස් කරන්න බැහැ කියලා. ඒ පාර මං කිව්වා ටිචර්ට මටත් මේ වෙලාව බැහැ කියලා. එදයින් එදයි අවුරුදු දෙකක් විතර එක දිගට ගිය ගණන් පන්තිය නවත්තලා දැම්මා. ඇයි හත් දෙයියනේ ශිෂ්‍යක්‍රෙන්ද්‍රීය අධ්‍යපණය පටන් ගත්තෙත් ඔය කාලේ නොවැ. ඊට පස්සේ මං වෙන ගණන් පන්තියකට ගියා, හැබැයි ඒකත් නවත්තලා දැම්මා විභාගයට මාස තුනක් විතර තියලා. ගෙදරට නම් කවිවේ ඒ සර් උගන්නවා හරි නැහැ නැහැ කියලා :Dකොච්චර ගණන් පන්ති ගියත් එකතු කරනවා අඩු කරනවා කියන්නේ මහ වස කම්මැලි වැඩක් :Dඑන සිංහල අවුරුද්දට කලින් සංවිදානය වෙමින් පවතින අවුරුදු උත්සවය ගැන දැනගන්න කැමති නම් මෙතනට ගොඩ වන්නවැප්   ...   වැඩිදුර >>

වස්ගමු සංචාරය Wasgamuwa National Park - පාසල් මිතුරන් සමග   |   වැප් | 2011-01-01 10:32:19.000005
2010 ගෙවිලා ගිහින් 2011 ත් අවා විතරයි. ඒ සතුටත් සමගින් මෙන්න ගිය අවුරුදේ අන්තිමට ගියපු සංචාරය පිළිබඳ සටහනක්. වසර දෙදහස් දහය කියනනේ වැඩිපුරම ලංකාවේ සොඳුරු ඉසව් කරා ගමන් කරපු වසරක් කිව්වොත් ඉතාම නිවැරදියි. මුලින්ම 2010 විනෝද චාරිකා ආරම්භ වෙන්නේ ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු යන මස්කෙලිය චාරිකාවෙන්, ඊට පස්සේ ඒ එක්කම එනවා කූඩාරමක් ඇතුලේ ඉන්න යන බෙලිහුල් ඔය චාරිකවා. මේ දෙකම යන්නේ රැකියා ස්ථානයේ යාලුවොත් එක්ක. ඊට පස්සේ යන්නේ කිතුල්ගල, ඒකට එකතු වෙන්නේ ගුගල් බස් සෙට් එක. වසරේ අවසන් චාරිකාව තමයි වස්ගමුවට යන්නේ.පාසල් අවදියේ සොඳුරු මතකයන් අවදි කරමින්, වසර නමයකට පසුත් පාසල් මිතු දම අලුත් කරමින් වස්ගමු චාරිකව පසුගිය වසරේ දෙසැම්බර් මස 19 හා 20 වෙනි යන දෙදින තුල සිදුවිය. මෙහි විශේෂත්වය වූ කලි, අප සියලු දෙනා හය වසරේ සිට උපෙළ දක්කවා වසර හයකුත්, ඉන්පසු තවත් වසර නමයක් මේ දක්වා ඇති කරගත් ශක්තිමත් මිතුරු දමයි. උදෑසන 3.30 ට පිටත් විමට සිටියත්, යම් යම් ප්‍රමාදයන් කරන කොට 4.30 වන විට ගමන ආරම්භ විය. අපේ නවාතැන් පොළ වූ වස්ගමුව සෆාරි හොලිඩේ වෙත සවස 2 පමණ වන විට ලඟා විය.ඉහතින් දැක්වෙන්නේ අපි විවේක ගත් නිවහනයි. මෙය වනෝද්‍යනාය අසාන්නයේම හෙවත් වනෝද්‍යනය ලඟ ඇති අවසන් නවාතැන වෙයි. ඒ අහල පහල තවත් මෙවැනිම නවාතැන් පොළවල් බොහෝ ඇත. වනාන්තරය තුල සංචාරයට දිනකට අවස්ථා දෙක්ක උදාවෙයි. ඉන් එකක් උදැසන හයටද අනික සවස දෙකටද ලෙස වෙයි. අප එහි ලඟා වන විට සවස් වී තිබූ බැවින් පසුදින එසේත් නැතිනම් 20 වන දින උදෑසන ගමන අපි ‍තෝරා ගතිමු. ඒ අනුව උදැසන හයට අපි ගමන පිටත් වූයේමු.මෙම සෆාරි රථයක් රුපියල් 3000ක මුදලටක ලබාගෙන, එහි පිහිටවූ කවුලුවෙන් අවසර පත්ද රැගෙන වන අරනේ සුන්දරත්වය දැක බලා ගැනිමට පිටත්වුයෙමු. සෑම සංචාරක කණ්ඩායමකට සහායකයකු ලබා දෙයි. එලෙස, උපදෙස් දිමට හා රක්ෂිතය තුල සොඳුරු ඉස්ව් පෙන්විම සඳහා අපට සහාය දැක්වූවේ මහේෂ්ය. යන අතර තුර බොහෝ විස්තර ඔවුන් සපයයි. ඒ අතර තුර සටහන් කරගත් වැදගත් කරුණු ටිකක් මෙසේ සංෂික්පතව දක්වන්නෙමි.බටහිරින් කලු ගඟින්ද, නැගෙනහිරින් මහවැලි ගඟින්ද, උතුරින් අබන් ගඟින්ද වටවි ඇති, අක්කර දසදහසක් පුරා විහිදි යන වස්ගමුව ජාතික වනෝද්‍යනය තුල, අලි ඇතුන්, මොණරුන්, දිවියන්, වලසුන් , මුවන් ,වළි කුකුලන් මෙන්ම විවධ කුරුල්ලන්ද දැක ගත හැක. නමුත් අපේ ඉල්ලකය වි තිබුනේ අලි රංචුවක් දැක බලා ගැනිමයි. එය සපත කරමින් වනයට ඇතුල් වි සුලු මොහොතකින් අලි රැලක් දැකිමට වාසනවා වන්ත වුයෙමු.වසර 2007 දී කරන ලද සංගනනයන්ට අනුව අලි ඇතුන් 3500 ක් ලංකාව පුරා සිටයද මේ වන විට එය 7500 දක්වා වැඩි වී ඇති බව අතර තුර කතා බහේදි දැන ගත හැකි විය. දිනකට කිලෝ 250 ක් පමණ ආහාර ප්‍රමාණයක් ලබා ගැනිමේ අරමුණින්  අලියෙකු කිලෝමිටර් 20 ක් පමණ දුරක් දිනකට ඇවිදින බවද මහේෂ් විසින් පැවසුවේය. තුන්පත් රෑන යන ප්‍රශ්නය පැන නැගුනු විට, එය පැහැදිල කර දුන් ඔහු පැවසුයේ, "අලි අම්මා ලොකුම අලි පැටවා හා පොඩිම අලිපැටියාගෙන් සමන් විත තුන්කට්ටුව" ලෙසිනි. සාමාණ්‍යයෙන් අලි රංචුවක් මෙහෙයවන්නේ ලොකුම අලි ගැහැනු සතා හෙවත් කෙනෙර විසිනි.ඓතිහාසික වශයෙන්ද මෙහි වැදගත් කමක් ඇති බවත්, එයට සාක්ෂි ලෙස  යුදගනවා නම් ස්තානයත් අපට පෙන්වන ලදි. එනම් දුටුගැමුණු කුමරු සේනා සංවිවාධනය හා පුහුණු කල තැනිතලා භුමියයි. යුදගනවා නම් වූ තැනට ඇතින් පෙනෙන්නේ ලකේගල කඳුවැටියයි. එලෙසම මෙම වනෝද්‍යානය තුල බංගලා තුනක් ද ඇත. වෙන් කරගැනිම කොළඹින් සිදුකරගත හැක. කූඩාරම් ගා‍සාගෙන සීටිමටද හැකි වන පරිදි වෙනම උස් කනු යොදා සාදන ලද විශේෂ ස්ථාන ඇත. පහතින් දිස් වන්නේ එවැනි ස්ථානයකි.මීට අමතරව කුරුල්ලන් නැරබිම සඳහාද පීටිකා සකස් කොට ඇත. එවැනි තැනකදි අපේ කට්ටිය ලබා ගත් ජායාරූපයක් පහතින් දැක්වේ. එලෙසම පැත්කින් ඇවිද යන්නේ අපට උපදෙස් සැපයූ මහේෂ්යදහවල් වන විට මොණරුන් මුවන් වලිකුකුලන් හා විවිධ පාක්ෂින් දැක බලා අවසන අප පැමිනියේ ‍කෞතුකාගාරය වෙතයි. එහි විවිද සතුන් ගේ හා වෙනත් තොරතුරුද ඇත. සොඳුරු ගමනක නිමාව සනිහිටුවන් කරමින් වස්ගමු චාරිකාව අවසන් කර නවාතැන් පලෙන් පිටවූ අපේ ඊලඟ සොඳුරු ඉස්ව්ව වූයේ පිටවල පතනයි. පුංචි ලෝකාන්තය හා විඩෙන් විඩ ක්ෂනිකව වෙනස් වන කාලගුණය එහි ඇති සුවිශේෂිත්වයයි. සැනෙකින් මිදුම් වලාවකින් වැසි යන විවෘත භූමියට මොහොතකින් වර්ෂාපතනය කඩා හැලෙයි. එවන් අපූරුව වූ සොබා සෞන්දර්යයෙන් යුත් එහි ක්ෂනික වර්ෂාවකට අපද කොටු වූයෙමු.තවත් මෙවැනිම සංචාරක සටහන් තැබිමට මේ වසරේදි හැකිවේවායි පතමින් මේම ලිපිය අවසන් කරමිවැප්   ...   වැඩිදුර >>

ලංකාවේ මාකටිං/ප්‍රචාරණ සංකල්පය වෙනස් කල යුතුයි.   |   වැප් | 2010-12-26 13:01:32.000006
ඈත අතීතය ගැන කතා පැත්තකින් තියලා මෑත අවුරුදු 20 ක 30 ක ඉතිහාසය හා වර්තමානයේ ලංකාව තුල අලේවිකරණ සංකල්පය හෙවත් මාකටිං පිළිබඳව මට දැනෙන විදිහට එක දිශාවක් ඔස්සේ පමණක් කතා කරන්න තමයි අද හදන්නේ. අලෙවිකරනය එහෙමත් නැත්නම් සරළ භාෂවෙන් කිව්වොත් මාකටිං, බඩු බහිරාදිය විකීණමට පමණක් යොදාගන්න සංකල්පයක් නොවෙයි. අද වන විට ලංකවේ සේවා හෝ විවිධ සමාජීය ව්‍යපෘති සඳහාත් මේ සංකල්පය යොදගන්නවා. සරළ උදාහරණ කිව්වොත් වෙසක් එකට දන්සැලක් දෙද්දි පුවක් ගහක් හිටවනවා සති දෙක තුනකට කලිං. නැත්නම් බැනර් එක්ක දානවා පාර පටන් ගන්න තැනින්. දේශපාලනයට බර දන්සැලක් නම් රූපවාහිණියේ ගුවන් විදුලි මධ්‍යත් යොදාගන්නවා. දන්සැල කියන සරළ ප්‍රදේශයකට පමණක් සීමා වෙච්ච දෙයක් , මුලු ලංකාවම දැනුවත් කල යුතු දෙයක් නොවෙයි. නමුත් ප්‍රචාරණය තුලින් වෙනත් ලාභ ප්‍රයෝජන තකා තමයි ප්‍රචාරණයට පහසු වෙනත් මධ්‍ය භාවිත කරන්නේ.මෙන්න උදාහරණ ටිකක් ලාංකාව් වර්තමානයේ කොහොමද විවිධ ආයතන තම තමුන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රචලිත කරගන්නේ හා වර්ධනය කරගන්නේ කියලා.1.ශ්‍රී එෆ් එම් - කනා මැදිරි රාත්‍රිය.නාගරිකයන්ට හා අර්ධ නාගරිකයන්ට මේක ඇහෙන කොට හරියට නිකන් නයාට අඳුකොළ වගේ. නමුත් තවමත් ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ඝනත්වය වැඩියි. ඒම නිසා යම් යම් නිරික්ෂණ සංගනන හෝ විශ්‍ලේෂනයන්ට අනුව තවමත් ගුවන් විදුලිය අසන බොහෝ රසිකයෝ ඉන්නේ ගම් වල. ඒ අය දිවා කාලයේදි කෘෂිකාර්මික කටයුතු කරලා හවස් වෙද්දි ගෙදර ඇවිත් කාන්සිය මාන්සිය යන්න ගුවන් විදුලිය තමයි යොදාගන්නේ. මේන්න මේ සරල හිඩැස පුරවන්න ශ්‍රී එෆ් එම් එකට පුලුවන් උනා. එකනේ දැන් ඔය තව වෙනත් නාලිකාත් ඒ වැඩේම පටන් අරන් තියෙන්නේ.2.අලියා බීම පොඩි ලොකු බෝතල්බීම හෝ පැනි බිම කියන වර්ගයන් බොහෝ අලේවි වෙන්නේ පායන කාලවලට, මෙන්න මේ කාලෙට අලිය මිලි 400 බෝතල් කඩ වල අඩුයි. හැබැයි අර පොඩි බෝතලය ඕන තරම්  තියනවා. මිලි 400 බෝතලය දෙන්නෙක් අරං බිව්වට, අපේ එවුන්ට පුලුවන්ද ‍පොඩි බෝතල් එකක් දෙකට බෙදාගන්න. ඒ හන්දා අනිවර්යයෙන්ම ‍ලොකු බෝතල් නැති හින්දා ඒ වෙනුවට පොඩි බෝතල් දෙකක් ගන්නවා,  දෙන්නෙක් මේ පායන කාලයක කඩේට ගියොත්.3.එකක් ගන්නකොට තව එකක්තීන්ත විකුණන ප්‍රසිද්ධ සමාගමක, තින්ත හදද්දි එක් තීන්ත කලවම් කරන බැරල් එකකට දඩූ ලේනෙක් වැටුනලු. දැන් මේ තින්ත බැරලයේ පුරාවට දඩු ලේන් මයිල්. මේක විසික් කරන්නත් බැහැ. ඒ හන්දා ඒක වෙළඳ පොළට නිකුත් කලා, තීන්ත ලීටරක් සමග තීන්ත ගාන බුරුසුවක් කියලා. ඉහතින් සඳහන් කලේ විවධ වර්ගයට අයත් සරල උදාහරණ තුනක්. ඒ ඒ අයාතනයන් කොහොමද තමුන්ගේ ජනප්‍රියතාවය හෝ අලෙවිය වැඩි කරගන්නේ යම් යම් උපක්‍රම මගින් කියලා. පේනවා නේද කූට උපක්‍රමත් තියනවා කියලා.දැන් බලමු ලංකාව තුල කොහොමද විවධ වූ සාමාජීය ස්තරයන් පවතින්නේ කියලා. වැඩිපුරම ඉන්නේ රූපවාහිනයට ඇබ්බැහි වුනු පිරිසක්, ඊලඟට ගුවන් විදුලිය, තව කොටසක් පුවත් පත්. දැන් දැන් ගොඩ නැගෙමින් පවතින හා ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින්නේ අන්තර්ජාල මධ්‍ය. මේ එක් එක් මධ්‍ය කරා රොක් වෙන පිරිස සිතන පතන ආකරය වෙනස්. එම නිසා ඉදිරියේදි ආයතන හා සංවිධාන වලට එන ප්‍රධාන ගැටලුව තමයි, මේ එක් එක් ස්තර සඳහා වෙනස් වූ උපක්‍රම භාවිතය. මොකද එකම දේ උනත් මාකට් කරද්දි භාවිත කරන ප්‍රචාරක උපක්‍රම වෙනස් වෙන්න ඔනේ.සරළ උදාහරණයක් මේ විදිහට කිව්වොත්, දැන් ඔය සංගීත ප්‍රසංග තියනවානේද? බලන්න ගායකයන්ගේ නම් දාද්දි කොහොමද දාන්නේ. තාරුණ්‍යය/ බස් සින්දු / සම්භාව්‍ය ගීත / සරල / රාගීක මේ ඔක්කොම කලවමේ. එතකොට ඒ ඒ අය එන්නේ ඒ ඒ අදලා කොටස සඳහා. නමුත් අන්තිමේදි සෙනග පිරිලා සංගීතේ බලන්න.අලෙවිකරණයත් සාර්තක වෙන පාරිභෝගිකයත් නොරු‍වටෙන ප්‍රචාරණයේත් හොඳම පල ප්‍රයෝජන ගැනීමට නම් සිදුවිය යුතු එකම දේ සමාජය දැනුවත් වීමයි. බලන්න දැන් සමහර උදාහරණ තියනවා සමාජයේ පතුලට කිඳා බැහැලා, සෙරප්පු කිව්වොත් - බාට දෙක කියලාඔලුව කැක්කුම - පැනඩෝල්ජංගම දුරකතන - සෙල්ටෙල් - මේක නම් පරණ එකක් දැන් නම් සෙල්ටෙල් කියන දේ මේ කජු කිරි කොල්ලෝ දන්නවයෑ :D කූජීත චැනල් එක - සිරස :Dඅපිට අදාලවඅන්තර්ජාලයේ සෙවිම් - ගුගුල් කරනවාබ්ලොග් අවකාශය තුල පරණ සින්දුවක් නම් - හද ගී පොතෆිල්ම් එකක් නම් - බයිස්කෝප්බේබදු නම් - මේවා පුරවගන්න :Dඉහත උදාහරණ වල වැදගත්ම එක තමයි සෙල්ටේල් කියන එක. ඔවුන් එච්චර තැනක් තිබිලත් ඒ තැන රැකගන්න බැරි උනා. මේ ලිපියෙන් කිය උනේ දැනට තියන තත්වය, ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් කොහොමද අලුත් සංකල්ප තුලින් එක් එක් ස්තරයන් ජයගන්නේ කියලා. හැබැයි ඉතින් මගේ දැනුම පාරසය තුල පමණයි ඕන් :Dවැප්   ...   වැඩිදුර >>

අවුරුද්දක් ගෙවී ගිය වගයි !   |   වැප් | 2010-12-24 05:25:24.000004
අහඹු ලෙස සිංහල බ්ලොග් කරණය යොමු වූ මම අද දිනයේ ප්‍රථම වර්ෂ පුර්ණය සමරමි. මීට හරියටම වර්ෂයකට පෙර, එනම් වසර 2009 දෙසැම්බර් මස 24 වන දින වැප් යන නමින් සිංහල වියණුවක් ඇරඹුවෙමි. වසරක් ගෙවි යන අද දින මෙයට අලුත් ඇඳුමක් සොයා දුන් රොකියා විශේෂ ස්තූතියක් පුදකරමි. මීට අමතරව මගේ බ්ලොග් කෙරුවාව යන ලිපිය මගින් මෙයට ශක්තියක් වූ බොහෝ පිරිසකට මාගේ හෘර්දයාන්ගම කෘත වේදිත්වය එදවස එසේ පුද කළෙමි.සිංහල යුනිකොඩ් ගැන වසර 2008 සිට දැන සිටියත් සිංහල බ්ලොග් අවකාශයක් ගැන දැන නොසිටියෙමි. මුලින්ම  සිංහල ලිපි සොයා ගනු ලැබුවේ ගූගල් හි සිංහල කියා සෙව්මක් කිරීමෙනි. එහි එන බ්ලොග් ලිපි මුලින් මුලින් රසවින්දෙමි. ඉන්පසු අහම්බෙන් මෙන් සිංහල බ්ලොග් කියවනය හමු විය. සිංහල අලුත් ලිපි සොයාගැනිමට පහසු මගක් වූ සිංහල බ්ලොග් කියවනය ඉන් පසු සෑම උදෑසනකම පරිගනක තිරය මත දිගහැරි ගියේ පුරුද්දක් ලෙසටය.ඉන්පසු කොත්තු අඩවියද මේ සඳහා යොදාගතිමි.  2009 ඔක්තොම්බර් මස මුලින්ම බ්ලොග් සඳහා ගූගල් හි ලියාපදිංචි උනත් බ්ලොගයක් ඇරඹෙන්නේ ඉන් මාස තුනකට පසුවය. එදා බ්ලොග් කියවීමෙන් ලද පන්නරය මාගේ බ්ලොග් ගමනට ශක්තියක් වි ඇත.විවධ වූ වර්ග යටතේ මසකට ලිපි හතරක් හෝ පහක් දැමිම සමාන්‍ය සිරිත උනත් පසුව එය මසකට දෙක දක්වා අඩුවි ගියේ අදික කම්මැලිකම නිසා බව ඉතා කණගාටුවෙන්  වුවත් කිව යුතුමය. මා අතින් ලියැවුනු ලිපි අතරින් වඩාත් තෘප්තිමත් වන කව්‍ය නිර්මාණය " මේ ඇයමද? " වන අතර ගද්‍ය නිර්මාණය "කම්මැලියෙක් කතා කරයි  "  ලෙසද, "ජජාජී" වෙනස්ම නිර්මාණයක් බවද කීම නිවැරදිය. සියලුම නිර්මාණ මට ඔනැ විදිහට කරන අතර ඒ අතරින් කරනු ලැබූ දුර්වලම ලිපිය නම් "මේක මේ විදිහට කිව්වෝත්" වෙයි. වඩාත් අන්දෝලනාත්මක හා විවාදාත්මක මෙන්ම අලුත් සංකල්පයක උපත සිදුවන්නේ "උබට කියන්නේ ඔව් ඔව් උබට තමයි .... ඇවිත් බලපං " ලිපිය සමගිනි.මගේ බ්ලොග් කෙරුවාවේ ආපසු හැරී බැලීම මෙතනින් සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් ඉදිරිය බලන්න :Dවැප්   ...   වැඩිදුර >>

මව්රට,සිංහලයා, බුදුදහම හා සෝම හිමි.   |   වැප් | 2010-12-11 14:52:09.000005
මීට වසර හතකට පෙර (2003 දෙසැම්බර් 12), ලාංකීක සිත් තුල සදාකාලික මතකයක් තබමින් අප අතරින් සමුගත් ගංගොඩවිල සෝම හාමුදුරුවන් හට නිර්වාණ සුවය පතමින් මෙම ලිපියේ ආරම්භය මෙසේ සටහන් කරමි. උන්වහන්සේගෙන් අප සමාජයට වූ සේවවා අතිමහත්ය, නමුත් ඒ පිළිබඳ කතා කරනවාට වඩා මා සෝම හිමියන්ගේ අදහස් මත කෙසේ නම් වෙනස් වූවේද යන්න මෙසේ සටහන් කරන්නෙමි.සාමන්‍යයෙන් සෑම අයෙක්ම, තම ජීවිතය තුල විරුවන් ලෙස ඉතා සීමිත පිරිසක් විශ්වාස කරනවා මෙන්ම ඔවුන් පසු පස ගමන් කරයි. ඒ අනුව බුදු දහම , සිංහල ජාතිය හා මගේ මව් රට පිළිබඳ නව දැක්මක් එක් කල ගංගොඩවිල සෝම හිමිපාණෝ රට දැය සමය යන කාරනා පදනම් කරගෙන මාගේ ගුරුවන්නේය. මටත් ජාතියක් ඇත මටත් දර්ශනයක් ඇත මටත් රටක් ඇත යන අභිමානය, අවබෝදයෙන් කෙසේ නම් භාවිත කරන්නේද යන්න මොනවට පැහැදිලි කරදිම මා ලැබූ භාග්‍යක් කොට මම සළකමි.  බුදු දහම තුල ඇති මිත්‍ය මත හා බො‍රු ආටෝපයන් ඉවත් කරමින් ගෙන හැර දැක්වූ ධර්ම දේශනා අදටත් මතකයේ එලෙසම රැඳි ඇත. ස්වාධින රූපවාහිණියේ විකාශය වූ අදුරෙන් එළියට වැඩසටහත් ඉන්පසුව ‍ටිඑන්එල් හි විකාශය වූ ධර්ම ප්‍රදීප වැඩසටහනත් නොවරදාවම බැලුවෙමි.‍ උපතින්ම බෞද්ධයෙකු වූ මා සෝම හිමියන්නේ දේශනා කරන කොට, බුදු දහම යනු කුමක් දැයි මට තේරෙන ප්‍රමාණයට ග්‍රහණය කරගතිමි. සියලු අන්‍ය ආගම් හා දර්ශණයන්ට ගරු කරමින් බුදුදහමට හිමිවිය යුතු තැන සලසා දිමට  හා එයට අනවශ්‍ය ලෙස බලපෑම් කිරිමට තැත් කරන මූලධර්මවාදීන්ට එරෙහිව නැගීසිටිම කෙසේ කලයුතුද යන්න මනා කොට උන්වහන්සේ වදාළ සේක. දේව සංකල්පය විස්තර සහිතව ඉදිරිපත් කිරිම හා බුදු දහමට ඇති සම්බන්දය අර්ථ කතනය සමාජය තුල නව පෙරළියක් කළහ. සිංහලයා යනු කවරෙක්ද? සිංහ‍ලයෙක්ව ඉපදිම පුරුවේ කර්මයක්ද? අනාගතයේදී සිංහලයාට සිදුවන්නේ කුමක් දැයි යන අදහස් ඉතාමත් නිර්භිත ලෙස සමාජ ගත කල උන්වහන්සේගේ හදිසි අභාවය තවමත් අභිරහසකි. උන්වහන්සේගේ ජාතිකත්වය පිළිබඳ අදහස ජනතාව අතරට යාම ත්‍රස්තවාදය මැඩලීම සඳහා පිටුබලයක් වූ බව කිව යුතුමය. නුදුරු අනාගතයේදි සිංහල ජාතිය වැනසෙන ආකාරය හා නැතිවී යාම ගැන මනා අවබෝධයකින් යුතුව ඉදිරිපත් කල අදහස් අප හිත් තුල ජාතිය පිළිබඳ ආදරයක් හා අභිමනයක් මෙන්ම දැඩි කණගාටුවක්ද ඇති කලහ. දැන් දැන්  එය සිදුවන බවට ඇස්පනා පිටම සාක්ෂි ඇත. ලෝකය පුරා සිටින සියලු සිංහලුන්ට ඇති එකම මව් රට ශ්‍රී ලංකාව පමණි. එබැවින් එය රැක ගැනීම හා සුරක්ෂිත කොට අනාගතපරපුරට දායද කිරිම වර්තමාන සිංහලයාගේ  යුතු කමක් හා වගකීමක් වන බව දැඩි ලෙස අවධාරණය කිරිම උන්වහන්සේ නිතර තම දේශණ වල මාතෘකාව කොට ගන්නා ලදී.බහු වාර්ගික, බහු ආගමික බවට තර්ක කරමින් සිටි අමුතු පිරිසකට දැඩි බලපෑමක් එල්ල කිරිමට හැකිවූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අවසානයේදි, උන්ගේම ක්‍රමන්ත්‍රණයකට අසුවී අපවත් වීම සිංහලයෙකු බෞද්ධයෙකු ලෙස දැඩි කම්පනයක් ඇති කල සිදුවීමකි. ඔබ වහන්සේගේ මග ගත් තරුණ කැලක්, අද මගේ මව් රට පෝෂණය කරමින් සිටින බව මහත් වූ ආඩම්බරයෙන් මෙසේ සටහන් කරමි. මම සිංහල බෞද්ධයෙක් වෙමි ...........පෙර ලිපිසෝම හාමුදුරුවෝ 2009/12/24වැප්   ...   වැඩිදුර >>